
විද්‍යුත් වාණිජ්‍ය කටයුතුවල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ.
උපකාරී නියාමන පරිසරයක් ඇති කිරීම මඟින් සුවිශේෂී ආර්ථික ප්රතිලාභ ලැබෙන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් වාණිජ්‍ය කටයුතුවලින් බදු ආදායම රැස් කිරීම සංවිධිත කිරීම රජය විසින් සිදු කළ යුතුවේ.
විද්‍යුත් වාණිජ්‍ය වේදිකා ඔස්සේ කෙරෙන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රේගු නිෂ්කාශන කාර්ය පටිපාටියේ ඇතැම් දුර්වලතා හඳුනාගෙන මෑතකදී ශ්‍රී ලංකා රේගුව විසින් සිය රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය සංශෝධනය කර ඇත.
එය ක්‍රියාත්මක කිරීම තුළින් උද්ගත වී ඇති ප්‍රමාද වීම්, ඉහළ ගිය ගනුදෙනු පිරිවැය, මහජන විශ්වාසය පළුදු වීම, මිලගණන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්වයන් විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවන් භාවිත කරන්නන්ගේ අතෘප්තිමත්භාවයට හේතු වී තිබේ.
විශේෂයෙන්ම, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් බලපෑමට ලක්ව ඇත.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.