ලංකා බැංකුව අන්තර්ජාතික SME දිනය සමරයි

Spread the love

අන්තර් ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දිනය සමරමින් ලංකා බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැඩසටහන් රැසක් සංවිධානය කරයි.

ඒ අනුව කොළඹ ලංකා බැංකු මූලස්ථානය අසල ඩච් රෝහල් පරිශ්‍රය ඉදිරිපිට 25, 26, 27 තෙදින තුළ ලංකා බැංකුවේ සහාය ඇතිව ව්‍යවසායන් පවත්වාගෙන යන ව්‍යවසායකයන් ඒකරාශී කොට සුවිශේෂී වෙළෙඳපොළක් සංවිධානය කොට තිබේ. මෙම සුවිශේෂී වෙළෙඳපොළ පෙරේදා, ඊයේ සහ අද දින අතිශය සාර්ථක අන්දමින් සංවිධානය කොට පැවති අතර මේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශාල පිරිසකට වෙළෙඳපොළක් හිමිවී තිබූ අතර නව ව්‍යාපාරික අවස්ථා ඇති කරගැනීමට අවස්ථාව උදාවී තිබිණි. SME පොළ නැරඹීමට පැමිණ සිටි ලංකා බැංකු මූලස්ථානයේ ප්‍රධාන අනුකූලතා නිලධාරී ප්‍රශාන්ති රත්නායක මහත්මිය දිනමිණට අදහස් දක්වමින් පවසා සිටියේ ආර්ථිකයේ ප්‍රමුඛ අංශයක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමට මෙවැනි අවස්ථා නිර්මාණය කිරීමට හැකිවීම සතුටට කරුණක් බවයි.

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඊළඟ අදියර වෙත ගමන් කිරීමට අවැසි ශක්තිය ලබාදීමට නම් මෙවැනි අවස්ථා නිරතුරුව හිමිකරදිය යුතුයි. විශේෂයෙන්ම ඔවුන්ට නව වෙළෙඳපොළක් හිමිකර ගැනීමට ගැනුම්කරුවන් මුණගැසීම වැනි අවස්ථා පුළුල් කිරීමට මෙවැනි සංවිධානය කිරීම් වැදගත් ”

මෙම SME පොළ සඳහා ඇඟලුම්, කැවිලි වර්ග, මූර්ති නිමැයුම්, වියළි ආහාර වර්ග, මූර්ති හා කැටයම් වර්ග ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර මෙන්ම පළාත් කිහිපයක් නියෝජනය කරමින් ව්‍යවසායකයින් සහභාගි වී සිටියහ. මෙම ව්‍යාපාරික පරිශ්‍රය මෙන්ම කුටි සියල්ල සඳහා ලංකා බැංකුවේ අනුග්‍රහය දක්වා තිබේ. මෙම SME පොළට සාපේක්ෂව මහනුවර සහස් උයන පරිශ්‍රයේදී 26, 27, 28 තෙදින SME සායනය සහ SME පොළක් පැවැත්වෙයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *