
ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී, එම ව්‍යාපාරය ගෘහ ආශ‍්‍රිත ආහාර සැපයුම් සේවාවක්, ඇඳුම් විලාසිතා සාප්පුවක් හෝ ඩිජිටල් පාදක කරගත් ව්‍යාපාරයක් වුවද එහි ලාභ අලාභ, සංඛ්‍යා දත්ත පවත්වා ගෙනයාම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් එවැනි සංඛ්‍යා දත්ත අතර, ප‍්‍රමාද වනතුරු බොහෝ දෙනෙක් නොසලකා හරින එක් තවත් වැදගත් සාධකයක් තිබේ. එනම් බදු ගෙවීමයි. අර්ථවත් හා කල් පවතින ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට උත්සාහ දරන කාන්තා ව්‍යවසායකයින් සඳහා, බදුකරණය යනු නීතිමය අවශ්‍යතාවයක් පමණක් නොව, එය ව්‍යාපාරික වශයෙන් වාසියක් බව තේරුම් ගැනීමද ඉතා වැදගත් වේ.
ඔබ සිටින්නේ ඔබේ ව්‍යාපාරයේ ආරම්භක අවධියේ නම් බදු යනු සංකීර්ණ හා බිය උපදවන මාතෘකාවක් ලෙස දැනිය හැකිය. නමුත් සත්‍යය නම්, බදු පිළිබඳ දැනුම යනු බලයයි. එය ඔබේ නිෂ්පාදන නිවැරදිව මිල නියම කිරීමට, ඔබේ ආදායම වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමට සහ ඔබේ ව්‍යාපාරයට අරමුදල් ලබා ගැනීමට හෝ ජාත්‍යන්තරව වර්ධනය වීමට අවශ්‍ය විශ්වසනීයත්වය ගොඩනැගීමට උපකාරී වේ.
ඉතින්, බදු යනු කුමක්ද? සරලව කිවහොත්, එය අපට ජීවත් වීමට අවශ්‍ය රට ගොඩනැගීමට සෑම පුරවැසියෙකුම කරන දායකත්වයයි. සෞඛ්‍ය සේවා සහ නිදහස් අධ්‍යාපනයේ සිට යටිතල පහසුකම් සහ සමාජ සේවා දක්වා පසුගිය වසරේ රජයේ වියදම් වලින් 91% ක් ආවරණය කරන ලද්දේ සාමාන්‍ය මහජනතාවගෙන් සහ ව්‍යාපාරවලින් එකතු කරන ලද බදු ආදායම් මඟිනි. බදු ගෙවීම රාජකාරියක් පමණක් නොව එය ජාතියේ ප‍්‍රගතියේ ඔබේ දායකත්වයයි.
ව්‍යාපාර හිමියන්ගෙන් විවිධ ආකාර වලින් බදු අය කෙරේ. එනම් ආදායම් බදු, වැට් බදු, ආනයන බදු, මුද්දර ගාස්තු සහ තවත් බදු වර්ගයි. එම බදු වලට අදාල නීති රීති ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය සහ ප‍්‍රමාණය මත රඳා පවතී. උදාහරණයක් ලෙස, ඔබ වසරකට රුපියල් මිලියන 1.8 (හෝ මසකට රුපියල් 150,000) ඉක්මවන තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙකු නම්, ඔබ නීත්‍යානුකූලව ආදායම් බදු ගෙවීම අවශ්‍ය වේ. ඔබේ ව්‍යාපාරය පුද්ගලික සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්නම්, ඔබේ ලාභය මත 30% ක බද්දක් ගෙවීමට බැඳී සිටී. ඔබ නැවත විකිණීම සඳහා භාණ්ඩ ආනයනය කරන්නේ නම්, නිෂ්පාදනය සහ එහි HS කේතය අනුව, ඔබ වැට් බදු, SSCL සහ විවිධ රේගු බදු ගෙවිය යුතුය.
කුඩා ව්‍යාපාර හිමියන් අතර බහුලව දක්නට ලැබෙන වැරදි පියවරක් වන්නේ ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවාවන්හි පිරිවැය ගණනය කිරීමේදී බදු බැහැර කිරීමයි. මේ හේතුවෙන් ඉක්මනින් ලාභ ගිලිහී යා හැකිය. බදු යනු ව්‍යාපාර මෙහෙයුම් අවසානයේ අවධානය යොමු කළයුතු කරුණක් නොව, එය ඔබේ මිලකරණ ව්‍යුහයේ වැදගත් කොටසකි. කොපමණ මුදලක් අය කළ යුතු දැයි තීරණය කිරීමට පෙර, එම මිලෙන් කුමන කොටස ඔබේ බදු ගෙවීම් සඳහා වැය වන්නේද යන්න ඔබ හොඳින් තේරුම් ගත යුතු වේ.
එසේම තවත් තීරණාත්මක කරුණක් වන්නේ ඔබේ ව්‍යාපාරයෙන් පුද්ගලික මූල්‍ය වෙන් කිරීමයි. ආදායම් සහ වියදම් පිළිබඳ පැහැදිලි වාර්තා තබා ගැනීම හොඳ පුරුද්දක් පමණක් නොව, නීති රෙගුලාසි වලට අනුකූලව ව්‍යාපාරය පවත්වාගෙන යාම සහ එමඟින් සිදුවිය හැකි දඬුවම් වළක්වා ගැනීම සඳහාද එය අත්‍යාවශ්‍ය කරුණකි. නියමිත දින නියමයන් මග හැරීම, ප‍්‍රතිලාභ ගොනු කිරීමට අපොහොසත් වීම හෝ බදු නොගෙවීම ශ‍්‍රී ලංකාවේ බදු අයකර ගැනීමේ නීති යටතේ දඩ මුදල් අයකර ගැනීම්, නීති රෙගුලාසි වලට අනුකූල කරවීම සහ වත්කම් අත්පත් කර ගැනීමට පවා හේතු විය හැක.
නමුත් ඒ සියල්ල හුදු අනතුරු ඇඟවීමක් පමණක්ම නොවේ. බදු වලට අනුකූල වීමේ බලවත් වාසියක් ද තිබේ. පිරිසිදු බදු වාර්තාවක් පවත්වා ගැනීම මඟින් ඔබේ ව්‍යාපාර සඳහා ණය පහසුකමක් ලබා ගැනීමේදී, විදේශගත වීමේදී හෝ රජයේ සහාය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේදී ඔබට ඇති අවස්ථා වැඩි කරයි. එය ඔබේ ව්‍යාපාරයේ කීර්ති නාමය ගොඩනඟන අතර බැංකු ඇතුළු විවිධ හවුල්කාර පාර්ශවයන්ට ඔබ පිළිබඳ විශ්වාසවන්තභාවය සහ ඔබේ අනාගත සැලසුම් පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් ගොඩනඟයි.
කාන්තා ව්‍යවසායකයෙකු ලෙස මෙහිදී වඩාත්ම වැදගත් පියවර වන්නේ කුමක්ද? එනම්, බදු පිළිබඳ කාරණා තෙවැනි පාර්ශවයකින් ඔබේ අවධානයට යොමු කරන තෙක් බලා නොසිටීමයි. ඔබ සෑම විටම ආරම්භක පියවර තබන්න. TIN අංකයක් ලබා ගැනීම, ඔබේ ව්‍යාපාරයට අදාළ වන බදු මොනවාද යන්න තේරුම් ගැනීම සහ බදු උපදේශකයෙකුගෙන් සහාය ලබාගෙන ඔබ බදු පිළිබඳ කාරණා සපුරා ඇත්දැයි විමසා දැනගැනීම ඉතා වැදගත් වේ. එය හුදු නීති රීති වලට අනුකූල වීම පමණක් නොව, පාලනය, විශ්වාසය සහ දිගුකාලීන සාර්ථකත්වය පිළිබඳ සලකුණක් වේ.
මෙම ප‍්‍රායෝගික අවබෝධය, බදුකරණ විශේෂඥ අසිසිරි ප‍්‍රදීප් මහතා විසින් මෑතකදී NDB බැංකුවේ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීමේ වැඩසටහන් සැසියකදී බෙදා හදා ගන්නා ලදී. ඔහුගේ මග පෙන්වීම යටතේ සංකීර්ණ බදු සංකල්ප, තම ව්‍යාපාර කටයුතු විධිමත් කිරීමට සහ පුළුල් කිරීමට සූදානම් කාන්තාවන් සඳහා වටිනා උපදේශනයක් වීය.
ශ‍්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුවේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් අංගයක් ලෙස, කුසලතා ඉහළ නැංවීමේ මෙම වැඩසටහන කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට පමණක් නොව, ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඒවා පවත්වාගෙන යාමට සහ වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා ප‍්‍රවේශ විය හැකි, සැබෑ දැනුමක් සපයයි.
සෑම කාන්තා ව්‍යවසායකයෙකුටම වර්ධනය වීමට, එක් එක් ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට අනුවර්තනය වීමට සහ සමෘද්ධිමත් වීමට අවශ්‍ය, මූල්‍ය සහ මූල්‍ය නොවන සහයෝගය ලබාදීම තුළින් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට සහාය වීමේ මෙහෙවරෙහි NDB බැංකුව නොසැලී සිටී. කාන්තා ව්‍යවසායකත්ව ඉහළ නැංවීමේ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://www.ndbbank.com/banking-on-women/vanithabhimana](https://www.ndbbank.com/banking-on-women/vanithabhimana) වෙත පිවිසීමෙන් හෝ 0765699251 හි තිෂානි ඇමතීමෙන් ලබාගත හැක.
