
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් “ඇණවුම් හඳුනාගැනීමේ සිට අපනයන සාර්ථකත්වය දක්වා කාර්යෝපාය (Logistics) දැනුම වැඩිදියුණු කිරීම” නමින් එක් දින පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන්ට අපනයන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යෝපාය (Logistics) දැනුම ලබාදීමය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක මංගල විජේසිංහ මහතා මෙම අවස්තාවට එක්වෙමින්, අපනයනකරුවන්ට නවතම තොරතුරු සහිතව අවශ්‍ය දැනුම ලබාදීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු 2025 ක්‍රියාකාරී සැලැස්ම මාර්ගය යටතේ වෙළඳ තොරතුරු සහ වෙළඳ පහසුකම් සැලසීමේ අංශය හරහා විවිධ මාතෘකා ඔස්සේ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් රැසක් සංවිධානය කරන බව ද ඔහු අවධාරණය කළේය.
වෙළඳ තොරතුරු හා වෙළඳ පහසුකම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර මහතා වැඩසටහනේ අරමුණු පැහැදිලි කරමින්, අපනයනකරුවන්ට කාර්යෝපාය (Logistics) අභියෝග ජය ගැනීමට මෙම වැඩසටහන මඟින් ලැබිය හැකි සහයෝගය තවදුරටත් විස්තර කළේය.
වසර 25කට වැඩි ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ පළපුරුද්දක් ඇති කාර්යෝපාය (Logistics) විශේෂඥයෙකු වන දිනේෂ් ද සිල්වා මහතා ආරාධිත දේශණය පවත්ව ලද අතර අපනයන ඇණවුම් සහ ගැනුම්කරුවන් හඳුනා ගැනීම, සැපයුම් මූලධර්ම පිළිබඳ හැඳින්වීම, සුදුසු ප්‍රවාහන මාදිලිය (මුහුදු හෝ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය) තෝරා ගැනීම, භාණ්ඩ ප්‍රවාහනය සදහා සුදුස්සකු තෝරා ගැනීම සහ ප්‍රධාන සලකා බැලීම්, පූර්ව සහ පශ්චාත් නැව් ලියකියවිලි ඇතුළු ජාත්‍යන්තර වෙළඳාමේ අවදානම් සහ අපනයන කර්මාන්තයේදී මුහුණදෙන සැබෑ සිද්ධි පිළිබදව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන ලදී.