
“ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කිරීම” තේමා කොට ගනිමින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන “Voyage Sri Lanka 2025” සාමුද්‍රීය සමුළුව, ඔක්තෝබර් මස 16 වන දින කොළඹ කින්ග්ස්බරි හෝටල් පරිශ්‍රයේ පැවැත්මවීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. මෙම ජාත්‍යන්තර සාමුද්‍රීය සමුළුවට 10% ක වට්ටමක් සහිතව ලියාපදිංචි විය හැකි අවසාන දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත.
Voyage Sri Lanka මංගල සමුළුව 2024 වසරේදී සාර්ථකව පැවැත්විණි. මෙම වසරේදී දෙවන ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එයට රටවල් 12 ක 300 කට අධික පිරිසකගේ සහභාගීත්වය සහිතව පැවැත්වීමට නියමිත වේ.

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ප්‍රවර්ධනය අරමුණු කොට ගත් මෙම වසරේ සමුළුවේදී, නැව් තැනීම සහ අලුත්වැඩියා කිරීම, අක්වෙරළ සේවා ප්‍රවර්ධනය, බෝට්ටු තැනීම, අක්වෙරළ ආශ්‍රිත ව්‍යාපෘති (Off-shore wind farming), ධීවර හා ජල ජීවී වගාවන්, සහ නාවුක සංචාරක ව්‍යාපාරය (Nautical tourism) යන අංශයන් වෙත අවධානය යොමු කෙරේ. සමුළුව සඳහා ව්‍යවසායකයින්, ආයෝජකයින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුළු රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ විවිධ පාර්ශවකරුවන් ද සහභාගී වීමට නියමිතව ඇත.
තිරසාර නීල ආර්ථිකයකින් ශ්‍රී ලංකාවට උපරිම ඵල නෙලා ගැනීමට මෙම සමුළුව වැදගත් වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සාගර ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන වැදගත් අවස්ථාවන් සොයා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් සමුළුව තුළ සංවිධානය කර තිබේ. එම සාකච්ඡා වට තුන, “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයට උපායමාර්ගික දොරටුවක් ලෙස ත්‍රිකුණාමලය වරායෙහි ඇති ශක්‍යතාවය සහ නව අවස්ථාවන්”, “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අක්වෙරළ ආශ්‍රිත ස්වභාවික වායු සහ ගෑස් ගවේෂණයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය”, සහ “ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදනය සහ නාවික සංචාරක කර්මාන්තය නීල ආර්ථිකයට සමගාමීව දියුණු කළ හැකි ආකාරය” යන තේමාවන් යටතේ පැවැත්වීමට නියමිත වේ.
ලංකාව කේන්ද්‍ර කොට ගත් සාමුද්‍රීය සේවා යටිතල පහසුකම් හා නාවුක සංචාරක ව්‍යාපාර සඳහා, ජාත්‍යන්තර ආයෝජනයන් ආකර්ෂණය කරගැනීමටත්, එසේම ඉන්දියානු සාගර කලාපය ආවරණය කෙරෙන තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමටත් Voyage Sri Lanka 2025 සමුළුව ඔස්සේ ඉඩ ලැබෙනු ඇත.
එසේම නවෝත්පාදිත බෝට්ටු ප්‍රදර්ශන, ආයෝජක හමුවීම් සහ කර්මාන්තයේ පාර්ශවකරුවන් සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති ජාලකරණ සැසිවාරයන් (B2B & Networking) සඳහා ද සහභාගී වීමට මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබට හැකියාව ලැබෙනු ඇත.
Voyage Sri Lanka 2025 සමුළුව පිළිබඳව දැනගැනීමටත්, සමුළුව සඳහා ලියාපදිංචි වීමටත් හැකියාව Voyage Sri Lanka නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා දී තිබේ. මේ සඳහා ඉක්මනින්ම ලියාපදිංචි වන්නන් හට 10% ක විශේෂ වට්ටමක් ලැබෙන කාල සීමාව 2025 සැප්තැම්බර් 15 වන දින දක්වා දීර්ඝ කර තිබෙන අතර, එදිනට පෙර ලියාපදිංචි වී ඔබගේ ආසනය තහවුරු කර ගත හැක.
ගෝලීය නීල ආර්ථික හැකියාවන් ඔස්සේ තම ව්‍යාපාරය සවිබල ගැන්වීමටත්, ව්‍යාපාරික අනුග්‍රාහකත්වයන් සහ නව අවස්ථාවන් හඹා යෑමටත් උත්සුක වන ඔබට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.
Voyage Sri Lanka 2025 සමුළුව සඳහා නිල අනුගාහක දායකත්වය,
- නිල බැංකු සහකරු – සෙලාන් බැංකුව
- නිල බන්කරින් සහකරු – Lanka Maine Services
- රජත අනුග්‍රාහකත්වය – Lanka IOC, Hayleys Advantis Ltd, ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලය
- විසින් සපයනු ලබයි.
- නිල වෙබ් අඩවියට ප්‍රවේශය: http://www.voyagesrilanka.lk