NDB පොල් වගාකරන ගොවීන් සවිබල ගැන්වීම සඳහා ‘කප්රුක ආයෝජන’ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දෙයි

Spread the love

ශ‍්‍රී ලංකාව පුරා පොල් වගාව සහ ඒකාබද්ධ ගොවිතැන් ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුමක් වන ‘කප්රුක අයෝජන’ ණය යෝජනා ක‍්‍රමය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) සමඟ සම්බන්ධ වීම පිළිබඳව NDB බැංකුව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික මුලපිරීම ජාතියේ කෘෂිකාර්මික අංශයට සහාය වීම සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීමට දේශීය ගොවීන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව කැපවී සිටියි.

ශ‍්‍රී ලංකාවේ පොල් කර්මාන්තය දේශීය වශයෙන් ජීවනෝපායක් ලෙස සහ අපනයන ආදායම් උත්පාදනය යන දෙකෙහිම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම අංශයේ නිෂ්පාදනය වැඩි කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා ඉහළ යන අවශ්‍යතාවයට සරිලන සැපයුමක් සහතික කිරීම සඳහා නව පොල් වගාවන් ඇති කිරීම, පවතින පොල් ඉඩම් සංවර්ධනය කිරීම සහ නවීන, ඵලදායී කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම සඳහා ‘කප්රුක අයෝජන’ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇත.

මෙම යෝජනා ක‍්‍රමය යටතේ, සුදුසුකම් සපුරන ගොවීන් සඳහා 8% ක ඉතා සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 7 ක් දක්වා ණය පහසුකම් ලබා ගත හැකි අතර, මාස 12 ක් දක්වා සහන කාලයක් ඇතුළුව වසර 5 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්ද හිමිවේ. මෙම නවතම මූල්‍ය යෝජනා ක‍්‍රමය හුදෙක් ණය පහසුකමක් පමණක් නොව එය කෘෂිකර්මාන්ත  ක්ෂේත‍්‍රයේ, ග‍්‍රාමීය සංවර්ධනයේ සහ ආර්ථික ස්ථාවරත්වයේ අනාගතය සඳහා සිදු කරනු ලබන දිගුකාලීන ආයෝජනයකි.

කප්රුක අයෝජන ණය යෝජනා ක‍්‍රමය මඟින් ගොවීන් සඳහා පොල් වගාවේ විවිධ අංශයන් සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙයි,

  • නව පොල් වගාවන් සහ අතුරු බෝග වගාවන් සමඟ නැවත වගා කිරීම
  • පස හා තෙතමනය සංරක්ෂණය
  • පොහොර යෙදීම සහ බෝග ආරක්ෂාව
  • කෘෂි ළිං සහ වාරිමාර්ග පද්ධති ස්ථාපිත කිරීම
  • පශු සම්පත් සහ උපකරණ ඇතුළුව පොල් මත පදනම් වූ ඒකාබද්ධ ගොවිතැන් පද්ධති
  • තවාන් සංවර්ධනය සහ ගොවිපල යන්ත්‍රෝපකරණ සැපයීම
  • මහා පරිමාණ පොල් වගා ව්‍යාපෘති (තාක්ෂණික ඇගයීමට යටත්ව)

මෙම ණය යෝජනා ක‍්‍රමය හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍යම වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප‍්‍රධානී, උප සභාපති ඉන්දික රණවීර මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ ජාතියේ ශක්තිය අපගේ ගොවි ප‍්‍රජාවන්ගේ සමෘද්ධිය තුළ පවතින බව NDB බැංකුවේ අපි විශ්වාස කරමු. කප්රුක ආයෝජන ණය යෝජනා ක‍්‍රමය තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයට, ඵලදායිතාවය ඉහළ නැංවීමට සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට වටිනා දායකත්වයක් ලබා දීමට අපගේ පොරොන්දුව පිළිබිඹු කරනවා. සියළු දෙනාට ප‍්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මූල්‍යකරණ පහසුකම් තුළින්, අපගේ පොල් වගාකරුවන්ගේ හැකියාව සඳහා සහාය දීම අපගේ අරමුණයි.’’

ශ‍්‍රී ලාංකික ගොවීන් සඳහා වගකිවයුතු මූල්‍ය හවුල්කරුවෙකු ලෙස, ණය අයදුම්පත‍්‍රයේ සිට මුදල් ලබා දීම දක්වා ක‍්‍රියාවලියේ සෑම පියවරක්ම විනිවිදභාවයෙන්, වෘත්තීයභාවයෙන් සහ සැලකිල්ලෙන් සිදු කරන බව NDB බැංකුව සහතික කරයි. පුළුල් ශාඛා ජාලයක් සහ කැපවූ නිලධාරීන් කණ්ඩායමක් සමඟින්, සෑම පොල් ගොවියෙකුටම සාර්ථකත්වය කරා යාම වෙනුවෙන් මඟ පෙන්වීමට සහ සහාය දීමට බැංකුව සූදානම්ව සිටී.

කප්රුක අයෝජන ණය යෝජනා ක‍්‍රමය සඳහා අයදුම් කිරීමට කැමති ගොවීන්ට වැඩිදුර ඉගෙන ගැනීමට සහ කෘෂිකාර්මික විශිෂ්ටත්වය කරා යන ගමන ආරම්භ කිරීමට ළඟම ඇති NDB බැංකු ශාඛාවට පැමිණෙන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *