එළඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) විසින් ඊයේ (05) කොළඹ කොටස් වෙළඳපොළේ (Colombo Stock Exchange – CSE) සීනුව නාද කරන ලදී. කාන්තා අයිතිය යටතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා වන සීනුව නාද කිරීම ද WCIC හි 40 වන සංවත්සරයට සමගාමීව සිදු විය. මෙහිදී, WCIC සභාපතිනි ගයනි ද අල්විස් අනෙකුත් නියෝජිතයින් සහ CSE නිලධාරීන් සමඟ සීනුව නාද කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.
මූලාශ්‍රය – ft.lk