ව්‍යවසායකත්ව සංවර්ධනයට කර්මාන්ත අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ඒකාබද්ධ වැඩපිළිවෙළක්

Spread the love

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය හිමිවන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ යටතේ,

  • IDB, NEDA, SEDD යන ආයතන ඒකාබද්ධ නව ආයතනයක් බිහි කිරීම
  • මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අධීක්ෂණ යන්ත්‍රණයක් ලෙස පර්යේෂණ හා සංවර්ධන අංශයක් නිර්මාණය කිරීම
  • ව්‍යවසායකත්වය පහසු හා සරල කිරීම සඳහා ප්‍රතිපත්තිමය හා නීතිරීති වෙනස් කිරීමේ වැඩසටහන  ( Policy reforms for Entrepreneurship facilitation) දියත් කිරීම
  • අපනයන සංවර්ධන උපාය මාර්ගික සැලැස්මක් නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදුවන බව කීවේය.

මෙම වැඩසටහනේ ප්‍රගති සමාලෝචනයක් පසුගිය දා කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත් වුණ අතර එම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනෝජා හේරත් මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින්  Mr. Rana Hasan, Regional Lead Economist | ADB, Ms. Kanupriya Gupta, Senior Public Sector Economist | ADB, Ms. Nyda Mukhtar, Public Management Specialist | ADB, Mr. Dinuk de Silva, Senior Economics Assistant | ADB, Mr. Anuj Chaudhary | ADB Consultant, Mr. Herath Jayasundara | ADB Consultant යන නිලධාරීන් සහභාගී වූ බව ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසුවේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *