NDB – TradeLinc සමඟ සැපයුම් දාම මූල්‍යයේ විප්ලවීය වෙනසක්

Spread the love

ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින්, සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Finance) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීයව නිර්මාණය කරන ලද පද්ධතියක් වන TradeLinc හඳුන්වා දීම NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කරයි.

රට තුළ ක්‍රියාත්මක ඩිජිටල් පරිවර්තනයට සමගාමිව සහ ශ්‍රී ලාංකීය ව්‍යාපාර සහ ඔවුන්ගේ හවුල්කරුවන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය ගැළපෙන විසඳුම් දීම සඳහාම නිර්මාණය කර ඇති TradeLinc පද්ධතිය NDB බැංකුවේ මූල්‍ය තාක්ෂණයේ නව මිනුම් දණ්ඩක් නිර්මාණය කරයි. අන්තර්ජාතික පද්ධති මෙන් නොව TradeLinc සැපයුම් දාම මූල්‍යකරණයේ පිරිවැය කාර්යක්ෂමතාව සහ නම්‍යශීලි විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාර මුහුණ දෙන සුවිශේෂී අභියෝග ජය ගැනීමට ද පහසුකම් සැලසේ.

මේ නවෝත්පාදන ප්‍රවේශය ජාතික වශයෙන් පිළිගැනීමකට ලක් වෙමින් තාක්ෂණික ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උලෙළක් වන National Best Quality Software Awardsහිදී (NBQSA) සම්මානයටද පාත්‍ර විය. ගෝලීය තරගකාරීත්වය පවත්වාගෙන යමින්, දේශීය අවශ්‍යතා සපුරාලන අන්තර්ජාතික මට්ටමේ විසඳුම් දීමෙහි NDB බැංකුවේ ඇති කැප වීම මේ සම්මානය මඟින් තහවුරු කෙරේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *