
දේශීය ව්‍යවසාය අංශය සවිබල ගැන්වීමේ කටයුත්ත සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් සම්බන්ධ කරගැනීමට ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.
ඒ යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් කාන්තා ව්‍යවසායකයින්ට උපදේශනය සැපයීම, ඉගෙනුම් ක්‍රියාවලියට සහාය වීම සහ ජාලකරණය ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති smeconnect.lk වෙබ් අඩවිය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුළ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ LB finance ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් මාර්තු මස 03 වැනි දින අත්සන් කරන ලදී.


මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ජාතික ව්‍යවසා සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතාත්, LB finance ආයතනය වෙනුවෙන් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතාත් සහභාගි වූ අතර අප අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ඔෂානි බෝධිවංශ මෙනෙවිය, තොරතුරු තාක්ෂණ නිලධාරී බී.කේ ගයනි මහත්මිය, LB finance ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරවරුන් වන සමීර වන්නිනායක මහතා සහ තුසිත වික්‍රම මහතා, Deloitte ආයතනය නියෝජනය කරමින් ෂෙරිල් ද ජෝන්ක් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.