
“ව්‍යවසායකත්වය යනු අත්හදා බැලීම් පිළිබඳ හැකියාවයි. සාර්ථකත්වයේ සම්භාවිතාව අඩු, අතිශයින්ම විකෘති සහ ආයෝජනයක් සිදු කරන තුරු එය දැනගත නොහැකි ය.”
ආසියාව පුරා දශකයකට අධික කාලයක් ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසු මම මෙම ප්‍රකාශය කරමි. එය අපහසු කරුණකි, නමුත් යථාර්ථය නම් ‘සෑම කෙනෙකුම ව්‍යවසායකයෙකු වීමට ගොඩනගා නැති‘ බවයි.
අසාර්ථක වීමෙන් පසු නැවත නැඟිටීමේ හැකියාව, ‘එය කරන අය සහ නොකරන අය අතර තීරණාත්මක සාධකය‘ යි. එය බුද්ධිය, අරමුදල් සැපයීම හෝ හොඳම අදහස තිබීම ගැන නොවේ. එය ඔරොත්තු දීමේ හැකියාව / resilience ගැන ය. ඔබ පළමු වරට ඇද වැටෙන විට ඔබ ප්‍රතික්‍රියා කරන ආකාරය ‘මෙම මාර්ගය ඔබට සුදුසු ද ?‘ යන්න පිළිබඳව සියල්ල ඔබට කියනු ඇත.
අපි (මම) 2016 දී ATEC ආරම්භ කරන විට ‘ජීවිත වෙනස් කරන විසඳුමක්‘ අප සතුව ඇති බව අපි විශ්වාස කළෙමු. සාම්ප්‍රදායික, දූෂිත ඉවුම් පිහුම් තාක්ෂණය වෙනුවට දේශගුණික විපර්යාස සහ ගෘහ ආදායම කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි පිරිසිදු ඉවුම් පිහුම් තාක්ෂණයක් අප සතු බව විශ්වාස කළෙමු.
අනාගතය පැහැදිලි සහ අති විශාල වූ නමුත් යථාර්ථය ඊටත් වඩා දුෂ්කර විය. කාම්බෝජයේදී, සැක සහිත ගනුදෙනුකරුවන්ගේ සිට සැපයුම් දාමයේ බියකරු සිහින දක්වා සියල්ලටම අපි මුහුණ දුන්නෙමු. සමහර අවස්ථාවලදී ඉදිරියට යාමට නොහැකි බවක් දැනුනි.
ඒ සත්‍යයේ බොහෝ අවස්ථාවන්හි පළමු අවස්ථාවයි. අත්හැරීම, නැතහොත් ඉදිරියට යාමට මාර්ගයක් සොයා ගැනීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගත යුතු විය. අපි අනුවර්තනය වීමට, අපගේ ගනුදෙනුකරුවන්ට සවන් දීමට, අපගේ ආකෘතිය යළි ප්‍රතිනිර්මාණය කිරීමට සහ පසුව සාර්ථකත්වයට යන මාර්ගයට පිවිසීමට තෝරා ගත්තෙමු.
නමුත් ඔරොත්තු දීමේ හැකියාව එක් වරක් පමණක් ප්‍රමාණවත් නොවේ, එය නිරන්තර පරීක්ෂණයකි. වසර 10ක් පමණ, ඩොලර් මිලියන 10කට වඩා ආයෝජන සහ පසුව ජීවිත 100,000ක් බලපෑමට ලක් වූ නමුත් මම තවමත් සෑම දිනකම පරීක්ෂාවට ලක් වෙමි. එය මුල් දිනවලටත් වඩා වැඩි විය හැකිය.
2019 අවසානයේ අපගේ දෙවන වෙළඳපොළ ලෙස අපි බංග්ලාදේශයට ව්‍යාප්ත වූ විට අපි බොහෝ දුෂ්කර පාඩම් ඉගෙන ගත් බව අපට විශ්වාසය. එහෙත්,අපට නව අභියෝගවලට මුහුණ දීමට සිදු විය. අනපේක්ෂිත නියාමන ගැටලු, ඉටු නොකළ හවුල්කාරිත්ව පොරොන්දු සහ සම්පූර්ණයෙන්ම පරිවර්තනය නොවූ බෙදාහැරීමේ ආකෘතියක් අප අභියස විය.
ඊට පසුව Covid-19 පැමිණියේය. නැවතත් පීඩනය යටතේ නැමෙනවා ද නැතිනම් වෙනත් මාර්ගයක් සොයා ගන්නවාද කියලා තීරණය කිරීමට අපට සිදුවිය. ඒ වගේම නැවතත් ඔරොත්තු දීමේ හැකියාව වෙනසක් ඇති කළේය. ආරම්භක බඳවා ගැනීමේ ස්වර්ණමය රීතිය අනුගමනය කරමින් (ඔබේ පළමු කුලියට ගැනීම ඔබට සොයා ගත හැකි හොඳම පුද්ගලයා බව සහතික කිරීම) තත්ත්වයට මුහුණ දීමට අපට හැකි වුණා.
අසාර්ථක වීමෙන් පසු නැගී සිටීමේ හැකියාව සෑම කෙනෙකුට ම ඇති දෙයක් නොවේ. සමහර අය එම මාර්ග බාධකයට මුහුණ දී ව්‍යවසායකත්වය ඔවුන්ට සුදුසු නොවන බව තීරණය කරති. එය හරි. සෑම කෙනෙකුම මෙම ජීවිතයට සුදුසු නොවේ. නමුත් අපට සමාජයේ විවිධ පුද්ගලයින් අවශ්‍ය වේ.
නමුත් ඔබ වැටුනොත්, සහජයෙන්ම නැවත නැඟිටීමට පෙළඹීමක් දැනෙනවා නම්, ඔබ වැරදුණු තැන නිහතමානීව පිළිගෙන නැවත උත්සාහ කරන්න, ඒක තමයි ඔබ ව්‍යවසායකයෙකු වීමේ පැහැදිලි ලකුණ. ඔබට මෙය උපතින්ම ලැබිය හැකිය, නැතහොත් එය ඉගෙන ගත හැකිය. එය සොයා ගැනීමට ඇති එකම ක්‍රමය ‘උත්සාහ කිරීමේ සහ අසාර්ථක වීමේ අපහසුතාවයට ඔබව තල්ලු කිරීම‘යි.
ඔබ මෙය කර දිවි ගලවා ගන්නේ නම් නිසැකවම ඔබ ව්‍යවසායකත්ව මාවතේ ගමන් කරයි. නමුත් කරුණාකර ඔබගේ ඊළඟ සමාජ මාධ්‍ය සටහන සඳහා උත්කර්ෂයට නැංවූ සාර්ථක කතා සුරකින්න. සැබෑ ව්‍යවසායකත්වය උත්කර්ෂවත් නොවන බව සෑම (සැබෑ) ව්‍යවසායකයෙකුම ගැඹුරින් දන්නා යථාර්ථයයි. එය රිදවයි… නමුත් අපි වෙනත් කිසිවක් නොකරමු.
කතුවරයා ATEC Global හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වේ.