
බොහොමයක් ක්ෂේත්‍ර තුළ ව්‍යාපාරික අවස්ථාවන් රැසක් දැකගත හැකි වේ. පුද්ගලයෙකුගේ සහජ හැකියාව ව්‍යාපාරයක් ආරම්භකර පවත්වා ගෙන යාමට ලැබෙන විශේෂ අවස්ථාවකි. එසේම නිවැරදි මාර්ගෝපදේශයක් යටතේ අවබෝධයකින් යුතුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ද හැකියාව පවති යි. එහෙත් මෙරට ආර්ථිකයට තවමත් වැඩි දායකත්වයක් සපයන කෘෂිකර්මාන්තය ආශ්‍රිතව කෘෂි ව්‍යාපාරිකයින් ලෙස ඉදිරියට පැමිණෙන්නේ ඉන් අතලොස්සක් වීම සමාජය හමුවේ දැකගතහැකි ගැටලුවකි.
ඉතා වෙහෙස මහන්සියෙන් උපයන ධනයෙන් යම් ප්‍රමාණයක් හෝ ආයෝජනය කර කෘෂි ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය දැනුම කෘෂි ප්‍රජාව අතුරෙන් බහුතරයකට නොතිබී ම එයට මූලික හේතුවකි. කෙසේ වුව ද ඒ සඳහා උත්සාහයක් ගන්නේ නම් ඔවුන් අතුරෙන් යම් කිසිවෙකුහට කෘෂි ව්‍යාපාරිකයෙක් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වීම එතරම් අපහසු නොවේ.
ඔබගේ ව්‍යාපාර සැලැස්ම කුමක්ද ?
කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන හැසිරවීම වැඩි අවදානමක් ඇති ක්ෂේත්‍රයක් හෙයින් ඒ උදෙසා විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණු කිහිපයකි. සාමාන්‍යයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය විසින් අසන ප්‍රශ්නයක් ඇත. ‘ඔබගේ ව්‍යාපාර සැලැස්ම / Business plans කුමක්ද ?’ යන්නයි. ව්‍යාපාර සැලැස්ම යන වදන බැලූ බැල්මට ඉතා සරල වුවත් ඒ යටතේ කෙරෙන විවරණයට සුවිශේෂී වටිනාකමක් පවතී. නිසැකවම ඔබේ ම කෘෂි ව්‍යාපාරයක් දියත් කරන්නේ නම් ඔබ එම ව්‍යාපාරය පිළිබඳව සැලැස්මක් සකස් කිරීම ගැන
සලකා බැලිය යුතුවේ. ඔබ ඇරඹීමට බලාපොරොත්තු වන හෝ පවතින ව්‍යාපාරයක් ඉදිරියට සංවර්ධනය කර පවත්වා ගෙන යන ආකාරය පිළිබඳ දැක්මක් එමගින් පිළිබිඹු කෙරේ. එය ඔබ අපේක්ෂා කරන අරමුණු මෙන්ම ඒවා සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන ආකාරය දැක්වෙන උපාය මාර්ගික ලේඛනයක් ලෙස හැඳින්වීමට ද හැකි වේ.
එහෙයින් ඔබ කෘෂි ව්‍යාපාර සැලැස්මක් ගොඩනගන විට එහි සාර්ථකත්වය සඳහා මාර්ග සිතියමක් / Roadmap පළමුව නිර්මාණය කරගත යුතු වේ. එහි දී අරමුදල් සම්පාදන, මූල්‍ය ගැටලු / Finances Issues, මෙහෙයුම් ගැටලු Operational Issues සහ අලෙවිකරණය / Marketing Strategies වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකළ යුතු වේ. ඒ අනුව ඔබගේ අරමුණු, ඔබ ඉලක්ක කරන වෙළඳපොළේ ස්වරූපය සහ ඒ කෙරෙහි ඉදිරිපත්විය හැකි අභියෝග මෙන්ම අවස්ථාවන් / Opportunities පිළිබඳ පූර්ණ අවබෝධයක් ඔබ සතුවිය යුතු වේ. මෙහි දී ඒ කෙරෙහි ඔබ දක්වන උද්‍යයෝගය / Enthusiasm නිසැකවම ප්‍රයෝජනවත් වුව ද නිශ්චිත දිශානතියකින් තොරව එය සැකසීමට නො හැකිවනු ඇත. එබැවින් ඔබ කෘෂි ව්‍යාපාර සැලැස්මක් සැකසීමේ දී එය අවම වශයෙන් ඉදිරි වසර තුන දක්වා කාල පරාසයක් තුළ දිවයන උපාය මාර්ග සහිතව සකස් කළ යුතුවේ.

කාර්ය සාධනය සඳහා මිණුම් දණ්ඩක්
ඒ අනුව ඔබ ළඟාකර ගැනීමට අපේක්ෂාකරන ඉලක්ක සහ අරමුණු සපුරා ගැනීමට ප්‍රමුඛතා ලේඛනයක් සහ එහි කාර්ය සාධනය සඳහා මිණුම් දණ්ඩක් සැකසීමට ඔබට හැකිවිය යුතුයි. දෙවනුව ඔබගේ ව්‍යාපාරයට ආයෝජන සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය නිගමනය කළ යුතු වේ. ඒ උදෙසා ආයෝජකයින් / Investors හෝ බැංකුවක් වෙත යොමුවන්නේ නම් ඔවුන් ඔබගේ ව්‍යාපාරයට අදාළ මූල්‍ය ප්‍රකාශනය / Financial Statements ගැන විමසා බලනු ඇත. මක්නිසා ද යත් අරමුදල් වියදම් කරන්නේ කුමක් සඳහා ද යන්න සහ ආදායම ලෙස කොපමණ මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි ද යන්න පිළිබඳව සවිස්තරාත්මක කරුණු තහවුරු කර ගැනීමට ඔවුන්හට අවශ්‍යවන බැවිනි. එහෙයින් ඔබගේ නිෂ්පාදන ද්‍රව්‍ය හෝ සපයන සේවාව උදෙසා වෙළඳපොළේ ඉල්ලුමක් / Demand in the Market ඇති බව එමඟින් පුරෝකථනය කර / Forecast පෙන්නුම් කළ යුතු වේ.
එමෙන් ම ඔබ කුමන ආකාරයේ කෘෂි ව්‍යාපාරයක් සැලසුම් කළද එයට අදාළව අලෙවිකරණ සැලැස්මක් / Marketing Plan ද තිබිය යුතුවේ. ඒ අනුව ව්‍යාපාරික කටයුතු සුමටව ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය එමඟින් දෘෂ්‍යවිය යුතුයි. මක්නිසාදයත් ඔබගේ ව්‍යාපාර සැලැස්ම මඟින් අවදානම හඳුනා ගැනීමට / Identify Risk, විකුණුම් පුරෝකථනය / Sales Forecast කිරීමට සහ නව ගනුදෙනුකරුවන් වෙත ළඟාවීමට / To Reach New Customers ඇති අවස්ථා ඉන් ඉස්මතු වන හෙයිනි. එබැවින් එම තත්ත්වයන් තහවුරු කිරිමට විස්තර සහ සාධක ලෙස ව්‍යාපාරයේ විෂය පථය සහ අභිලාෂයන්ගේ ප්‍රමාණය පිළිබිඹු කිරීමට ඔබට සිදුවනු ඇත. මෙහි දී එයට බලපාන බාහිර සාධක සමඟ ඔබගේ ශක්තීන් / Strengths, දුර්වලතා / Weaknesses, අවස්ථා / Opportunities සහ පැමිණිය හැකි තර්ජන / Threats හඳුනාගෙන විශ්ලේෂණයක යෙදීම වැදගත් වේ. මෙම තොරතුරු දිගු විය යුතු නැත. නමුත් යම් විස්තරයක් සහිතව ඒවා පෙන්වා දිය යුතු වේ.
කෙසේ වුව ද ඔබ ආයෝජනකරුවෙකු හෝ මූල්‍ය පහසුකම් සොයන්නේ නැතිව නව කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කළහොත් හෝ ස්ථාපිත එකක් ඉදිරියට පවත්වාගෙන යාම ගැන යළිත් සිතන්නේ නම් මෙවැනි උපාය මාර්ගික ලියවිල්ලක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ උදෙසා සකසන සරල ව්‍යාපාර සැලැස්මකින් / Lean Business Plan අනාවරණය කරන්නේ උපාය මාර්ග, මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීම / Managing Cash Flow Strategy, උපක්‍රම සැලසුම් කිරීම / Planning Tactics සහ ප්‍රධාන දින වකවානු / Key Dates, සන්ධිස්ථාන / Milestones සහ ක්‍රියාකාරකම් තීරණය කිරීම වැනි දේවල් සඳහා අත්‍යවශ්‍ය දේ පමණි. එසේ වුව ද සම්මත ව්‍යාපාර සැලැස්මකින් / Standard Business Plan ඉහත සඳහන්කර ඇති කරුණු පිළිබඳව තොරතුරු විස්තරාත්මකව දැක්විය හැකි වේ.
එමෙන් ම ඔබගේ ව්‍යාපාර සැලැස්ම භාවිතා කරන්නේ කවරෙකු වෙනුවෙන් ද යන්න සලකා බැලීමට සහ ඒ අනුව යෝජනා ගැළපීමට ඔබට සිදුවනු ඇත. මේ සඳහා සෑමවිටකදී ම වඩාත් නිවැරදි විස්තර / Accurate Details සඳහන් කිරීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතු වේ. යමෙකු ලේඛනය කියවන අවස්ථාවේ දී ඔබගේ අරමුණු මොනවාද යන්න සහ ඔබ ඒවා සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශවීමට එමගින් ඔවුන්ට හැකි විය යුතුය.

තරගකරුවන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි සිතා බලන්න
එමෙන් ම ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව වෙළඳපොළ තුළ සිටින තරගකරුවන්ගෙන් / Competitors වෙනස් වන්නේ කෙසේදැයි සිතා බලන්න. එමගින් ඔබගේ කෘෂි ව්‍යාපාරය වෙතින් ලැබෙන ප්‍රතිලාභ ගැන මෙන්ම ඔබට ඇති විය හැකි අවාසි පිළිබඳව අවධානය යොමු කළ හැකි වේ. ඒ අනුව පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ පුරුදු දෙස / Purchasing Habits සොයා බැලීමට අවශ්‍ය වනු ඇත. ඔබ අත්කර ගැනීමට බලාපොරොත්තු වන වෙළඳපළ කොටස / Market Share කොපමණ ද යන්න එමඟින් අවබෝධ කරගත හැකි වේ. එමෙන්ම ඒ සඳහා වන ඉදිරි දැක්ම / Outlook කුමක්ද යන්න තාර්කිකව සිතා බලන්න. ඒ කෙරෙහි ප්‍රධාන වශයෙන් බල පවත්වන වෙළඳපළ ප්‍රවණතා / Trends, අභියෝග / Challenges සහ අවස්ථා හඳුනාගෙන තරගකාරී විශ්ලේෂණයක් ව්‍යාපාර සැලැස්මක අන්තර් ගතව තිබිය යුතු බව වටහාගෙන ඒ අනුව කටයුතු කරන්න.
එළඹෙන ඊළඟ පියවර ලෙස ඔබගේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමට උපකාරී වන මානව සම්පත් / Human Resources සොයා බැලීමට අවශ්‍ය වනු ඇත. ශ්‍රම බලකායේ / Workforce බඳවා ගැනීම් හරහා කෘෂි ව්‍යාපාරයේ කළමනාකාරිත්වය / Management සංවිධානය කරන ආකාරය පිළිබඳව පෙළ ගැස්මක ස්වරූපය එමඟින් අපේක්ෂා කරයි. අනතුරුව පාරිභෝගිකයන් පිළිබඳව ගවේෂණය කිරීම වැදගත් අවස්ථාවක් බව පෙන්වාදිය හැකිය. ඒ උදෙසා වෙළඳපොළ තරඟකරුවන්ගේ නිෂ්පාදන /සේවා සහ ඒවායේ මිල නියමකර ඇති ආකාරය හා පාරිභෝගිකයින් වෙත ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමු කරන්න. මෙය අන් නිෂ්පාදන විවේචනය කිරීමට කාලය නොවේ. නමුත් ඔබේ තරගකරුවන්ගේ ශක්තීන් සහ දුර්වලතා පිළිබඳ තක්සේරු කරන්න. මෙහි දී අලෙවිකරණ උපාය මාර්ගය තවත් අත්‍යවශ්‍ය සටහනක් වනු ඇත. එබැවින් අලෙවිකරණ උපාය මාර්ග නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුකරන්න. ඒ අනුව අලෙවිකරණය උදෙසා ප්‍රචාරණ මාධ්‍ය ලෙස තෝරා ගන්නේ කුමන ක්‍රමයද යන්න ඔබට තීරණය කළ හැකි වේ. ඔබගේ විකුණුම් උපාය මාර්ගය සහ අලෙවිකරණ පිරිවැය නියාමනය කරගත හැකි වන්නේ එමඟිනි. එසේ ම ඔබගේ කෘෂි ව්‍යාපාරය ක්‍රියාත්මක වන පරිශ්‍රය කෙරෙහි අවධානය යොමු කිරීම ද සුවිශේෂී අවස්ථාවකි. එහි අවශ්‍යතා ඉටුකර ගැනීමට අදාළ උපකරණ කර්මාන්ත ප්‍රමිතීන් / Industry Standards සමඟ සැසඳෙන ආකාරය පිළිබඳව සලකා බලන්න. එමගින් ඔබගේ ව්‍යාපාරය උසස් ප්‍රමිතිකරණයකට නිතැතින් ම නතු වේ.
ව්‍යාපාර මූල්‍ය සහ ගිණුම්කරණ දැනුම
එමෙන් ම ඔබගේ ව්‍යාපාර සංකල්පයේ / Business Concept මූල්‍ය පුරෝකථනය උදෙසා ව්‍යාපාර මූල්‍ය සහ ගිණුම්කරණය පිළිබඳ හොඳ අවබෝධයක් සහිත පුද්ගලයෙකුගේ සහාය ලබාගැනීම ඉතා වැදගත්වේ. ඒ අනුව ඔබගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී ලාභ හා අලාභ ගිණුමක්, මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් / Cash Flow Statement සහ ශේෂ පත්‍රයක් / Balance Sheet ද සකසා ගත යුතුවේ. හොඳ ව්‍යාපාර සැලැස්මක් ප්‍රවේශමෙන් සකස් කර ගැනීමෙන් පසුව ව්‍යාපාරය සමඟින් ඉදිරියට යාමට එය අත්වැලක් කරගන්න. එමෙන්ම ඔබට එම කටයුතු සැලසුම් කිරීම සහ ආරම්භ කිරීම ගැන තව දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සේවාපහසුකම් සපයන රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන වෙතින් අවශ්‍ය තොරතුරු දැන ගැනීමට උනන්දු වන්න.
අවසාන වශයෙන් ආරම්භකරන ලද ඔබගේ කෘෂි ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු අවස්ථාව එළඹෙනු ඇත. ඒ සඳහා අදාළ පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතින් ලබාගන්නා අයදුම්පත්‍රයක් නිසි ලෙස සම්පූර්ණකර ඉදිරිපත් කළ යුතුවේ. එම අයදුම්පත සම්පූර්ණ කිරීමේ දී ව්‍යාපාරයේ ස්වාභාවය, නිෂ්පාදනයකර වෙළඳාම් කරනු ලබන හෝ ආනයන/ අපනයන කරනු ලබන භාණ්ඩ පැහැදිලිව සඳහන් කළ යුතුය.
ඒ සමඟ ම ග්‍රාම නිලධාරී වාර්තාවක් ද අදාළ ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීමට අවශ්‍ය ලිපිලේඛන හා හවුල් ව්‍යාපාර ගිවිසුමක් ඇතොත් එහි පිටපතක් ද යොමු කළ යුතු වේ. එමෙන්ම ව්‍යාපාරය ආරම්භකර දින 14ක් ඇතුළත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන දින 30 ක සහන කාලය තුළ අදාළ ලියාපදිංචිය සිදුකළ යුතුයි. මේ සඳහා රෙජිස්ට්‍රාර්වරයා විසින් තීරණය කරනු ලබන අයදුම්පත් ගාස්තුවක් අය කරන බව ඔබට අවධාරණය කරමි.