අමෙරිකානු තීරුබදු ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිවේදනයක්

Spread the love

අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය පැවසුවේ, තීරුබදු අනුපාතය අඩු කිරීම, අමෙරිකාවට අපනයනය කිරීම සඳහා කලාපීය තරගකරුවන්ගේ තීරුබදු ව්‍යුහයට සමීප කිරීම සඳහා රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් ලෙස සලකන බවය.

විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අගෝස්තු 1වනදා වනවිට තවදුරටත් අඩු කිරීමක් ලබා ගැනීම සඳහා අමෙරිකානු පරිපාලනය සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසද රජයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ඵලදායී සංවාදය, කර්මාන්ත ප්‍රතිපෝෂණය සහ සම්බන්ධීකරණ උපදේශනය තුළින් රජයේ උත්සාහයන්ට සහායදීමට සූදානම් බවද ලංකා වාණිජ මණ්ඩලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *