
SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්යමණ්ඩල සාමාජිකයන් දැක්වූ අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි.
බැංකුවේ සාර්ථකත්වය ඉලක්ක කරගනිමින් බැංකුව තුළ අභිප්‍රේරණාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීමටත් සිය කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන මෙහෙවර ඇගැයීමට ලක් කිරීමටත් බැංකුව දක්වන උනන්දුව හා කැප වීම මේ මඟින් තහවුරු විය. කැපී පෙනෙන කාර්යසාධනයක් ප්‍රදර්ශනය කළ SDB බැංකුවේ කළුතර ශාඛාව පසුගිය වසරේ වඩාත් සක්‍රීයම බැංකු ශාඛාව ලෙස ඇගැයිණි.
මීට අමතරව මධ්‍යම පළාත, වයඹ පළාත සහ උතුරු මැද පළාත හොඳම කාර්ය සාධන කලාප කාණ්ඩ ලෙස පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා ලද අතර, සම්මාන කාණ්ඩ 30කට අධික ප්‍රමාණයක් සහ සියලුම සහාය දෙපාර්තමේන්තු සඳහා ඇගයීම් සම්මාන ප්‍රදානය කෙරිණි.