SMEs වෙත පහසුකම් සැලසීම හා දිරිමත් කිරීම පිළිබඳව NDB සමඟ විශේෂ සාකච්ඡාවක්

Spread the love

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට පහසුකම් සැලසීම සහ දිරිමත් කිරීම සඳහා සංවිධානය කරනු ලබන වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් ජාතික සංවර්ධන බැංකුව (NDB) සමඟ මාර්තු මස 28 වැනි දින පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ, සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ඔෂානි බෝධිවංශ, තොරතුරු තාක්ෂණ නිලධාරී බී. කේ. ගයනි, ජාතික සංවර්ධන බැංකුවේ (NDB) නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී කේ. බී විනෝජ්, නියෝජ්‍ය සභාපති (SME අංශය) ඉන්දික රණවීර, සහකාර උප සභාපති (විකුණුම්) සමීර සෙනරත්, ප්‍රධාන කළමනාකරු නිලේන්ද්‍ර විතානගේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කළමනාකරු ජනක මීපාගල ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *