
රැකියා, නවෝත්පාදන, දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය, ආර්ථික වර්ධනය, ග්‍රාමීය සංවර්ධනය මෙන්ම අපනයන හරහා ආර්ථික වර්ධනයට දායක වන බැවින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Small and Medium Enterprises – SMEs) ගෝලීය ආර්ථිකයට අතිශයින් වැදගත් වේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සමස්ත ගෝලීය ව්‍යාපාරවලින් 90%කට වඩා නියෝජනය කරන අතර ලොව පුරා ශ්‍රම බලකායෙන් 50% කට වඩා දායකත්වය ලබා දෙයි.
යුරෝපීය සංගමයේ ව්‍යාපාරවලින් 99%ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර රැකියා මිලියන 100ක් පමණ නිර්මාණය කරයි. ඉන්දියාවේ තත්ත්වය ගත් විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හරහා රැකියා මිලියන 110කට වඩා උත්පාදනය කරන අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%කට පමණ දායකත්වය ලබා දෙයි. චීනයේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දායකත්වය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ වෙයි. ජපානයේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%ක් සහ රැකියා වලින් 70%ක් නියෝජනය කරයි.
මෙම සංඛ්‍යාලේඛනවලට අමතරව, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වැනි තාක්‍ෂණය පදනම් කරගත් ආර්ථිකයන්හි නවෝත්පාදනයේ / innovation ප්‍රධාන දායකයින් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ය. නයිජීරියාවේ සහ බ්‍රසීලයේ ආර්ථික විවිධාංගීකරණය ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් වැඩි දියුණු කරයි. කෙන්යාව සහ ඉන්දුනීසියාව වැනි රටවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අතර, ජර්මනියේ සහ වියට්නාමයේ, ජාත්‍යන්තර ව්‍යාපාර වල ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තීරණාත්මක වේ.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
ශ්‍රී ලංකාව පුරා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් එක හා සමානව තීරණාත්මක වන අතර, ඔවුන් ක්‍රියාකාරී ව්‍යාපාරවලින් 75%ක් පමණ නියෝජනය කරයි. එමඟින් මුළු රැකියා නියුක්තියෙන් සියයට 45% කට ආසන්න ප්‍රමාණයක් සපයන අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52%කට පමණ දායක වේ.
වඩාත් වැදගත් දෙය නම්, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය නොමැතිකම, දුර්වල මූල්‍ය සාක්ෂරතාවය සහ නවතම ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක වැනි ගැටලු වලට මුහුණ දීමට සිදුවීමයි. COVID-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික පසුබෑම හේතුවෙන් මෙම ගැටලු තවත් උග්‍ර වූ අතර, එමඟින් බොහෝ සමාගම් වැසී යාමට සහ එම අංශයේ රැකියා අවස්ථා අඩු වීමට හේතු විය. වැදගත් වන්නේ, එවැනි බාධක තිබියදීත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක කොටසක් ලෙස පැවතීමය.
පසුගාමී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාර (විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ඩිජිටල් තාක්‍ෂණයට සහ අදාළ කුසලතාවන්ට අනුවර්තනය වීමේ ඌනතාවය හේතුවෙන් මහා පරිමාණ ව්‍යවසායන් හා සසඳන විට අවාසිදායක තත්ත්වයක පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් දිගු කාලීන ආර්ථික හානි සහ දුෂ්කරතාවන්ට බෙහෙවින් ගොදුරු වී ඇති අතර එමඟින් ඔවුන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර කාණ්ඩවලින් එකක් බවට පත්ව ඇත. අනෙක් අතට, විශාල ව්‍යවසායන් දැනටමත් ඔවුන්ගේ වෙළඳ නාම වත්කම්, කුසලතා, ඩිජිටල් යටිතල පහසුකම් සහ වැඩ ප්‍රවාහයන් සඳහා ආයෝජනය කර ඇති බැවින්, ආර්ථික අවපාතයන්ට හොඳින් ඔරොත්තු දීමට සමත් වී ඇත. සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් වෙළඳපොළවල් හරහා ශක්තිමත් ඩිජිටල් පැවැත්මක් ඇති ව්‍යාපාරවලට (ගනුදෙනුකරුවන් ඩිජිටල් වේදිකා වලට වැඩි කැමැත්තක් දක්වන බැවින්) වර්ධනය සඳහා වඩා හොඳ අවස්ථා තිබේ.
ඩිජිටල්කරණය වර්ධනය සඳහා පමණක් නොව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල පැවැත්ම සඳහා ද ඉතා වැදගත් වේ. ඔවුන් වර්ධනය වන විට, එය සමස්ත ආර්ථිකය ම බලගන්වයි. නව ගෝලීය තරඟකාරී පරිසරයක් සඳහා ජාතිය හැඩගැස්වීම සඳහා තම පුරවැසියන්ගේ ශක්තිය හා සාරය භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ශ්‍රී ලංකාව තම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණයට ප්‍රමුඛත්වය දිය යුතු බවට කිසිදු සැකයක් නැත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තවමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස පවතින්නේ ඇයි?
ආරම්භයේදීම බොහෝ විශාල සමාගම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස ආරම්භ විය. නමුත් මෙම සන්දර්භය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කිහිපයක් පමණක් විශාල ව්‍යවසායන් බවට පත් විය. ඒ එම ස්වල්ප දෙනෙකුට පමණක් සුපිරි ලාභ ලැබීමට හේතු වූ වාරික මිල ගණන් යටතේ තම වෙළඳ නාමය ගොඩනගා ගැනීමට සහ ගනුදෙනුකරුවන් සුරක්ෂිත කිරීමට හැකි වූ නිසාය. මෙම ලාභ නිසා ඔවුන්ට මානව ප්‍රාග්ධනය, මූල්‍ය උපකරණ, ඩිජිටල්කරණය තුළ නැවත ආයෝජනය කිරීමට සහ විශාල සමාගම් බවට පත්වීමට ඔවුන්ගේ වර්ධනයට පහසුකම් සැලසීමට හැකි විය. ඊට වෙනස්ව, බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තවමත් පරිමාණය කිරීමට අරගල කරන්නේ ව්‍යාපාරයට නැවත ආයෝජනය කළ හැකි සැලකිය යුතු ලාභයක් ලබා දෙන ශක්තිමත් වෙළඳ නාමයක් ගොඩනගා ගත නොහැකි වූ බැවිනි.
ඩිජිටල් මෙවලම් ආධාරයෙන් වැඩ ප්‍රවාහ ස්වයංක්‍රීය කරන විශාල සමාගම් මෙන් නොව, බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණයට මුදල් සැපයීම කෙරෙහි සැක පහළ කරයි. මන්ද එමඟින් ඔවුන් අනවශ්‍ය නියාමන පරීක්ෂාවට සහ බදුකරණයට නිරාවරණය කරන බැවිනි. මෙම බිය අවසානයේ ඔවුන් ඉහළ අවදානම් ණය ගැතියන් ලෙස ප්‍රක්ෂේපණය කරයි. එයින් අදහස් වන්නේ බැංකු කිසි විටෙකත් ඔවුන් සමඟ වැඩ නොකරන බවයි. කනගාටුවට කරුණක් නම්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙක් මෙහෙයුම් මූල්‍යකරණය සඳහා ණය මෝරුන් / loan sharks සහ අනෙකුත් ඉහළ පොලී මූල්‍ය ආයතන වෙත යොමු වන අතර එමඟින් ඔවුන්ගේ සමස්ත වර්ධන විභවය තව දුරටත් සීමා වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම
එහෙත්, මෙම තීරණාත්මක කොටස බොහෝ කාලයක් තිස්සේ එකම ගැටලු සමඟ පොරබදමින් සිටී. ඒ මූල්‍ය ප්‍රවේශය නොමැතිකම, පටු වෙළඳපළ අවස්ථා සහ තාක්‍ෂණික භාවිතය පිළිබඳ අවබෝධයේ සැලකිය යුතු පරතරය ය. මේ සියලු අවාසි හමුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල්කරණය මෙහෙයවීම අපගේ ජාතිය ඉහළ උසකට ගෙන යාම සඳහා ප්‍රමුඛතාවයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ආයතනික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය වන ඩයලොග් ව්‍යවසායයේ ඩිජිටල් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රධානී (Digital SME at Dialog Enterprise, Corporate ICT arm of Dialog Axiata PLC) සමීර විජේරත්න මෙසේ පැවසීය, “අපි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණය ගැන කතා කරන්නේ නම්, ඒ හරහා සිදුවන්නේ මූලික වශයෙන් මුළු ජාතිය ම ඩිජිටල්කරණය කිරීම සහ ඩිජිටල් පුරවැසියන්ගේ නව පරම්පරාවක් බිහි කිරීමයි. එයට හේතුව අපගේ ජනගහනයෙන් බහුතරයක් තවමත් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟ ගනුදෙනු කිරීමයි. ජනගහනයෙන් බහුතරයක් ඩිජිටල්කරණය වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟ ගනුදෙනු කරන විට එය ස්වභාවිකවම ජාතික ඩිජිටල් ආර්ථිකයක් බවට පත් වෙනවා“
ඩිජිටල්කරණය / Digitalization යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන අභියෝගයක් වන අතර, එය ඔවුන්ගේ පසුබෑමට එක් හේතුවකි. නිදසුනක් වශයෙන්, විශාල සමාගම්වලට වඩා ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් ඇති අතර, එමඟින් අර්බුදයකදී පවා මාර්ගගත නාලිකා / online channels හරහා ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. අනෙක් අතට, වසංගතය අතරතුර ‘භෞතික නොවන පාරිභෝගික / non-physical customer’ ලෝකයේ සිදු වූ වේගවත් පරිවර්තනයට අනුවර්තනය වීමට බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අපහසු විය. නිදසුනක් වශයෙන්, පාරිභෝගිකයින් ප්‍රධාන වශයෙන් ඩිජිටල් සේවාවන් වෙත යොමු වූ විට, මාර්ගගත පැවැත්මක් නොමැති ව්‍යාපාරවලට එම ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට මාර්ගයක් නොතිබුණි. අවාසනාවකට මෙන්, බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙම මාරුව ගැන නොදැන සිටියහ.
ඩිජිටල්කරණය වළක්වා ගැනීමේ පිරිවැය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන වඩාත්ම කැපී පෙනෙන ගැටලුවක් වන්නේ ප්‍රධාන ධාරාවේ ගෙවීම් වේදිකා / mainstream payment platforms සහ විධිමත් මූල්‍ය ව්‍යුහයන් අනුගමනය කිරීමට ඔවුන් දක්වන පැකිලීමයි. සාමාන්‍යයෙන්, මෙය පැමිණෙන්නේ බදුකරණය සහ රටේ අනෙකුත් නියාමන පිළිවෙත් කෙරෙහි මුල් බැසගත් ආකල්පවලිනි. නමුත් මෙම ආකාරයේ ප්‍රතිරෝධය අනපේක්ෂිත ප්‍රතිවිපාක ගෙන දෙයි. මේ සම්බන්ධයෙන් සමීර විජේරත්න දැක්වූ අදහස වැදගත් ය, “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිසි ඩිජිටල් ගෙවීම් ද්වාර සහ මූල්‍ය ආයතන නොසලකා හරින විට, ඔවුන් ණය රාශියකට හසු වන අතර කිසි විටෙකත් ගැලවිය නොහැක.” මෙම අවස්ථාවේ දී, ණය දෙන්නන් ද්‍රවශීලතාවය සොයන අතර (එබැවින්) නිසි පිරිවැටුම් වාර්තා නොමැති සමාගම්වලට ණය ලබා දීමට මැලි වෙති. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබඳ මෙම දුර්වල ආකල්පය ඔවුන් සංවර්ධන සහ වාණිජ බැංකු වැනි මූල්‍ය ආයතනවලින් බොහෝ දුරට ඈත් කරයි.
මෙම චක්‍රය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සීමා කරනවා පමණක් නොව, රටේ විශ්වීය ආර්ථිකයේ වර්ධනය සීමා කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඔවුන්ගේ මූල්‍ය වටිනාකම ඔප්පු කිරීමට සහ අරමුදල් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසන ගනුදෙනු පටිගත කිරීමේ මෙවලම් වලින් ඔවුන් සන්නද්ධ කිරීමෙන් මෙම විෂම චක්‍රය ඉවත් බිඳ දැමිය හැකිය.
ඩිජිටල්කරණය: ඔරොත්තු දීමේ මාවතක්
‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක වර්ධනය, ශක්තිය සහ තරඟකාරිත්වය සාක්ෂාත් කරගන්නේ තාක්ෂණය වැනි ව්‍යාපාර අනුගමනය කිරීමෙන් පමණක් නොවේ. එය ඊ-වාණිජ්‍ය වෙළඳපොළවල්, සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම් මෙවලම් සහ ඩිජිටල් මූල්‍ය විසඳුම් දක්වා විහිදෙනවා. payment gateways සහ inventory management apps වැනි සරල මෙවලම් භාවිතයෙන් මෙහෙයුම් වැඩිදියුණු කරන අතරම විධිමත් මූල්‍ය පද්ධති කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගත හැකි ආකාරය මෙයට උදාහරණයක්’ සමීර විජේරත්න පැවසීය.
ප්‍රධාන අභියෝග
ශ්‍රී ලංකාවේ ඉහළ ම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Millenium IT ESP හි උපාය මාර්ගික උප සභාපති රහල් ජයවර්ධන, තාක්‍ෂණය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉහළ නැංවීමට සහ ජාතික ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වයෙන් උපරිම වටිනාකමක් ලබා ගනිමින් ස්වයංපෝෂිත වීමට ඉඩ සලසන ආකාරය පිළිබඳ මෙසේ පැහැදිලි කළේය.
“තාක්‍ෂණය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සක්‍රීය කිරීම තුළින් ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට ශක්තිය ලබා දිය හැකි අතර එමඟින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමට හැකියි“ රහල් සඳහන් කළේය.
“2022 අග භාගයේදී අප විසින් සිදු කරන ලද පුළුල් පර්යේෂණයකින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග මාලාවක් හඳුනා ගත්තා. කෙසේ වෙතත්, මෙම අභියෝග ව්‍යවසායයේ පරිමාණය මත පදනම්ව වෙනස් වුණා. බොහෝ ව්‍යවසායන්, විශේෂයෙන් ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායන් සහ ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් කොවිඩ් වසංගතය අතරතුර දුක්ඛිත ඉරණමකට මුහුණ දුන්නා. අපි එහිදී හඳුනාගත් ප්‍රධාන බාධක අතර, වෙළඳපොළට ඇතුළුවීම, ව්‍යාපාර කුසලතා, තාක්ෂණය භාවිතා කිරීම සහ මූල්‍ය ප්‍රවේශය තිබුණා” ඔහු පැහැදිලි කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධාන අභියෝග
- මූල්‍ය ප්‍රවේශ්‍යතාව / Finance Accessibility: ණය ලබා ගැනීමේදී බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අභියෝගයට ලක් වන්නේ ප්‍රධාන වශයෙන් ඇපකර අවශ්‍ය වීම නිසාය. විශේෂයෙන් වර්ධනය වැඩි කළ හැකි අවස්ථාවන්හි ආයෝජනය කළ නොහැකි ක්ෂුද්‍ර ව්‍යවසායන් ය.
- වෙළඳපොළට ප්‍රවේශය / Access To Market: බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විභවය දේශීය හෝ පළාත් වෙළඳපොළවලට පමණක් සීමා වී ඇත්තේ ඒවාට ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැති නිසාය.
- මෙහෙයුම් බාධක / Operating Hurdles: ව්‍යාපාර ලියාපදිංචි කිරීම, බදුකරණය සහ අනෙකුත් ගිවිසුම් සඳහා හිතකර පරිසරයක් නොමැති අතර, මෙය වර්ධනය අඩාල කරයි.
- කුසලතා සහ දැනුමේ හිඩැස් / Gaps In Skills and Knowledge: ව්‍යවසායක, ව්‍යාපාර සහ තාක්ෂණ කුසලතා කෙරෙහි ඇති සෘණාත්මක ආකල්පය බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අකාර්යක්ෂම මෙහෙයුම් පරිමාණයක සිරවී සිටීමට හේතු වේ.
සක්‍රීය කරන්නෙකු ලෙස තාක්ෂණය
රහල් පැහැදිලි කරන පරිදි, තාක්ෂණය මූලික වෙනසක් වන නමුත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දැනුම හා සම්පත්වල තවමත් කනස්සල්ලට කරුණක් වන බෙදීමක් පවතී. මෙම පුද්ගලයින්ට භාවිතා කළ හැකි මිල අඩු සහ සරල මෙවලම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
උදාහරණයක් ලෙස, Alibaba, Daraz, සහ Shopify වැනි සේවාවන්ට වෙළඳපළ ප්‍රවේශය ලබා දිය හැකි අතර, Canva සහ Vidyard වැනි සේවාවන්ට අන්තර්ගත නිර්මාණය කිරීමේ ගැටලුව විසඳා ගත හැකිය. තව ද, Blue Lotus 360 වැනි ඉන්වෙන්ටරි සහ මූල්‍ය කළමනාකරණ මෙවලම් ද මිල අඩු වන අතර ව්‍යාපාර මෙහෙයුම් ලිහිල් කිරීමට ඒවා බෙහෙවින් උපකාරී වේ. කෙසේ වෙතත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් මෙම තාක්ෂණයන් භාවිතා කරන විට, දේශීය භාෂාවෙන් පුහුණුව සහ සහාය ඇතුළත් වඩාත් පාලිත ක්‍රියාවලියක් හරහා සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් පවතී.
රහල් පවසන පරිදි, ජනතාවගේ මනස දිනා ගැනීම යනු නවතම තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කිරීමට වඩා ගැඹුරට යාමය. නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම දැනුම පරතරය ජය ගැනීමට උපකාර කිරීම ද වැදගත් ය.
අනාගතය සඳහා දැක්මක්
තාක්ෂණික මෙවලම් වලට අමතරව, ස්වයං සේවා ද්වාර / self-service portals, ත්‍රිභාෂා දැනුම / trilingual knowledge bases සහ YouTube හෝ Tiktok හි ව්‍යවසායකත්ව කොටස් වැනි පුළුල් කළ හැකි විසඳුම්වල අවශ්‍යතාවය රහල් අවධාරණය කළේය. මෙම ප්‍රවේශයන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන්ට ක්‍රියාකාරී මග පෙන්වීමක් ලබා ගැනීම සහතික කිරීම සඳහා කාලය සහ සම්පත් ඉලක්ක කරයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයන්, දැරිය හැකි මිලකට උපදේශනය, පුහුණුව, වැඩමුළු සහ මූල්‍ය සාක්ෂරතා දැනුම ඇතුළත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වර්ධනය සඳහා හිතකර පරිසරයක් සංවර්ධනය කිරීම ද අවධාරණය කළ යුතුය.
“කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අභියෝග විශාල ව්‍යවසායන් තරම් සංකීර්ණ නැහැ. ඔවුන්ට ධාරිතාව සහ තරඟකාරී විශ්වාසය ගොඩනගා ගත හැකියි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවැරදි මෙවලම් සහ මග පෙන්වීම පමණයි” රහල් නිගමනය කළේය.
උපාය මාර්ගවල ඇති මෙම හිඩැස් හඳුනා ගැනීමෙන්, ශ්‍රී ලංකාවට තවමත් ප්‍රයෝජනයට නොගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ හිඩැස් පියවා ගත හැකි අතර, එමඟින් ඉදිරි වසර සඳහා ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව දියුණු කරගත හැකි ය.
ඉදිරි මාවත
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සතු ශක්තිය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීම සඳහා, බහු පාර්ශ්වකරුවන්ගේ සාමූහික උත්සාහයන් අවශ්‍ය වේ. ප්‍රධාන විදුලි සංදේශ ක්‍රියාකරුවන් සහ පද්ධති ඒකාබද්ධ කරන්නන් දැනටමත් ඔවුන්ගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණ වැඩසටහන් හරහා සහාය ලබා දීමේ බර දරයි.
කෙසේ වෙතත්, රජයේ සහයෝගය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නූතන ලෝකය තුළ තරඟ කළ හැකි වන පරිදි ඩිජිටල් මෙවලම් පිළිබඳ සිංහල/දෙමළ භාෂාවෙන් ස්වයං සේවා ද්වාර සහ අධ්‍යාපනික වේදිකා ස්ථාපිත කළ යුතුය.
මෙම ගැටලු වලට මුහුණ දීමෙන්, ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝගවලට ඔරොත්තු දිය හැකි යුගයකට පිවිසිය හැකිය. ඩිජිටල්කරණය තාක්ෂණයට පමණක් සීමා නොවී, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම ඩිජිටල්කරණය වූ යුගයට අනුවර්තනය වීමට හැකියාවන් නිර්මාණය කරයි.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නොනැසී පැවතීමට සහ සමෘද්ධිමත් වීමට අවශ්‍ය නම්, අනාගතයේ දී දිග හැරෙන අභියෝගවලට එරෙහිව ආරක්ෂා වීම සඳහා ඔවුන් ඩිජිටල්කරණය වැළඳ ගත යුතුය. ඔවුන්ගේ ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සහ ඔවුන් තම ගනුදෙනුකරුවන්ට මාර්ගගතව සේවය කරන මෙවලම් හේතුවෙන් විශාල ව්‍යවසායන් මෙම දුෂ්කර ස්ථානවල බර කාර්යක්ෂමව ලබා ගනිමින් සිටිති. ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දැන් ඩිජිටල් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වටහා ගත යුතු අතර ඔවුන්ට වර්ධනය වීමට සහ නොනැසී පැවතීමට නම්, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මාර්ගගතව ව්‍යාපාර සොයන මෙම ඩිජිටල් බුද්ධිමත් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ට ශක්තිමත් ඩිජිටල් පැවැත්මක් අවශ්‍ය වේ. ඊට අමතරව මෙම අනාගත ගනුදෙනුකරුවන් උපරිම පහසුව සොයති. එය ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අමතක නොකළ යුතු කරුණකි.
කර්තෘ – උවිඳු ඉලේපෙරුම – Empowering SMEs with the Power of Digitalization යන ශීර්ෂ පාඨය යටතේ 2025 පෙබරවාරී 05 වැනි දින dailynews.lk හි පළ වූ ලිපියක සිංහල පරිවර්තනයකි.