NDB බැංකුව SLIIT ව්‍යාපාරික පාසල සමඟ හවුල්වේ

Spread the love

NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත්‍රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි.

මෙම උපායමාර්ගික හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ දැනුම බෙදාගැනීම, කර්මාන්තයන්ට අදාළ පුහුණු ලබා දීම සහ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණය මත පදනම් වූ ව්‍යාපාරික පරිසරයේ ප්‍රායෝගික අත්දැකීම ලබාදෙමින් විශිෂ්ටත්වයට පත්වීමට අවශ්‍ය කුසලතා ඔවුන් තුළ බිහි කිරීමයි.

SLIIT ව්‍යාපාරික පාසලේ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරේන් පීටර්ස් සහ NDB බැංකුවේ උප සභාපති, මානව සම්පත් – ලසන්ත දසනායක මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබන ලද අතර, ආයතන දෙකෙහිම ප්‍රධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය- මෙම සහයෝගීතාවය හරහා සිසු සිසුවියන්ට සීමාවාසික පුහුණුව, පුහුණු වැඩසටහන් සහ සාමූහික පර්යේෂණ ක්‍රියාකාරකම්, නවෝත්පාදනයන් බිහි කිරීම සහ ඔවුන්ගේ කුසලතාවන් වර්ධනය කිරීම ඇතුළු අවස්ථා රාශියක් හිමිකරදෙනු ඇත-

විශ්වවිද්‍යාලවල ධාරිතාවය ඉහළ නැංවීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා NDB බැංකුව මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී තිබේ- එවැනි හවුල්කාරිත්වයන්ට එළඹීම මඟින්, NDB බැංකුව සිසුන්ට ක්ෂේත්‍රයට අදාළ පුහුණුවක් සහ එහි ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමත් අරමුණු කරයි. මෙම හවුල්කාරිත්වය සිසුන්ට සහ තරුණ වෘත්තිකයන්ට පමණක් නොව බැංකුවට සහ සමස්ථයක් වශයෙන් ප්‍රජාව සඳහා ද නිර්මාණය කරන මෙවැනි අවස්ථා පිළිබඳව NDB බැංකුව නිබඳවම දායක වේ. SLIIT ව්‍යාපාරික පාසල සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයට ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ දීප්තිමත් අනාගතයක් හැඩගැස්වීමට අඛණ්ඩව සම්බන්ධ වීමට බැංකුවේ අපි බලාපොරොත්තු වන්නෙමු.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *