මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළට

Spread the love

2024 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ අක්‍රීය ණය (Non-Performing Loans – NPL) 12.3% දක්වා අඩු වී ඇති අතර, එමඟින් එම අංශයේ ණය අවදානම ක්‍රමයෙන් ලිහිල් වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුදල් ප්‍රතිපත්ති වාර්තාවට අනුව, අදියර 3 ණය අනුපාතය හරහා පිළිබිඹු වන පරිදි, බැංකු අංශයේ සමස්ත ණය පැහැර හැරීමේ අවදානම 2023 අවසානයේ වාර්තා වූ 12.8% සිට 2024 අවසානයේ 12.3% දක්වා අඩු විය.

එහෙත් බැංකු අංශයේ අක්‍රීය ණය, 2024 අවසානයේ 11.3% ක් වූ මූල්‍ය සමාගම් (finance companies – FC) අංශයේ 3 වන අදියර ණය අනුපාතයට වඩා ඉහළින් පැවතුනි.

බැංකු අංශයේ ණය අවදානම ක්‍රමයෙන් ලිහිල් වීමක් පෙන්නුම් කරමින්, 2024 ජුනි මාසයේ සිට අක්‍රීය ණය අනුපාතය ද වාර්ෂික පදනමින් හැකිලෙමින් පවතින බව මහ බැංකුව පැවසීය.

එපමණක් නොව, සාර්ව ආර්ථික තත්ත්වයන් ලිහිල් වීම මධ්‍යයේ වුව ද, 2024 වසර තුළ මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිදියුණු වූ බව වාර්තාව පවසයි.

“සමාලෝචනයට ලක් වූ කාලපරිච්ඡේදය තුළ බැංකු අංශයේ මුළු වත්කම් වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආයෝජන සහ ණය සහ ලැබීම් වැඩිවීමයි” යනුවෙන් මහ බැංකුව පැවසීය.

ඒ අනුව, බැංකු අංශයේ වත්කම් 2024 අවසානයේ 8.7%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර රුපියල් ට්‍රිලියන 22.2ක් විය.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මධ්‍යයේ වුව ද, 2024 අවසානයේ බැංකු අංශයේ දළ ණය සහ ලැබීම් 4.1%කින් වාර්ෂිකව වර්ධනය විය.

තව ද, 2024 වසර තුළ බැංකු අංශයේ බදු ගෙවීමෙන් පසු ලාභය (Profit-After-Tax – PAT) පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩි වූ අතර, 2023 දී රුපියල් බිලියන 188.4ක් වූ අතර එය 2024 දී රුපියල් බිලියන 309.8ක් විය.

තවද, 2024 දෙසැම්බර් මස අවසානයේදී මූල්‍ය සමාගම් අංශය එහි ණය සහ අත්තිකාරම් කළඹෙහි 20.9%ක වාර්ෂික ප්‍රසාරණයක් වාර්තා කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය කල්බදු, උකස්/රන් ණය සහ පුද්ගලික ණයවල වැඩිවීම හේතු විය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *