ශ්‍රී ලංකාවේ අයවැය ගැන Fitch Ratings සුභවාදී වෙයි

Spread the love

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බවත්, මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බවත් Fitch Ratings පවසයි.

කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර, මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම් මධ්‍ය කාලීනව ණය අඩු කිරීමේ අපේක්ෂාවන් මත බර තැබිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ෆිච් රේටිංග්ස් සඳහන් කරයි.

මේ අතර ෆිච් රේටිංග්ස් වැඩිදුරටත් පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17දා ඉදිරිපත් කරන ලද නව රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක්, 2024 දෙසැම්බර් මාසයේ දී කරන ලද සිය ඇගයීම් උපකල්පනවලට අනුකූල බව සලකන බව ද ෆිච් රේටිංග්ස් කියා සිටී. එම අවස්ථාවේ දී ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ‘RD’ සිට ‘CCC+’ දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් රාජ්‍ය ආදායම 2023 වසරේ පැවති 11.4% සිට 2025 වසරේ දී 15.1% ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය ගෙන ඇති ඉලක්කය, ෆිච් රේටිංග්ස් විසින් 2026 වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇති ඉලක්ක ගත 15% සීමාව කලින්ම ඉක්මවා යාමකි. අයවැයට ආනයන/අපනයන වෙළෙඳාම් හරහා ලැබෙන ආදායමේ 36.5%ක වැඩිවීමක් හා ආදායම් බදුවලින් ලැබෙන ආදායමේ 13.1% ක වැඩිවීමක් ඇතුළත් බව ෆිච් රේටිංග්ස් සඳහන් කරයි. මේ සම්බන්ධයන් වැඩිදුරටත් ෆිච් රේටිංග්ස් සඳහන් කරන්නේ දැනටමත් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කර ඇති ආදායම් ඉහළ නැංවීමේ පියවරයන් සැලකිල්ලට ගෙන රජයට සිය ආදායම් ඉලක්ක සපුරා ගනු හැකි වන බවට තමන් විශ්වාස කරනු ලබන බවයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *