ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

Spread the love

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන්  ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සහ නීති කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

‍ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. මේ අනුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන පිළිඳව දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය. එසේම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වඩාත් හොදින් අවධානය යොමු කිරීම වැදගත් බවත් ඒ අනුව ඉදිරි දිනයකදී නැවතත් මෙම සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කරනු ලබන බවත් කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) ලක්මාලි හේමවන්ද්‍ර මෙනවිය පැවසීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, තිළින සමරකෝන්, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, (නීතිඥ) සාගරිකා අතාවුද, සුරංග රත්නායක සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *