
මෙරට ප්‍රමුඛ පෙළේ වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන Imperial College of Business Studies, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ 40 වසරක ගමන් මඟ සැමරීය. කොළඹ Cinnamon Life හෝටලයේ පැවැති එම සැමරුම් උලෙළෙට විශ්වවිද්‍යාල සිසුන්, කථිකාචාර්යවරුන්, කාර්ය මණ්ඩලය සහ ඒ හා අත්වැල් බැඳගත් අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන හා පෞද්ගලික ආයතනවල නියෝජිතයින් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.
එම සන්ධ්‍යාවේ රැස් වූ ගෞරවනීය සභාව උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ, Imperial College හි ක්‍රමවේද සහ මෙහෙයුම් අධ්‍යක්ෂ චින්තක විජයරත්න විසිනි. ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂ, ප්‍රවීන් රාජරත්නම් සහ ක්‍රමවේදීය වැඩසටහන් අධ්‍යක්ෂ ෂන්මුගම් සිවබාස්කරන් විසින් විද්‍යාලයේ 40 වසරක ගමන් මඟ පිළිබඳ මතකාර්වජනයක්ද සිදු කළ අතර, Imperial College හි වසර පහකට වැඩි සේවා කාලයක් වාර්තා කළ කථිකාචාර්ය මණ්ඩලය සහ කාර්යමණ්ඩලය ද ඇගැයිණි.