කොමර්ෂල් බැංකුව සහ මයික්‍රො සමාගම වෙතින් ආකර්ෂණීය ලීසිං ප්‍රවර්ධනයක්

Spread the love

මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාසයන් සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත.

2026 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධනය යටතේ සමාගම් දෙකම ලීසිං ගනුදෙනුකරුවන්ට විශේෂ ප්‍රතිලාභ ලබා දෙන බව බැංකුව පවසයි.

මෙම ප්‍රතිලාභ මයික්‍රෝ සමාගම නියෝජනය කරන සියලුම වෙළඳ සන්නාම වන MG, Chery, Proton, KGM – SUV රථ සහ අධි සුඛෝපභෝගී බස් රථ සඳහා ද අදාළ වේ.

Chery Tiggo4Pro SUV රථ සඳහා රු. 50,000 ක වට්ටමක්, Proton Saga මෝටර් රථ සඳහා පළමු වසරේ පූර්ණ රක්ෂණ ආවරණයක් සහ වසර දෙකක හෝ කිලෝමීටර 40,000 ක සර්විස් පැකේජයක් නොමිලේ ලබා දීමට සහ Rexton Sports පිකප් රථ සඳහා පළමු පාරිභෝගිකයින් 50 දෙනා සඳහා නොමිලේ වාහන ලියාපදිංචි කිරීමට මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මයික්‍රෝ සමාගම කටයුතු කරනු ඇත.

මීට අමතරව, MG ZS MCE පළමු පාරිභෝගිකයින් 300 දෙනාට විශේෂ හඳුන්වාදීමේ මිලක් සහ MG ZS Hybrid+” MG HS PHEV, MG S5 Sedan” MG S5 – EV සහ MG4 – EV වාහන සඳහා විශේෂ මිලක් සමාගම ලබා දෙනු ඇත.

කොමර්ෂල් බැංකුව විසින් දැනට සිටින සහ නව ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය සහ දැරිය හැකි ලීසිං වාරික ගෙවීම් සහිත අභීරුචිකරණය කරන ලද ගෙවීම් සැලසුම් ලබා දෙන අතර මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන තුළින් නව වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව නිර්මාණය කරයි.

කොමර්ෂල් බැංකුවෙහි සුපර් ලීසිං පහසුකම යටතේ වසර හතක ලීසිං පහසුකමක් සඳහා සෑම රුපියල් 100,000 කටම රුපියල් 1,598.00 ක අඩු වාරිකයන් අය කරනු ලැබේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ කපිල ලියනගේ මහතා, මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමූහයේ අධ්‍යක්ෂ අසේල ලිහිණිකඩුව මහතා සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව. සමාගමේ අලෙවි ප්‍රධානී ජේකබ් නිශාන්තන් රාජ් මහතා, මූල්‍ය කළමනාකරු තිළිණ වීරසිංහ මහතා සහ ප්‍රාදේශීය කළමනාකරුවන් වන කේ. කුගන් මහතා සහ අසංක හේරත් මහතා සහ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කළමනාකරු – පාරිභෝගික බැංකු නිෂ්පාදන දුෂ්මන්ත ජයසූරිය මහතා, කළමනාකාරිනී – ලීසිං සහ පුද්ගලික ණය චින්තිකා වර්ණකුලසූරිය මහත්මිය සහ විධායක නිලධාරී – පාරිභෝගික බැංකු චන්ද්‍රි ප්‍රේමරත්න මහත්මිය යන අය ද එම අවස්ථාවට සහභාගී විය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *