එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ 75 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

Spread the love

ක්‍රිමිරාජ කරල්, ගුළි ඇතුළුව ක්‍රිමිරාජ නාමය යටතේ ගුණාත්මක ආයුර්වේද ඖෂධ බෙහෙත් නිෂ්පාදනය කරන දිවයිනේ කීර්තිමත් ආයුර්වේද සමාගමක් වන එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ ආයුර්වේද දිවියේ 75 වැනි සංවත්සරය සමරයි.

කෘත්‍රිම රසායනවලින් තොරව ස්වාභාවික අමුද්‍රව්‍යවලින් පමණක් ආයුර්වේද නිෂ්පාදන සිදු කරන ක්‍රිමිරාජ නාමය ජනතා විශ්වාසය ඉහළින්ම දිනා ඇත. තම පියාගෙන් ලැබූ ක්‍රිමිරාජ නාමය අතීතයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද වසර 75ක් වැනි දීර්ඝ කාලයක් පවත්වා ගෙන යාම පිළිබඳව තමා අතිශය සතුටට පත් වන බව එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ අධිපති මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වික්‍රමාරච්චි ආයුර්වේද විදුහලේ හිටපු විදුහල්පති මහාචාර්ය සුමනරත්න අමරතුංග මහතා පවසයි. විදෙස් ශ්‍රමිකයන් තුළ පවා ක්‍රිමිරාජ නාමය ප්‍රචලිත වී ඇති බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වන බව මහාචාර්ය සුමනරත්න අමරතුංගගේ මතයයි.

අමුද්‍රව්‍යවල අධික මිල ක්‍රිමිරාජ ආයතනයටද නිෂ්පාදන ක්‍රියාවලියේදී දැඩි ලෙස බලපා ඇති බව පවසන මහචාර්ය සුමනරත්න අමරතුංග රජය මැදිහත් වී මෙයට විසඳුමක් සපයනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසීය. වසර 75ක් වැනි දීර්ඝ කාලයක් පවත්වා ගෙන ආ ක්‍රිමිරාජ නාමය චිරාත් කාලයක් පවතිනු ඇතැයි තමා විශ්වාස කරන බව වැඩිදුරටත් පැවසූ මහාචාර්ය සුමනරත්න අමරතුංග පාරිභෝගිකයන්ටත්, සේවක මණ්ඩලයටත් මෙහිදී කෘතවේදීත්වය පළ කළේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *