
ISFA අතිරේක අධ්යක්ෂ ජනරාල් සෝනියා චෞද්රි
- ෆ්‍රැන්චයිසින් කිරීම / franchising අසාර්ථක වීමට ඉඩක් නොමැති බව ඔප්පු කරන ලද ව්‍යාපාර ආකෘතියක්. එය තරුණයින් සඳහා තිරසාර සහ ඉහළ වැටුප් සහිත රැකියා සහතික කරයි.
- ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය දැනුමෙන් තරුණයින් සන්නද්ධ කිරීමේදී ෆ්රැන්චයිසිං හි කාර්යභාරය ඉතා සුවිශේෂය.
- ශ්‍රී ලංකාව තුළ ෆ්‍රැන්චයිස් සමාගම් ප්‍රමාණවත් නොවන හෙයින් ෆ්‍රැන්චයිස් ආයෝජනයට හිතකර ව්‍යාපාර පරිසර පද්ධතියක් රජය විසින් නිර්මාණය කළ යුතුය.
- ප්‍රාග්ධන හිඟයන් අත්විඳින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට ෆ්‍රැන්චයිස් ආයෝජනයට හැකිය.
ශ්‍රී ලංකාවේ ෆ්රැන්චයිසින්කරණය දිරිමත් කිරීම ආර්ථික ප්‍රකෘතිය වේගවත් කරන බව බව ඉන්දියානු කුඩා ව්‍යාපාර සහ ෆ්‍රැන්චයිස් සංගමයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් සෝනියා චෞද්රි Sonya Chowdhry පැවසුවාය.
ඉන්දියානු කුඩා ව්‍යාපාර සහ ෆ්‍රැන්චයිස් සංගමය / Indian Small Business & Franchise Association – ISFA විසින් පසුගිය අප්‍රේල් 27 වැනි චික සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ෆ්‍රැන්චයිස් ප්‍රදර්ශනයේදී / Lanka Franchise Show පිළිගැනීමේ දේශනය පවත්වමින් ඇය මේ බව පෙන්වා දුන්නාය.
සෝනියා චෞද්රි අවධාරණය කළේ ආර්ථික ප්‍රකෘතිය උත්තේජනය කිරීම සඳහා අඩු අවදානම් සහ ඔප්පු කළ ප්‍රවේශයක් ලෙස ෆ්‍රැන්චයිසින් කිරීමේ විභවය, 2025 දී 5%ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් කරා ශ්‍රී ලංකාව තල්ලු කරන බවයි.
ෆ්‍රැන්චයිසින් කිරීම සෘජු හා වක්‍ර රැකියා දෙකම සපයන පරීක්ෂා කරන ලද ව්‍යාපාර ආකෘතියක් ඉදිරිපත් කරන බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය. සංසිද්ධි දෙක අතර වෙනස සඳහන් කරමින්, සෘජු රැකියා ෆ්‍රැන්චයිස් අලෙවිසැල් ක්‍රියාත්මක වීමෙන් පැන නගින අතර වක්‍ර රැකියා සැපයුම් දාමයෙන් සහ සහායක සේවාවලින් ලැබෙන බව ඇය පෙන්වා දුන්නාය.
“වර්තමානයේ ශ්‍රී ලංකාවේ තරුණයින් මිලියනයක් පමණ සිටින අතර සැලකිය යුතු පිරිසක් ත්‍රිරෝද රථ පැදවීම වැනි අවිධිමත් අංශවල නියැලී සිටින අතර අනෙක් අය සීමිත හා අඩු වැටුප් සහිත රජයේ රැකියා අපේක්ෂා කරති. මෙම ප්‍රවණතාවය තරුණයින් සඳහා රැකියා අවස්ථා පරතරයක් ඉස්මතු කරනවා” සෝනියා සඳහන් කළාය.
වර්ධනය වන මෙම අර්බුදය වළක්වා ගැනීම සඳහා අධි අවදානම් සහිත, භාවිතයට නොගත් මුලපිරීම්වලට වඩා ෆ්‍රැන්චයිසින් වැනි ඔප්පු කළ ව්‍යාපාර රාමුවක රාජ්‍ය ආයෝජනය සිදු කිරීම ඵලදායී බවට ඇය තර්ක කළාය.
“මෙයට හේතුව, ෆ්‍රැන්චයිසින් කිරීම තරුණයින්ට රැකියා නිර්මාණය කරනවා පමණක් නොව, ෆ්‍රැන්චයිසර් විසින් සපයනු ලබන ස්ථාපිත පද්ධති සහ මෙහෙයුම් ප්රමිතීන් තුළ ව්‍යාපාර හිමිකර ගැනීමට සහ කළමනාකරණය කිරීමට මෙම පුද්ගලයින්ට අවස්ථා ලබා දෙනවා. මෙයට ෆ්‍රැන්චයිසර් හි ප්‍රධාන මධ්‍යස්ථානයෙන් අඛණ්ඩ පුහුණුව, අලෙවිකරණය සහ මෙහෙයුම් සහාය වැනි සහාය ඇතුළත් වන අතර, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ට සහාය වන අතරම අවදානම් සැලකිය යුතු ලෙස අඩු කරනවා” ඇය පෙන්වා දුන්නාය.
තරුණ බලගැන්වීමට අමතරව, IFSA අතිරේක අධ්යක්ෂ ජනරාල්වරිය, ෆ්‍රැන්චයිසින් කිරීම හරහා නුදුරු අනාගතයේ දී ව්‍යවසායකත්වය ප්රජාතන්ත්රවාදී කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළාය.
“නවෝත්පාදනය, වෘත්තීය ස්වාධීනත්වය සහ අසීමිත දළ දේශීය නිෂ්පාදිත වර්ධනයට ෆ්‍රැන්චයිසින් කිරීම පහසුකම් සපයනවා” ඇය අවධාරණය කළාය.
ස්ථාපිත සංවිධානයක සම්පත් සහ විශේෂඥතාව උපයෝගී කර ගැනීමට ප්‍රදේශවාසීන්ට ඉඩ දීමෙන්, වේගවත් වෙළඳපළ ප්‍රවේශයක් සක්‍රීය කිරීම සහ මුල සිටම ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා සම්බන්ධ ඉගෙනුම් වක්‍රය අවම කිරීම මගින් ව්‍යවසායකත්වය පෝෂණය වේ.
කෙසේ වෙතත් ෆ්‍රැන්චයිස් සමාගම් ප්‍රමාණවත් නොවීම ඇය පිළිගන්නා අතර, එය ප්‍රාග්ධන හිඟයට හේතුවක් බව ඇය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇය, “ශ්‍රී ලංකා රජය මෑතකදී කුඩා හා ක්ෂුද්‍ර ව්‍යවසායන් සහ විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investment – FDI) ප්‍රතිපත්ති සඳහා සහාය දැක්වීම සඳහා ප්‍රතිපත්ති ආරම්භ කර ඇත්තේ ෆ්‍රැන්චයිසින් සඳහා හිතකර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා යි. කෙසේ වෙතත් (විශේෂයෙන්) ක්ෂුද්‍ර ව්‍යවසායකයින් ආරම්භ කිරීමට පමණක් නොව පවත්වා ගැනීමට ප්‍රමාණවත් අරමුදල් සහ යටිතල පහසුකම් සැපයීමේදී අභියෝග පවතිනවා”
බැංකු අංශය තුළ වැඩිදියුණු කළ ප්‍රතිසංස්කරණ කළ යුතු බව දචෞද්රි ඉල්ලා සිටියාය. “රජයට පමණක් ප්‍රමාණවත් අරමුදල් සඳහා ප්‍රවේශය පහසු කළ නොහැකි බව පැහැදිලියි, ණය විකල්පවල විවිධත්වයට ඉඩ සලසමින් බැංකු පද්ධතියේ වැඩි දියුණු කළ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි”
විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (mall and medium-sized enterprises – SME) තුළ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ තාක්ෂණික විශේෂඥතාවක් නොමැතිකම නිරීක්ෂණය කළ ඇය, ණය හරහා ප්‍රාග්ධන උපකරණ සඳහා ඇති අවශ්‍යතාවය අවධාරණය කළ අතර අංකුර ව්‍යවසායකයින්ගේ දැනුම ගොඩනැගීම අරමුණු කරගත් වැඩසටහන් සඳහා ඉල්ලා සිටියාය.
“ෆ්‍රැන්චයිසින් මගින් ඉහළ සාර්ථකත්ව අනුපාත සහිත අඩු ප්‍රාග්ධන ආයෝජන අවස්ථා ලබා දීමෙන් මෙම පරතරය පියවා ගත හැකි අතර, එමඟින් රජයේ උත්සාහයන් සම්පූර්ණ කර සමස්ත ආර්ථික වර්ධනයට දායක විය හැකියි. එබැවින්, ෆ්‍රැන්චයිසින් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට රජය වග බලා ගැනීම ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ෆ්‍රැන්චයිස් ව්‍යාපාර ගණන 10 ගුණයකින් වර්ධනය කළහොත්, අපට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය දෙගුණ කළ හැකියි”
රජය විසින් ගනු ලබන දැනට පවතින පියවර පිළිබඳව අදහස් දක්වමින්, IFSA අතිරේක අධ්යක්ෂ ජනරාල්වරිය, අවසානයේ දේශීය ෆ්‍රැන්චයිස් සංවර්ධනයට උපකාරී වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයෝජන සඳහා වත්මන් පරිපාලනයේ කැපවීම කෙරෙහි බලාපොරොත්තුව පළ කළාය.
“නිවැරදි සහයෝගය සහ යටිතල පහසුකම් සමඟින්, ෆ්‍රැන්චයිසින් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ මුල් ගළ බවට පත්විය හැකියි. රැකියා නිර්මාණය කිරීම, තරුණයින් බලගැන්වීම සහ ව්‍යවසායකත්වයේ සංස්කෘතියක් පෝෂණය කිරීම ඒ හරහා සිදුකළ හැකියි. ෆ්‍රැන්චයිසින් කිරීම වැළඳ ගැනීමෙන්, ශ්‍රී ලංකාවට වඩාත් ඔරොත්තු දෙන සහ විවිධාංගීකරණය වූ ආර්ථිකයකට මග පෑදිය හැකියි” ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.



මූලාශ්‍රය – https://www.ft.lk/business/Expert-says-franchising-Sri-Lanka-s-safest-bet-for-achieving-swift-economic-growth/34-775892