
ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ආදී කරුණු සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව කලාපයේ සාර්ථකම ආයෝජන ගමනාන්තය බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි.
ඇමරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායන්හි ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගෙන් සමන්විත 23 දෙනෙකුගෙන් යුත් ඉහල පෙලේ එක්සත් ජනපද දූත පිරිසක් හමුවේ හේරත් මහතා මේ බව පැවසීය.මෙම දූත පිරිසට හඩ්සන් ආයතනයේ, ඇමරිකානු ව්‍යවසාය ආයතනයේ සාමාජිකයින් සහ තාක්‍ෂණ හා මානව ප්‍රාග්ධන සංවර්ධන අංශ නියෝජනය කරන විධායක නිලධාරීන් ඇතුළත් විය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා , රජය විසින් මේ වනවිටත් ආර්ථික වර්ධනය වැඩිදියුණු කරන අතරම සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට කටයුතු කරයි. දැඩි ලෙස වෙළඳපොළ නැඹුරු වන අතරම , මූල්‍ය විනය සහතික කිරීම, දූෂණය තුරන් කිරීම සහ යහ පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සමීපව කටයුතු කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් පථය ශක්තිමත්, ඉදිරි දැක්මක් ඇති සහ ව්‍යාපාර සඳහා මේ වනවිටත් විවෘතව පවතින බව අවධාරනය කළේය.
ඇමරිකානු දූත පිරිස වෙනුවෙන් අදහස් දැක්වූ, මහාචාර්ය මීඩ් මහතා ඉතා කෙටිකලක් තුල ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ජයග්‍රහනයන් පිළිබදව සිය ප්‍රසාදය ඵලකළ අතර විවිධ කේෂ්ත්‍රයන්හි ආයෝජන පිළිබදව තම පිරිසගේ අවධානය යොමු වන බව පැවසීය.
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති මෙම හමුවේ ප්‍රධානත්වය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ඉසිලූ අතර ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හඩ්සන් ආයතනයේ මහාචාර්ය වෝල්ටර් රසල් මීඩ් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද දූත පිරිසක් මීට එක් වූහ. ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ වේගයෙන් විකාශනය වන භූ දේශපාලනික භූ දර්ශනයක ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූමිකාව කෙරෙහි සාකච්ඡා කේන්ද්‍රගත විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, කලාපීය ස්ථානගත කිරීම සහ සංවර්ධන ප්‍රමුඛතා තේරුම් ගැනීමට උනන්දුවක් දක්වන එක්සත් ජනපදයේ ව්‍යාපාරික නායකයින්, ආයෝජකයින්, අන්තර්ගත සංවර්ධකයින් සහ ප්‍රතිපත්ති විශේෂඥයින් තම දූත පිරිසට ඇතුළත් වූ බව මහාචාර්ය මීඩ් පැහැදිලි කළේය. ආයෝජන වාතාවරණය, තාක්‍ෂණික භාවිතය සහ දේපළ වෙළඳාම් සංවර්ධනය ඇතුළු පුළුල් පරාසයක මාතෘකා පිළිබඳව නියෝජිත පිරිසේ සාමාජිකයින් ගතික සාකච්ඡාවක නිරත විය.
ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වාසි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කළේය: ඉහළ උගත් සහ පුහුණු කළ හැකි, ඉංග්‍රීසි කතා කරන ශ්‍රම බලකායක්, නැගෙනහිර-බටහිර ප්‍රධාන නැව් මාර්ග ඔස්සේ උපායමාර්ගික ස්ථානයක් සහ සැපයුම්, පුනර්ජනනීය බලශක්තිය, තාක්ෂණය, ඖෂධ, ඛනිජ, ඇඟලුම්, සංචාරක සහ දේපළවෙළඳාම් සංවර්ධනය වැනි ඉහළ වර්ධන අංශවල තරඟකාරී අවස්ථාද, උපායමාර්ගික ආයෝජන තවදුරටත් පෝෂණය කිරීම සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත නියාමන ප්‍රතිසංස්කරණ මගින් සහාය දක්වන, තාක්ෂණය, රෙදිපිළි සහ ඖෂධ සඳහා විශේෂිත ආර්ථික කලාප, නව ඩිජිටල් ආර්ථික මුලපිරීම් සහ වරාය සැපයුම් සහ කාර්මික යටිතල පහසුකම්වල පුළුල් අවස්ථා ඇතුළු ඉදිරි මුලපිරීම් කිහිපයක් ද නිලධාරීන් විසින් ගෙනහැර දැක්වීය.
source:adaderana.lk
