සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනාගැනීම 2025 Nestle Golden Chef’s Hat තරගාවලිය අරඹයි

Spread the love

නෙස්ලේ ලංකාහි Nestle Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීපව්‍යාප්ත Nestle Golden Chef’s Hat තරගාවලිය සංවිධාන කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමද පසුගියදා සිදු විය.

මෙහිදී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් 2025 Nestle Golden Chef’s Hat තරගාවලියේ වෘත්තීය කාණ්ඩය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය. ඒ යටතේ දිවයින පුරා කලාප 9ක තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කලාපීය තරග වටයන්හිදී මේ දක්වා දිවයිනේ ප්‍රමුඛ පෙළේ හෝටල් නියෝජනය කරමින් හැකියාවන්ගෙන් පිරිපුන් සූපවේදීන් 180කට අධික ප්‍රමාණයක් සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.

මෙම වසරේදී ප්‍රථමවරට ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ එක්ව Nestle Professional විසින් Junior Nestle Golden Chef’s Hat තරගාවලියද සංවිධාන කරන ලදි. එය මෙරට හෝටල් කර්මාන්තයේ නියැළී සිටින සිසු සිසුවියන්ගේ හැකියාවන් ඉහළ නැංවීම හා හෙට වසේ සූප ශාස්ත්‍ර විශිෂ්ටයින් නිර්මාණය කිරීම අරමුණු කරගත්තකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆාන් මහතා සඳහන් කර සිටියේ “මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය සඳහන් කළ හැකියි.

ආහාරයන්හි පෝෂණය තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ආයතනයක් ලෙස අප මෙම වැඩසටහන හරහා මෙරට ආධුනික හා තරුණ සූපවේදීන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට මෙන්ම ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ සඳහා ලංකා සූපවේදීන්ගේ සංසදය හා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාම සතුටුයි. මෙම තරගය සේවක ප්‍රජාව තුළ දියුණුව හා ප්‍රජා දායකත්වය උදෙසා අවශ්‍ය කුසලතා හා ප්‍රායෝගික අත්දැකීම් සමඟින් තාරුණ්‍ය ශක්තිමත් කිරීමේ අපගේ Nestlé Needs YOUth වැඩසටහනෙහි අරමුණද මනාව පිළිබිඹු වනවා. Nestlé Golden Chef’s Hat තරගාවලිය ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළටම ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව හෝටල් ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහාද සුවිසල් පිටිවහලක් වනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙනි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *