
ඔබේ කුඩා ව්‍යාපාරය දියුණුව කරා ගෙනයාමට මෙම අලෙවිකරණ මූලධර්ම අනුගමනය කරන්න.
කුමන අලෙවිකරණ ක්‍රම වඩාත් හොඳින් ක්‍රියාත්මක වේද යන්න සොයා ගෙන ඒවාට කැපවී සිටින්න. වැඩිම ආදායමක් ගෙන එන්නේ කුමන උපාය මාර්ගදැයි සොයා ගැනීම මෙහි අභියෝගාත්මක කොටසයි.
ඔබ සමෘද්ධිමත් වූ පසු ඔබේ කතාව බෙදාගෙන අන් අයට ආශ්වාදයක් ලබා දෙන්න. ඔබට තව දුරටත් පුළුල් වීමට අවශ්‍ය නම්, ඔබේ විශේෂඥතාව බෙදා ගැනීම සහ සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

මම මගේ PostcardMania ව්‍යාපාරය ආරම්භ කරන විට මා සතුව තිබුණේ දුරකථනයක්, පරිගණකයක්, වර්ග අඩි 600ක කුඩා කුටියක් සහ මගේ හොඳම මිතුරිය වන මෙලිසා (දැන් සභාපති) පමණයි. මීට පෙර මම සුළු සුළු රැකියා කළා. නමුත් සාර්ථක ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ මගේ සිහිනය හඹා යාමට මම අධිෂ්ඨාන කරගෙන සිටියෙමි.
මම සුළුවෙන් පටන් ගත්තා, නමුත් අද අපි වසරකට ඩොලර් මිලියන 100කට වඩා උපයනවා, 390කට වඩා සේවකයින් අපේ සමාගමේ සේවය කරනවා. අපි තවමත් වර්ධනය වෙනවා. සමහර විට මටම විශ්වාස කරන්නත් බෑ මේක සිදු වුණේ කොහොමද කියලා. මම කවදාවත් කිසිම ආයෝජන ප්‍රාග්ධනයක් ගත්තේ නැහැ, අපේ වර්ධනය සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. අපේ සාර්ථකත්වයේ “රහස” වුණේ ‘අපි නිරන්තරයෙන් අලෙවිකරණය කළ අතර, අපේ තරඟකරුවන්ට වඩා බොහෝ දේ අලෙවිකරණය කළ බව’යි.
මම හැමවිටම මගේ සමාගමට හොඳම දේ කිරීමට උත්සාහ කරනවා, නමුත් මගේ ගාමක බලවේගය වන්නේ කුඩා ව්‍යාපාර හිමියන්ට සාර්ථක වීමට උපකාර කිරීමයි. මන්ද ඔවුන් ජයග්‍රහණය කරනවා දැකීම මට අවශ්‍යයි. මට අවශ්‍ය වන්නේ ඔවුන් මිනිසුන්ට රැකියා ලබා දීමෙන් සහ ඔවුන්ගේ සිහින ඉටු වීමෙන් ලැබෙන ප්‍රතිලාභ සහ තෘප්තිය ලබා ගැනීමයි. අපි හැමෝම දිනන විට අපේ ආර්ථිකයත් ශක්තිමත් වන බව නොකියාම බැරිය!
වසර ගණනාවක් පුරා අපගේ සමහර සේවාදායකයින් ළදරු ආරම්භක ව්‍යාපාරවල සිට සමෘද්ධිමත් ව්‍යාපාර දක්වා ගමන් කරන ආකාරය මම දැක ඇත්තෙමි. ව්‍යවසායකයෙකු ලෙස ඔබ ඔබේ ගමනේ කොතැනක සිටිනවාදැයි මම නොදනිමි, නමුත් ඔබ පහත සඳහන් ප්‍රධාන අලෙවිකරණ මූලධර්ම දෙක අනුගමනය කරන්නේ නම්, ඔබට කුඩා බීජයක සිට දැවැන්ත ඕක් ගසක් දක්වා ද වර්ධනය විය හැකිය.
- කුමන අලෙවිකරණ ක්‍රම වඩාත් හොඳින් ක්‍රියාත්මක වේද යන්න සොයා ගෙන ඒවාට කැපවී සිටින්න.
- ඔබ දියුණු වූ පසු, ඔබේ කතාව බෙදාගෙන අන් අයට ආස්වාදයක් ලබා දෙන්න.
කුමන අලෙවිකරණ ක්‍රම වඩාත් හොඳින් ක්‍රියාත්මක වේද යන්න සොයා ගෙන ඒවාට කැපවී සිටින්න
“රෝමය එක දවසකින් ගොඩනැගුවේ නැහැ” යන පොදු කියමන ප්‍රසිද්ධ සත්‍යයක් වන්නේ හේතුවක් නිසා ය. විශාල ව්‍යාපාරයක් ගොඩනැගීමට කාලය ගතවේ. ක්‍රියාවලියේ දැවැන්ත කොටසක් වන්නේ කුමන අලෙවිකරණ උපාය මාර්ග වැඩිපුරම නායකත්වය සහ වැඩිම ආදායමක් ගෙන එන්නේද යන්න සොයා බැලීමයි.
ආදායම් උත්පාදනය කිරීමේ උපාය මාර්ගය සොයා ගැනීම දුෂ්කරම කොටසයි. ඔබ එම ඉහළම පෙළේ විකුණුම් වර්ධනය පිටුපස ඇති හේතුව සොයාගත් පසු, එය දිගටම කරගෙන ගොස් ඔබට දැරිය හැකි තරම් එය ගොඩනඟා ගන්න. ඉන්පසු, ඔබේ වියදම් ප්‍රශස්ත කිරීමට සහ ඔබේ ප්‍රතිඵල උපරිම කිරීමට යන අතරතුර කාර්යක්ෂමතාව ගොඩනඟා ගන්න.
ඔබට කිරීමට අවශ්‍ය නොවන දෙය නම් කෙටි කාලයක් සඳහා අලෙවිකරණ ක්‍රමයකින් අලෙවිකරණ ක්‍රමයකට මාරු වී ඒ සියල්ල සඳහා අවම මුදල වැය කිරීමයි. මෙය වර්ධනය එකතැන පල්වීමට ස්ථිර ක්‍රමයකි.
සෘජු තැපැල් අලෙවිකරණය ක්‍රියාත්මක වන බවත් මගේ ව්‍යාපාරය සඳහා ඉහළම ආයෝජන මත ප්‍රතිලාභ (Return on investment – ROI) ලබා දෙන බවත් මම ඉතා ඉක්මනින් සොයා ගත්තා. ඒ නිසා මම එය සමඟම රැඳී සිටියා, අද අපි සෑම සතියකම තැපැල්පත් 230,000කට වඩා තැපැල් කරන්නේ අපව ප්‍රචාරය කිරීමට පමණයි! ඇත්ත වශයෙන්ම, අලෙවිකරුවන්ගෙන් 84%ක් පමණ එකඟ වන්නේ සෘජු තැපෑල ඔවුන් භාවිතා කරන ඕනෑම නාලිකාවක ඉහළම ආයෝජන මත ප්‍රතිලාභ සපයන බවයි, එය 2023 දී 74%ක් සහ 2022 දී 67%ක් විය.
උදාහරණයක් ලෙස මගේ වඩාත්ම සාර්ථක සේවාදායකයෙකු වන උතුරු කැරොලිනාවේ දන්ත වෛද්‍යවරයෙකු ගන්න. ඔහු මුලින්ම උතුරු කැරොලිනාවේ හොලි ස්ප්‍රින්ග්ස් හි එක් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ආරම්භ කළ අතර, මුලදී ඔහු ප්‍රාදේශීය වෙළඳ දැන්වීම් උත්සාහ කළ නමුත් නව රෝගීන් ගෙන්වා ගැනීමේදී එය ඔහුට සාර්ථක වූයේ නැත. එබැවින් ඔහු සෘජු තැපෑලෙන් උත්සාහ කළේය. ඔහුගේ පළමු ව්‍යාපාරයට ඔහුගේ දන්ත වෛද්‍ය කාර්යාලය අසල අසල්වැසි ප්‍රදේශ ඉලක්ක කරගත් පාරිභෝගික තැපැල් ලැයිස්තුවක් භාවිතා කරමින් මාස හයක් සඳහා සෑම මසකම තැපැල්පත් 7,500ක් තැපැල් කිරීම ඇතුළත් විය.
නව රෝගීන්ගේ වැඩිවීමක් හිමිකරු දුටු විට, තැපැල්පත් ගණන මසකට 13,000ක් දක්වා වැඩි කිරීමෙන් ඔහුගේ මාසික තැපැල් සඳහා වැඩි මුදලක් ආයෝජනය කිරීමට ඔහු තීරණය කළේය, එය තැපැල් ප්‍රමාණයේ 73%ක වැඩිවීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මාසික රෝගීන් සංඛ්‍යාව දෙගුණ විය. ආදායම වැඩිවීමත් සමඟ ඔහු උතුරු කැරොලිනා හි දෙවන ස්ථානයක් විවෘත කළ අතර, ඔහු ආරම්භ කළ දා සිට ඔහුගේ නව රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී ඇති අතර මසකට 15 සිට 56 දක්වා ඉහළ ගොස් තිබේ. හොලි ස්ප්‍රින්ග්ස් ස්ථානය ඩොලර් 900,0000 සිට ඩොලර් මිලියන දෙක දක්වා ආදායම වැඩි කර ඇති අතර නව ස්ථානය දැනටමත් ඩොලර් මිලියනයකට ආසන්න ආදායමක් උපයමින් සිටී.
මෙය මගේ ලොකුම අලෙවිකරණ උපදෙස් දෙකක් සනාථ කරයි. ඔබේ අලෙවිකරණයට අනුකූලව සිටින්න, එසේම ආදායම වැඩි කරන අලෙවිකරණ උපාය මාර්ග සඳහා ඔබට හැකි තරම් වියදම් කරන්න.
මට පැහැදිලිව කියන්න ඕන, ඒක සෘජු තැපෑලෙන් යවන්න ඕන නෑ. Modelo ආක්‍රමණශීලී ව්‍යාපාරයක් දියත් කළ ආකාරය සහ ඇමරිකාවේ වැඩියෙන්ම අලෙවි වන බියර් ලෙස Bud Light අභිබවා ගිය ආකාරය ගැන මම මෑතකදී කතා කළා.
ඔබ තැපැල්කරුවන්, ඩිජිටල් වෙළඳ දැන්වීම්, රූපවාහිනී වෙළඳ දැන්වීම් හෝ වෙනත් අලෙවිකරණ නාලිකා වල ආයෝජනය කළත් , ඒවායින් වඩාත් හොඳින් ක්‍රියාත්මක වන්නේ කුමක්දැයි බැලීමට සහ සැබෑ ආදායම් උත්පාදකයින් සඳහා කැපවී සිටීමට මෙම නාලිකා පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.
ඔබ විශාල සිට දැවැන්ත දක්වා යන්නේ කෙසේද? ඔබට දිගටම වර්ධනය වීමට අවශ්‍ය නම්, ඔබේ කතාව අන් අය සමඟ බෙදා ගැනීම සහ සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. බොහෝ ව්‍යවසායකයින් podcasts සහ YouTube channels ආරම්භ කිරීමට හේතුවක් ඇති අතර ඔවුන්ගේ උපදෙස් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වේ.

2. ඔබ දියුණු වූ පසු, ඔබේ කතාව බෙදාගෙන අන් අයට ආස්වාදයක් ලබා දෙන්න.
ඔබ විශාල සිට දැවැන්ත දක්වා යන්නේ කෙසේද? ඔබට දිගටම වර්ධනය වීමට අවශ්‍ය නම්, ඔබේ කතාව අන් අය සමඟ බෙදා ගැනීම සහ සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. බොහෝ ව්‍යවසායකයින් podcasts සහ YouTube channels ආරම්භ කිරීමට හේතුවක් ඇති අතර ඔවුන්ගේ උපදෙස් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වේ.
ඔබට ගෘහ නාමයක් / household name වීමට අවශ්‍ය නම්, ‘ඔබ කවුද?’ යන්න ලෝකය සමඟ බෙදා ගත යුතුය. ඔබ යම් මට්ටමක සාර්ථකත්වයක් අත්කර ගත් පසු, ඔබේ විශේෂඥතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් ආත්ම විශ්වාසයක් ඔබට තිබිය හැකිය.
මම පෞද්ගලිකව ව්‍යාපාර හිමියන් සමඟ කතා කිරීමට සහ ඔවුන් දිරිමත් කිරීමට කැමතියි. එය මගේ ආශාවේ විශාල කොටසක් වන අතර, මගේ මෙහෙවර අනෙකුත් ව්‍යවසායකයින් දිරිමත් කිරීමයි. ඒ නිසා තමයි මම මෙම ලිපිය ලියන්නේ. ඒ මම දුෂ්කර මාර්ගයෙන් ඉගෙන ගත් දේ ඔබ හා බෙදා ගැනීමට.
මගේ තවත් සේවාදායකයෙක් වන මිචිගන්හි භූමි අලංකරණ ශිල්පියෙක්, ඔහුගේ උද්‍යාන අලංකරණ සේවා රහස් අනෙකුත් අභිලාෂකාමී භූමි අලංකරණ ව්‍යාපාර හිමිකරුවන් සමඟ බෙදා ගැනීමට තීරණය කළේය. ආරම්භ කිරීම, තණකොළ කැපීම ඔහුගේ අතුරු කාර්යයක් පමණි. නමුත් 2020 දී, ඔහු එය සම්පූර්ණ භූමි අලංකරණ ව්‍යාපාරයක් බවට පත් කිරීමට තීරණය කළේය.
දැන් ඔහු ඉලක්කම් හයක ආදායමක් උපයමින් සිටින බැවින්, ඔහුට තමාගේම මාර්ගගත පුහුණු වැඩසටහනක් තිබේ. ඔහුගේ අන්තර්ගතයන් වෛරස් වී ඇති අතර, දැන් ඊටත් වඩා ආදායමක් උපයයි. රට පුරා සිටින දහස් ගණනක් භූමි අලංකරණ ශිල්පීන් දැන් ඔහු පසුපස ගොස් ඔහුගේ දැනුම සහ අත්දැකීම් සඳහා ඔහු සොයති.
ඔහුගේ ග්‍රාහකයෙකු නව ව්‍යාපාර ගෙන ඒම සඳහා සමාජ මාධ්‍ය මත විශ්වාසය තබා තිබුණත් එය එතරම් සාර්ථක වූයේ නැත. මගේ සේවාදායකයාට ගැලපෙන දේ මත පදනම්ව ඔවුන් ඔවුන්ගේ ප්‍රවේශය වෙනස් කළ අතර, එම වාරයේදී, ඔවුන් ඔවුන්ගේ පුනරාවර්තන තණකොළ සේවා සඳහා නව සේවාදායකයින් 70 දෙනෙකු බඳවා ගත් අතර එහි වටිනාකම ඩොලර් 52,000ක් විය. නමුත් එම සේවාදායකයින් තවත් වාරයක් ඔවුන් සමඟ රැඳී සිටියහොත් මෙම සංඛ්‍යාව ඩොලර් 122,000 දක්වා වර්ධනය වන අතර, ඔවුන්ගේ ආයෝජන මත ප්‍රතිලාභ ඉතා ගෞරවනීය 800% සිට මනස්කාන්ත 2,000% දක්වා වැඩි කරයි.
ඒ උපදෙස බෙදා නොගෙන, මේ අනෙක් ව්‍යවසායකයා අත්හැරීමට තරම් අරගල කරන්න ඇති. දැන් දෙදෙනාම (සහ තවත්) දියුණු වෙමින් සිටිති! ඒ සියල්ල එක් මිනිසෙකු තම ගමන බෙදා ගැනීමට තීරණය කළ නිසා ය.
ඉතින්, ඔබට කීමට හොඳ කතාවක් හෝ බෙදා ගැනීමට උපදෙස් තිබේ නම්, පසුබට නොවන්න. එය අනාගතයේදී විශාල ප්‍රසිද්ධියක් සහ ධනයක් ගෙන ඒමට හේතු විය හැකිය.
අවසානයේදී, ඔබ කොහෙන් ආවාද යන්න හෝ ඔබ ව්‍යවසායකයෙකු ලෙස ආරම්භ කරන්නේ කෙසේද යන්න වැදගත් නොවේ. වෙනස ඇති කරන්නේ ඔබේ ආශාව, ඔබේ දැක්ම, අලෙවිකරණය කෙරෙහි ඔබේ කැපවීම සහ අන් අය සමඟ සම්බන්ධ වීමට ඔබ දක්වන උනන්දුවයි.
අලෙවිකරණ ව්‍යාපාර සඳහා ව්‍යාපාර හිමියන් 121,976ක් සමඟ වැඩ කිරීමෙන් පසු, ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා මෙය සැබවින්ම යතුර බව මට ඔබට කෙලින්ම පැවසිය හැකිය.
මෙම ලිපියේ සම්පාදිකාව – ජෝයි ජෙන්ඩුසා / Joy Gendusa, PostcardMania හි නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී
1998 දී දුරකථනයක් සහ පරිගණකයක් (අරමුදල් හෝ ආයෝජන නොමැතිව) සමඟ PostcardMania ආරම්භ කළ අතර අද PostcardMania 380කට අධික කාර්ය මණ්ඩලයක් සමඟ වාර්ෂිකව ඩොලර් මිලියන 100කට වඩා උපයයි. අලෙවිකරණයේ සහ වර්ධනයේ සාර්ථක වීමට කුඩා ව්‍යාපාරවලට උපකාර කිරීම ගැන ජෝයි දැඩි උනන්දුවක් දක්වයි. ඇය මෙසේ කියයි, ‘කුඩා ව්‍යාපාර හොඳින් කරන විට, අපි සියල්ලෝම ජය ගනිමු”