ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් මුහුණ දෙන අභියෝග බාධා සහ සීමාවන් මොනවාද ?

Spread the love

සෑම ජාතියකම ආර්ථික ප්‍රගතියට ව්‍යවසායකත්වය සැලකිය යුතු ලෙස බලපායි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වඩා කාන්තාවන් සමන්විත වන නමුත් ඔවුන්ගෙන් ආර්ථිකයට ක්‍රියාකාරීව සහභාගී වන්නේ 35%ක් තරම් පිරිසකි. එබැවින් කාන්තා ව්‍යවසායකත්වය රටට තීරණාත්මක වේ (සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2007).

නමුත් වර්තමානයේ කාන්තාවන් සෑම වෘත්තියකම වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ඔවුන් ධනය උත්පාදනය, රැකියා සහ නවෝත්පාදනය සඳහා ඔවුන්ගේ දායකත්වය හරහා ප්‍රධාන ආර්ථික දර්ශක සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරයි. ගෝලීය කාන්තා සමුළුවට / Global Women’s Summit අනුව, අවිධිමත් සමාගම්වල සැලකිය යුතු ඉහළ ප්‍රතිශතයක් සහ ලොව පුරා විධිමත් අංශයේ ව්‍යාපාරවලින් හතරෙන් එකක් සහ තුනෙන් එකක් අතර ප්‍රතිශතයක් කාන්තාවන් සතුය.

මේ දිනවල, කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත්, මූල්‍යමය වශයෙන් ස්වාධීන සහ බලපෑම් සහගත තීරණ ගන්නන් සහ නැගී එන වෘත්තීන් කිහිපයක ප්‍රතිපත්ති සම්පාදකයින් ද වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (Small and Medium Enterprises – SEMs) යනු මීට පෙර ‘ක්ෂුද්‍ර ව්‍යවසායන් / microenterprises’ ලෙස ක්‍රියාත්මක වූ කාන්තා ව්‍යවසායකයින් සඳහා වන නව නිවහනයි.  සංඛ්‍යා තවමත් ඇදහිය නොහැකි තරම් අඩු වුව ද. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%කට හිමිකම් කියන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වුව ද, එහි ව්‍යවසායකයින්ගෙන් 10%ක් පමණ කාන්තාවන් බව කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ (Women’s Chamber of Industry and Commerce – WCIC) සභාපතිනිය පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලින් 90%කට වැඩි ප්‍රමාණයක් තනි පුද්ගල ව්‍යාපාර / sole proprietorships වේ. කාන්තා ව්‍යවසායකයින් ආයතනවලින් 25%ක් ක්‍රියාත්මක කරන අතර, නාගරික ප්‍රදේශවලට (28%) වඩා ග්‍රාමීය ප්‍රදේශවල (35%) කාන්තා ව්‍යවසායකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ඇත. SLASSCOM දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යවසායවලින් කාන්තා ආරම්භකයින් සිටින්නේ 4%ක් පමණි. කාන්තා ව්‍යවසායකයින් තම ව්‍යාපාර දියත් කිරීමේ දී සහ ව්‍යාප්ත කිරීමේ දී මුහුණ දෙන විවිධ බාධාවන් හේතුවෙන්  මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන පොදු අභියෝග කිහිපයක් පහත දැක්වේ.

ආසියානු කාන්තා ව්‍යාපාර හිමිකරුවන් මුහුණ දෙන ප්‍රධාන බාධාව වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයයි / Gender discrimination. ව්‍යවසායකත්ව ලෝකයේ ස්ත්‍රී පුරුෂ අසමානතා පවතින බව කවුරුත් දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දරන්නේ පිරිමින් බව තවමත් විශ්වාස කෙරේ.  පසුගිය වසර 50ක කාලය තුළ කාන්තාවන් ශ්‍රම වෙළඳපොළට සක්‍රීයව සහභාගී වුව ද, පිරිමින්ට සාපේක්ෂව ඔවුන් මුහුණ දෙන අභියෝග නිසා ඔවුන් තවමත් ව්‍යාපාරික කටයුතුවල සැලකිය යුතු ලෙස අඩුවෙන් නියෝජනය වන අතර මෙම සාම්ප්‍රදායික මට්ටම් ජය ගැනීම අභියෝගාත්මක විය හැකිය.

පවතින පක්ෂග්‍රාහීත්වය සහ සමාජ හා සංස්කෘතික විෂමතා නිසා කාන්තාවන් අමතර අවාසි වලට මුහුණ දෙයි. පවුලේ සමාජීය සහ සංස්කෘතික ජීවිතයේ කේන්ද්‍රස්ථානය සහ මුල්ගල කාන්තාව බව සංස්කෘතික විශ්වාසය ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් බහුලව පවතී. කාන්තාවන් සඳහා, ක්‍රියාකාරිත්වයේ ස්ථානය නිවසයි. “පිරිමි ගෙවල් හදනවා, ගෑනු නිවස හදනවා / men make houses and women make homes” යන පැරණි මතය තවමත් පවතී.

මීට අමතරව, සමාජ ජාල / Social networks ද ව්‍යවසායකයෙකුගේ සාර්ථකත්වයේ අවස්ථා කෙරෙහි බලපායි. වඩාත් සාමාන්‍යයෙන්, වෙනත් ව්‍යාපාර හිමිකරුවන් සමඟ ජාලගත කරන සහ ඇසුරු කරන කාන්තා ව්‍යවසායකයින් පිළිබඳ සමාජය තුළ ඇත්තේ නිෂේධාත්මක හැඟීමකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ කාන්තා ව්‍යවසායකත්ව ජාල / Women’s entrepreneurship networks සමාජ වත්කම් ලෙස නොදියුණු මට්ටමක පවතී. ඔවුන්ගේ සමකාලීන වගකීම් හේතුවෙන්, දුර්වල ආධාරක ජාලයක් හේතුවෙන් ව්‍යවසාය සංවර්ධනයේ වැදගත් අදියරවල සිටින කාන්තාවන්ට බොහෝ දුර ගමන් කිරීමට හෝ ජාලකරණයට සහභාගී වීමට නොහැකි වේ. තවත් ජාලකරණ ගැටලුවක් වන්නේ (බොහෝ කාන්තාවන් තරමක් පසුබට වන) දැඩි තරඟකාරිත්වය ඇති කිරීමට ඇති බිය නිසා කාන්තාවන් ව්‍යාපාරික අදහස් සාකච්ඡා කිරීමට මැලි වීමයි.

කාන්තා ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය සඳහා පවුලේ සාමාජිකයින්ගේ සහයෝගය ඉතා වැදගත් වේ. කාන්තා සමාගම් ව්‍යවසායකයින්ට ඇති ලොකුම බාධාවක් වන්නේ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීමට සහ ඔවුන්ගේ පවුල කළමනාකරණයේ දී ඇති වන ආතතියයි. ඔවුන්ගේ ද්විත්ව (නිවස) සහ ත්‍රිත්ව (ප්‍රජා) භූමිකාවන් සහ බැඳීම් හේතුවෙන්, ඔවුන් ව්‍යාපාර සඳහා අවශ්‍ය කුසලතා සහ අත්දැකීම් වෙත ප්‍රවේශ වීමට සෘණාත්මකව බලපාන විවිධ සංචලතා සීමාවන්ට මුහුණ දෙයි. මේ අනුව, රැකියා-පවුලේ ගැටුම්, ඇයගේ රැකියා තෘප්තිය, විවාහ තෘප්තිය සහ ජීවන තත්ත්වය කෙරෙහි බලපෑම් කිරීමෙන් පුද්ගලයාගේ සමස්ත යහපැවැත්මට බලපෑම් කළ හැකිය.

ෂෙරින් ශිරෝමී, (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) විසින් Challenges for Women Entrepreneurs in Sri Lanka යන ශීර්ෂපාඨය යටතේ https://www.linkedin.com වෙත සම්පාදිත ලිපියක සිංහල පරිවර්තනයකි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *