
ගෝලීය රෙදිපිළි සහ ඇගළුම් වැඩසටහන ( GTEX 2 ) යටතේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව ජාත්‍යන්තතර වෙළඳ මධ්‍යස්තානය ( ITC) විසින් සමාජ අනුකූලතාවය පිළිබඳ එක් දින වැඩමුළුවක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී සාර්ථකව පැවැත්විණ.
GTEX 2 වැඩසටහන යනු, ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තයේ සංවර්ධනය සදහා ස්විස්ටර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO), ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සිය (SIDCA) සහ ජාත්‍යන්තර වෙළද මධ්‍යස්තානය (ITC) , ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ( EDB) සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි.
මෙම වැඩමුළුව හරහා ප්‍රමුඛ ඇඟලුම් අපනයනකරුවන්, අනුකූලතා වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් එක්රැස් කරමින්, වෙනස් වන ගෝලීය නීතිමය රෙගුලාසි පිළිබඳ අවබෝධය ලබා දීම සහ අනුකූලතා කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික උපාය මාර්ග සොයා ගැනීම සාකච්ඡා කෙරිණ.
මෙම වැඩමුළුවට ITC හි රෙදිපිලි හා ඇගළුම් ඒකක ප්‍රධානි මතියස් නැප්පේ මහතා (Mr. Matthias Knappe – Head, Fibres, Textiles and Clothing Unit, ITC), ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් මහතා (Mr. Olivier Praz -Deputy Head of Mission, Embassy of Switzerland), අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ JAAF හි මහ ලේකම් යොහාන් ලෝරන්ස් යන මහත්වරුන් සහභාගි වූහ. එහිදි ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ දිගුකාලීන තරඟකාරිත්වය සහතික කිරීමේදී අනුකූලතාවයේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළහ.
එරන්ති ප්‍රේමරත්න මහත්මිය (සමාජ අනුකූලතා නායිකා, GTEX SL, ITC) විසින් ගෝලීය අනුකූලතා භූ දර්ශනය පිළිබඳ අදහස් දැක්විය. තව ද අනුකූලතා අභියෝග ජය ගැනීමට තිරසාරභාවය හා ඔරොත්තු දීමේ හැකියාව භාවිත කරන ආකාරය පිළිබඳ MAS HOLDINGS හි අනුකූලතා සහ සමාජ තිරසාරභාවය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍යාමාලි ලියනගේ සහ බ්‍රැන්ඩික්ස් ඇපරල්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු විනුර ජයවර්ධන විසින් සාකච්ඡා කෙරිණ.
අභ්‍යන්තර විගණන හා සැපයුම්කරුවන්ගේ නිරීක්ෂණ වැඩිදියුණු කිරීම සඳහා අනුකූලතා කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම, ප්‍රායෝගික මෙවලම් භාවිතය පිලිබද පුහුණුවක් ලබා දිම මෙහිදි සිදු විය. නව්‍යා විජේවික්‍රම මහත්මිය (GTEX SL, ITC) විසින් අඛණ්ඩ අනුකූලතා හැකියාව වර්ධනය සඳහා ඩිජිටල් අධ්‍යාපන අවස්ථා භාවිතය පිළිබඳ විස්තර කළාය.
මහාචාර්ය Knappe සහ GTEX ශ්‍රී ලංකා – ජාතික ව්‍යාපෘති සංවිධායක රෝෂන් පිරිස් මහත්මිය විසින් වැඩසටහනේ අවසන් කතාව සිදු කළහ. එහිදි ITC ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට සහය දීම සිදු කරන බව අවධාරණය කෙරිණ.
මෙම වැඩමුළුව ශ්‍රී ලංකාවේ තිරසාර හා සමාජ අනුකූල සැපයුම් පද්ධතියක් ගොඩ නැගීමේ මූලික පියවරක් ලෙස සැලකේ.