MSMES නැංවීමේ ‘RE MSME PLUS’ ණය යෝජනා ක්‍රමය ඉහළම සාර්ථකත්වයට!

Spread the love

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා සහනදායී ණය ලබා ගැනීමට උපකාර කිරීම අරමුණු කරගත් “මූල්‍ය ප්‍රවේශය” (Access to Finance) දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව පවත්වන ලදී.

ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේප්‍රධාන කථිකයා වශයෙන් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සහභාගී වුණ අතර 2026 වසර තුළ රජය විසින් ලබාදුන් විවිධ සහන පොලී ණය යෝජනා ක්‍රම හරහා මෙතෙක් අත්කරගත් ප්‍රගතිය  පිළිබඳ පැහැදිලි කිරීමක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කළේය.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානම පදනම වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) සවිබල ගැන්වීම වෙනුවෙන් රජය හඳුන්වා දුන් ‘RE MSME PLUS’ සහනදායී ණය යෝජනා ක්‍රමය මේ වන විට අතිශය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. මේ සඳහා වෙන් කර තිබූ රුපියල් බිලියන 25ක සම්පූර්ණ මුදල මේ වන විටත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 15ක් හරහා ව්‍යවසායකයන් වෙත ලබා දී (රුපියල් බිලියන 19ක්) හෝ ලබා දීමේ අවසන් අදියරේ (Pipeline) පවතිනවා.

එම නිසා මෙම ණය ක්‍රමය නැවත ආරම්භ වන්නේ 2027දී, මීට අමරව නිශ්චිත  අරමුණු වලට ADB හරහා ළැබෙන රුපියල් බිලියන 13ක පමණ ණය  ජූලි මාසයෙන් පසු බැංකු ක්ෂේත්‍රවය ලැබීමට නියමිතයි.

2026 විවිධ සහන පොලී ණය හරහා මෙතෙක් අත්කරගත් ප්‍රගතිය කෙටියෙන්:

ලබාදුන් ණය ක්‍රම

  • RE MSME Plus – රුපියල් බිලියන 25
  • RE MSME Disaster Relief – රුපියල් බිලියන 10
  • Farming System Sustainability Programme (FSSP) – රුපියල් මිලියන 500
  • ADB Loans – රුපියල් බිලියන  13.6
  • Pledge Loan Scheme for SME Paddy Millers and Corporative Societies  – රුපියල් බිලියන 15
  • New Comprehensive Rural Credit Scheme – රුපියල් බිලියන 25

ප්‍රතිලාභී ව්‍යවසායකයන්: මේ වන විට ව්‍යවසායකයින් 6,000ත් 8,000ත් අතර ප්‍රමාණයකට සහන පොලී ණය මුදල් ලබා දී අවසන්.

2026 වසර අවසානය වන විට ප්‍රතිලාභ ලැබූ සමස්ත ව්‍යවසායකයින් සංඛ්‍යාව 15,000 දක්වා ඉහල යාම අපේ අපේක්ෂාවයි.

ණය සුරක්ෂණ ක්‍රමවේදය (Collateral-Free):

ඇපකර නොමැතිවීම නිසා ණය ලබා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයන් වෙනුවෙන් හඳුන්වා දුන් විශේෂ ණය සුරක්ෂණ ක්‍රමය යටතේ මේ වන විට ව්‍යවසායකයින් 1,750කට සහන සලසා ඇති අතර, තවත් 1,500කට ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) හරහා මේ වසරේදීම ලබා දීමට නියමිතයි.

“පෙර පැවති දීර්ඝ හා සංකීර්ණ බැංකු ක්‍රමවේද වෙනුවට, ව්‍යවසායකයන්ට කඩිනමින් මූල්‍ය පහසුකම් ලබාගත හැකි සරල සහ වේගවත් ඩිජිටල් ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වා දී තිබෙනවා. තරුණ ව්‍යවසායකයන් සහ කාන්තා ව්‍යවසායිකාවන් ශක්තිමත් කිරීම අපේ ප්‍රමුඛතම අරමුණයි.”.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *