
පියවරක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ස්ථාපිත කර තිබෙන වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද දින (ඔක්තෝබර් 14) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් එරන්දික දිසානායක මහතා, වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ මහත්මිය, වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායට එක් එක් ආයතන නිර්දේශ කළ රාජ්‍ය නිලධාරීන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු ඇතුළු නිලධාරීන් සහභාගී විය.
ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සපයන රාජ්‍ය අංශයේ ආයතන 38ක නියෝජිතයන්ගෙන් කාර්ය සාධක බලකාය සමන්විත වේ. එහි ප්‍රධාන පරමාර්ථය වන්නේ කෙටිම කාලයක් තුළ මෙම අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් මෙහෙයුම් ගැටළු හඳුනා ගැනීම සහ අපනයනකරුවන් මුහුණ දෙන බාධක සඳහා විසඳුම් සෙවීමයි.
මෙම මුලපිරීම හරහා වෙළඳ ක්‍රියාවලීන් විධිමත් කිරීම, අපනයන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය උත්සාහ කරයි. වෙළඳ බාධක අවම කිරීම සහ සියළුම රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම මගින් අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ තුළ ඔවුන්ගේ තරඟකාරිත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම සහයෝගිතා ප්‍රයත්නය අපනයනකරුවන්ට ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රශස්ත කිරීම සඳහා තොරතුරු, සම්පත් සහ විසඳුම් සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට අපේක්ෂා කරන අතර අවසානයේදී රටට වැඩි අපනයන ආදායමක් උත්පාදනය කිරීමේ අපේක්ෂාවයි.
