ආර්ථික අර්බුදයෙන් පසු ලංකාවේ ගෘහ ඒකක 54.9%ක් ණය බරට

Spread the love

දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හා ගෑස් පෝලිම් මැද ආර්ථික අර්බුදය මෙරට වෙසෙන සෑම ජන කොටසකට ම පාහේ බලපෑමක් ඇති කළේ ය. එය මෙරට ජනගහනයෙන් 15.1%කගේ රැකියා අහිමි කර ඇති අතර 22%ක පිරිසක් ණය බරට යොමු කර ඇත. එය 54%ක පිරිසකගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල කර ඇති අතර රෝගීන්ට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට පවා හේතු වී තිබේ.

මේ පිළිබඳ නිශ්චිත තොරතුරු ආනාවරණය වූයේ, ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාවට සිදුවූ බලපෑම පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – 2023 ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය – මැයෙන් පවත්වන ලද සමීක්ෂණයේ අවසන් වාර්තාවෙනි.

මැයි 14 වන දා නිකුත් කළ එම වාර්තාවට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු කුටුම්භවලින් 22%ක් ණය බරින් මිරිකී සිටිති. කෙසේ වෙතත්, මෑත කාලීන සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ නිවාසවලින් සැලකිය යුතු කොටසක්, එනම් 54.9%ක් පමණ, දැනට ණය බරින් පෙළෙන බව ය.

2022- 2023 කාලසීමාව තුළ ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලැබීමෙන් පසු එහි වඩාත් ම අභියෝගාත්මක ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ ය. මෙහි ආරම්භය 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා දිවෙන අතර එය COVID – 19 වසංගතය සමග තවදුරටත් උග්‍ර වූ බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS), මුදල් අමාත්‍යාංශය, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ 2023 ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය පවත්වන ලදී.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS), මුදල් අමාත්‍යාංශය, ආර්ථික ස්ථායීකරණ, ජාතික ප්‍රතිපත්ති සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමග එක්ව, ශ්‍රී ලංකාවේ 2023 වසරේ ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ත සමීක්ෂණය සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා සංගණන කොට්ඨාස 644කින් නිවාස ඒකක 6,440ක නියෝජිත නියැදියක් මෙම සමීක්ෂණයට යොදා ගෙන තිබිණි. එය නාගරික, ග්‍රාමීය සහ වතු අංශ මෙන් ම ඒක පුද්ගල නිවාස ඇතුළු විවිධ වර්ගයේ නිවාස ආවරණය කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් සිදුවූ බලපෑම

සමීක්ෂණයේ ප්‍රධාන සොයාගැනීම්වලින් පෙනී යන්නේ කුටුම්භවලින් සියයට 60.5 ක් ඔවුන්ගේ මුළු කුටුම්භ සාමාන්‍ය මාසික ආදායම අඩු වී ඇති බවත් සියයට 36.6 ක් කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්ය. කුටුම්භවලින් සියයට 3.4 ක් පමණක් ඔවුන්ගේ ආදායමේ වැඩිවීමක් වාර්තා කර ඇත.

සමීක්ෂණයේ ප්‍රධාන සොයාගැනීම්වලින් පෙනී යන්නේ, කුටුම්භවලින් 60.5%කට ඔවුන්ගේ සාමාන්‍ය මාසික ආදායම අඩු වී ඇති බවත් 36.6%කට කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ය. කුටුම්භවලින් 3.4%ක් පමණක් ඔවුන්ගේ ආදායමේ වැඩිවීමක් වාර්තා කර ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණයෙන් හෙළි වූයේ, සියයට 91.1 ක පවුල් ඔවුන්ගේ  සාමාන්‍ය මාසික වියදමේ වැඩිවීමක් අත්විඳ ඇති බවයි. ආර්ථික අර්බුදයේ බලපෑම නොතකා, ආසන්න වශයෙන්, කුටුම්භවලින් සියයට 5.3 ක් ඔවුන්ගේ මුළු වියදම නොවෙනස්ව පවතින බව දක්වා ඇත. එහෙත්, කුටුම්භවලින් සියයට 3.6 ක් පමණක් ඔවුන්ගේ මුළු වියදමේ අඩුවීමක් දක්නට ලැබුණි.

ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණයෙන් හෙළි වූයේ, 91.1%ක පවුල් ඔවුන්ගේ සාමාන්‍ය මාසික වියදමේ වැඩිවීමක් අත්විඳ ඇති බව ය. ආර්ථික අර්බුදයේ බලපෑම නොතකා, ආසන්න වශයෙන්, කුටුම්භවලින් 5.3%ක් ඔවුන්ගේ මුළු වියදම නොවෙනස්ව පවතින බව දක්වා ඇත. එහෙත්, කුටුම්භවලින් 3.6%ක් පමණක් ඔවුන්ගේ මුළු වියදමේ අඩුවීමක් ඇතැයි සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ආර්ථික කටයුතුවල නියැලී සිටින පුද්ගලයින්ගෙන් 15.1% ක් රැකියා අහිමිවීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
එය (ප්‍රධාන සහ/හෝ ද්විතීයික) අංශයෙන් වාර්තා වී තිබේ.

ආර්ථික කටයුතුවල නියැලී සිටින පුද්ගලයින්ගෙන් 15.1%ක් රැකියා අහිමිවීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

එය (ප්‍රධාන සහ/හෝ ද්විතීයික) අංශයෙන් වාර්තා වී තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු කුටුම්භවලින් සියයට 22 ක් ණය බරින් මිරිකී සිටිති.

ණයගැතිභාවය

ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු කුටුම්භවලින් 22%ක් ණය බරින් මිරිකී සිටී.

මේ අතර, මෑත කාලීන සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ නිවාසවලින් සැලකිය යුතු කොටසක්, එනම් 54.9%ක් පමණ, දැනට ණය බරින් පෙළෙන බව ය.

මෙයින් අදහස් කරන්නේ, රටේ නිවාසවලින් අඩකට වඩා වැඩි සංඛ්‍යාවකට ඔවුන් කළමනාකරණය කිරීමට හෝ ගෙවීමට උත්සහ කරන මූල්‍ය බැඳීම් හෝ හිඟ ණය ගෙවීමට ඇති බව ය.

ණය බරින් වැඩි ම ප්‍රතිශතය උකස් කටයුතු නියෝජනය කරන අතර එහි අගය 31%කි.

ණය බරින් දෙවන විශාලතම කොටස බැංකු ණය වන අතර එය 21.9%ක් වේ.

මුදල් ණයට ලබා දෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ද සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන අතර එය, පිළිවෙළින් 9.7%ක් සහ 8.7%කි.

මෑත කාලීන ආර්ථික අර්බුදය රටේ ආර්ථිකයට, දෛනික ජීවිතයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සෘජුව හා වක්‍රව බලපා ඇත. ඉන් පුද්ගලයින්ගෙන් 54.9%කගේ  (වයස අවුරුදු 3 - 21) අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇත.

මෑත කාලීන ආර්ථික අර්බුදය රටේ ආර්ථිකයට, දෛනික ජීවිතයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඍජුව හා වක්‍රව බලපා ඇත. ඉන් පුද්ගලයින්ගෙන් 54.9%කගේ (වයස අවුරුදු 3 – 21) අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇත.

අර්බුදයෙන් පාසල් අධ්‍යාපනයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා වැඩිපුර ම භාවිත කරන උපාය මාර්ග ගැන ද සමීක්ෂණයෙන් ආනාවරණය කර තිබේ.

ඒ අනුව නව පොත්පත් හා ලිපි ද්‍රව්‍ය මිල දී නොගැනීම හෝ අඩු කරන ලද ප්‍රතිශතය 53.2%කි.

නව නිල ඇඳුම් මිල දී නොගැනීම හෝ අඩු කරන ලද ප්‍රතිශතය 44%ක් වන අතර, උපකාරක පන්ති ගණන අඩු කරන ලද ප්‍රතිශතය 40.6%කි.

මෙම කාල පරිච්ඡේදය තුළ ජනගහනයෙන් 29.1% ක් පමණ යම් ආකාරයක රෝගාබාධයකට මුහුණ දී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.මෙම අභියෝගාත්මක පරිසරය හේතුවෙන් ඉන්ධන සහ ප්‍රවාහන ගැටළු මෙන්ම ඖෂධ සහ ප්‍රතිකාර ද්‍රව්‍ය හිඟයක් ද සැලකිය යුතු ගැටළු ලෙස මතු වී ඇතැයි වාර්තාවේ සඳහන් ය.

මෙම කාල පරිච්ඡේදය තුළ ජනගහනයෙන් 29.1%ක් පමණ යම් ආකාරයක රෝගාබාධයකට මුහුණ දී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. මෙම අභියෝගාත්මක පරිසරය හේතුවෙන් ඉන්ධන සහ ප්‍රවාහන ගැටලු මෙන් ම ඖෂධ සහ ප්‍රතිකාර ද්‍රව්‍ය හිඟයක් ද මතු වී ඇතැයි වාර්තාවේ සඳහන් ය.

උපුටා ගැනීම – bbc.com/sinhala

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *