
ජූනි දිනට (27) යෙදෙන ලෝක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක දිනය වෙනුවෙන් ලංකා බැංකුව BOC SME Trade Fair 2025 සංවිධානය කළේය.
කොළඹ DUTCH Hospital පරිශ්‍රයේ දී අද (25 වැනිදා) ආරම්භ කළ මෙම ප්‍රදර්ශනය ජූනි 27 වැනිදා දක්වා පැවැත්වේ.
එහි සමාරම්භක උළෙලට සහභාගි වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සහ සේවා අලෙවි කර ගැනීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර සන්නාම ජාත්‍යන්තර තලයට ගෙනයාමට ලංකා බැංකුව ලබාදෙන මාර්ගෝපදේශකත්වය පිළිබඳව එහි ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ඩී ලියනගේ මහතා අදහස් පළ කළේය.
ලංකා බැංකුවේ සහය ඇතිව ව්‍යාපාර ක්ෂ්ත්‍රයට පිය නැගූ දීප ව්‍යාප්ත ව්‍යවසායකයන් අතුරින් ව්‍යාපාරිකයන් තෝරාගෙන මෙම අලෙවි ප්‍රදර්ශනය පැවැත් වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.