
අපනයනකරුවන්ට හානියක් නොවන ලෙසත් ආර්ථිකයට බලපෑමක් නොවන ලෙසත් ඇමරිකා එක්සත් ජනපදය පනවන ලද නව තීරුබදු ප්‍රතිපත්තියට යම් සංශෝධනයක් සිදුකර ගැනීමට රජයට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවක් පවතින බව කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කරන ලද තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝකයම සෙළවීමකට ලක් වූ බවත් ආර්ථික වශයෙන් බලවත් රටවල් පවා යම් කම්පනයකට ලක් වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සඳහා සාකච්ඡා කිරීමට දින 90ක කාලයක් ලබා දී ඇති බවත් එම දින 90ක කාලය එළඹෙන ජූලි 9 වැනි දිනෙන් අවසන් වන බවයි.
එසේම රජය, රටට වාසිදායක වන ලෙස මෙන්ම හානි අවම වන ලෙස කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.