NEDA – Herbline රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

Spread the love

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මීරිගම, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පුහුණු පාඨමාලාවට අදාළව මනාලියන් දැක්ම සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අප්‍රේල් මස 02 වැනි දින මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (ව්‍යවසාය ප්‍රවර්ධන) ශෂික ද මෙල් මහතා සහභාගී වූ අතර මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට අනුබද්ධව සේවයේ නියුතු මීරිගම, දිවුලපිටිය සහ මිනුවංගොඩ ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් විසිනි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *