රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව: සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට හිමිවන සහන

Spread the love

එහි දී හානියට ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ලබා දීමට නියමිත සහන සම්බන්ධයෙන් ජනපතිවරයා ප්‍රකාශයට පත් කළ සහන පහත දැක්වේ.

”ආපදාවෙන් හානි වූ ව්‍යාපාරික ස්ථානවලට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි  වෙන්න කියලා අවස්ථාවක් ලබා දුන්නා, ඒ අනුව තනි ව්‍යාපාර,  ක්ෂ්ද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර  වශයෙන්  9600ක් ලියා පදිංචි වී තිබෙනවා.  එම කර්මාන්තවලට යළි පණ දීමට මේ ව්‍යාපාර ස්ථාන  9600ටම රුපියල් ලක්ෂ 2ක බැගින් ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා.

ව්‍යාපාරික ගොඩනැගිවලටද විශාල හානියක් සිදුව තිබෙනවා. අර්ධ හානියට පත් ව්‍යාපාරික ස්ථානයකට ආරම්භයක් වශයෙන් රුපියල් ලක්ෂ 5ක් ලබා දෙනවා. ඒක ප්‍රමාණවත් නොවන්නේ නම් තක්සේරු කර උපරිම ලක්ෂ 50ක් දක්වා ලබා දෙනවා.

තමන්ට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 5 වැඩි නම්, රුපියල් ලක්ෂ 5 ආධාර මුදල අරගෙන තක්සේරු කරන්න බැහැ. ඊළඟට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවුණු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙළෙඳ බලපත්‍ර ලබා ගත් සුළු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. නමුත් දත්ත තවම එකතු වී නැහැ. එනිසා දත්ත එකතු නොවී අපට තවම තීරණයක් ගන්න බැහැ.

නමුත් කඩේ භාණ්ඩ සියල්ල විනාශ වුණා නම් යළි ව්‍යාපාරය ආරම්භ කරන්න  නම් ආණ්ඩුව ආධාර කරන්න අවශ්‍යයි. ඒකට  දත්ත නොමැති නිසා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රා‍දේශීය වශයෙන් තිබෙන ව්‍යාපාර ස්ථාන සම්බන්ධව වාර්තාවක් ලබා ගෙන දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.  ඉස්සන් වගාව වැනි මිල අධික මහා පරිමාණ ව්‍යාපාර වලට සහනශීලී ණයක් ලබා දීමට අප තීන්දු කර තිබෙනවා.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ 10ක් දක්වාත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිම ලක්ෂ 250ක් දක්වාත් ණය ලබා දෙනවා. ණය ලබා දීමේදී  ආණ්ඩුව පොළියක් අය කරගන්නේ නැහැ. අපි බැංකුවලට මුදල් ලබා දෙනවා, බැංකු හරහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී පරිපාලන යම් වියදමක් යනවා. ඒ වියදමට සරිලන කුඩා පොළියක් බැංකුව අය කරයි. ණය මුදල් ලබා ගැනීමෙන් අනතුරුව නැවත ණය මුදල ගෙවීම සිදුකළ යුත්තේ මාස හයකින් පසුවයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *