Asia International Consolidated (pvt) Ltd වසරේ හොඳම නැඟී එන සමාගම් සමූහය ලෙස සම්මාන ලබයි

Spread the love

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහ කෘෂිකාර්මික සංචාරක හා සෙසු ක්ෂේත්‍ර ගණනාවක දියුණුවට සුවිසල් දායකත්වයක් සැපයූ වසරේ හොඳම නැඟී එන සමාගම් සමූහය ලෙස Asia International Consolidated (pvt) Ltd සමූහය සම්මාන දිනා ගත්තේය.

එම සමාගම් සමූහය වෙනුවෙන් එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය අසංක දිසානායක මහතා ඉකුත්දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ, පැවති මානව හිමිකම් සංවිධානය ලංකා විසින් සංවිධානය කළ HUMAN RIGHTS EXCELLENCE AWARD 2025 සම්මාන උළෙලේදී එම සම්මානය ලබා ගත්තේය.

සමාගම් සමූහය සතුව සමාගම් හතක් ක්‍රියාත්මක අතර කෙටිකාලීන වාණිජ බෝග වගාව ඇතුළු තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම උදෙසාවූ කෘෂි ව්‍යාපාර, විදෙස් සංචාර සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ව්‍යාපාර, ඖෂධ තොග වශයෙන් මෙරටට ගෙන්වා රට පුරා බෙදා හැරීමේ ව්‍යාපාර, මෙන්ම තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව පාදක කර ගනිමින් මෙරට ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රමිතිගත ජාත්‍යන්තර සුපිරි අලෙවිසල් ජාල වෙත යොමු කිරීම වැනි ව්‍යාපාර ඒ අතර වේ.

මේවායින් විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසකට නව රැකියා සහ ආදායම් උත්පාදනය වී ඇතැයි ද ඒ හරහා සමාජීය සේවාවන් රාශියක් ක්‍රියාත්මක වී ඇතැයි ද යන්න සලකා බලා මෙම සම්මානය මෙම සමූහයට පිරිනැමීමට මානව හිමිකම් සංවිධානය ලංකා විසින් සංවිධානය විසින් පියවර ගෙන ඇත. මෙහි වාණිජ කෘෂිකාර්මික කටයුතු බුලත්සිංහල, බොරලන්ද සහ හොරණ ප්‍රදේශ පාදක කොටගෙන මහා පරිමාණයෙන් සිදු කරනු ලබයි. මෙම සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් ලෙස දුලන්ති කොඩිකාර, මුදිත ජයවර්ධන මහත්ම මහත්මිහු කටයුතු කරන අතර, එහි සාමාන්‍යාධිකාරීවරයා ලෙස අලංක අබේසේකර මහතා කටයුතු කරයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *