Emirates ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

Spread the love

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත.

2022 දී ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ SLTPB අතර සහයෝගීතාව ශක්තිමත් වනු ඇති අතර, එමිරේට්ස් ජාලය තුළ ප්‍රධාන වෙළඳපොළවල් සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට ගුවන් සේවය සහ සංචාරක ආයතනය ඔවුන්ගේ කැපවීම අවධාරණය කරයි. දිවයිනේ ප්‍රධාන පෝෂක වෙළඳපොළවල් වෙත විනෝද චාරිකා සහ හුරුපුරුදු කරවීමේ චාරිකා සංවිධානය කිරීම වැනි ඒකාබද්ධ මුලපිරීම් හරහා එමිරේට්ස් සහ SLTPB විසින් බලාපොරොත්තු වන්නේ ගුවන් සේවයේ ගෝලීය ජාලය හරහා ගමනාන්තය ප්‍රදර්ශනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමයි.

මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් දරණ මෙවැනි ඒකාබද්ධ උත්සාහයන් දිවයිනට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වී ඇති අතර 2024 දී එසේ සංචාරකයින් මිලියන 2කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා විය. 2024 අප්‍රේල් සිට 2025 මාර්තු දක්වා කාලය තුළදී එමිරේට්ස් ගුවන් සේවය රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එහි ජාලය වටා ඇති ප්‍රධාන වෙළඳපොළවල් වලින් ශ්‍රී ලංකාවට ගුවන් මගීන් 240,000 කට අධික සංඛ්‍යාවකට ගුවන් ගමන් සේවා සපයා ඇත.

ඩුබායි සහ උතුරු අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරාල් ඇලෙක්සි ගුණසේකර සහ එමිරේට්ස්හි නියෝජ්‍ය සභාපති හා ප්‍රධාන වාණිජ නිලධාරී අද්නන් කාසිම් ඉදිරියේ දී එමිරේට්ස් හි බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය තුළ වාණිජ මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති එසා සුලෙයිමාන් අහමඩ් (දකුණේ) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂක සම්පත් නිශ්ශංක (වමේ) විසින් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *