Shaktiman India සමාගමේ නවතම කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Spread the love

ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktiman බේලරය සහ Dhaan Mitram රොටවේටරය යන යන්ත්‍ර දෙකයි. Overseas Automotive පුද්. සමාගම විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 2025 ජූලි 31 දින පවත්වන ලද කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයේදී මෙම යන්ත්‍ර නිල වශයෙන් එළිදක්වන ලදි. මෙය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීමේ උත්සාහයේ නව පරිඡේදයක ආරම්භය සනිටුහන් කරනු නිසැකය.

මෙම අවස්ථාවට Shaktiman India සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් වන රඝුපති රෙඩ්ඩි සහ උත්තම් කුමාර් නායක් යන මහත්වරුන්ද සහභාගී වූ අතර, ඔවුහු නව යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යන්ත්‍රෝපකරණ අලෙවිකරුවන් සහ ගොවීන් දැනුවත් කිරීමටද පියවර ගත්හ.

මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයන්, ගොවීන්, යන්ත්‍රෝපකරණ අලෙවිකරුවන් සහ කාර්මික ශිල්පීන් ඇතුළුව 150 කට අධික පිරිසක් සහභාගී වූහ. උත්සවය විවෘත කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් සහ වවුනියාව පළාත් සභා මන්ත්‍රී පී. තවරාසා යන මහත්වරුන් විසිනි. මෙබඳු සම්භාවනීයයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීම, උතුරු නැගෙනහිර ප්‍රදේශවල කෘෂිකර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් මෙය ප්‍රදර්ශනය කෙතරම් වැදගත්ද යන්න තහවුරු කරන මනා සාක්ෂියකි.

කිලිනොච්චි ප්‍රදේශයේ පරන්තන් මංසන්ධිය අසල ස්ථාන දෙකකදී උත්සවයේ මූලික කටයුතු සහ යන්ත්‍රෝපකරණවල ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සිදුකරන ලදි. ඉන් අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවය සහ දිවා ආහාරය සඳහා ආරාධිතයෝ කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි Bharathi Resort වෙත පැමිණියහ.

බේලර් යන්ත්‍ර යනු සත්ව ආහාර, කොම්පෝස්ට් නිෂ්පාදනය, ජෛව ස්කන්ධ බලශක්ති උත්පාදනය සහ අනෙකුත් ප්‍රායෝගික භාවිතයන් සඳහා පිදුරු පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි කුඩා මිටි බවට පත්කරන යන්ත්‍ර වර්ගයකි.  ගොවීන්ට කුඹුරුවල ඉතිරි පිදුරු පිළිස්සීම වෙනුවට මේ ආකාරයට වෙනත් භාවිතයන් සඳහා යොදාගැනීමට අවස්ථාව ලැබීම, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් විට අතිශය තිරසාර පියවරක් ලෙස හැඳින්විය හැක. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීමේ උත්සාහය තුළ වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

Dhaan Mitram අඩි 9 රොටවේටරය යනු විශාල ප්‍රමාණයේ කුඹුරුවල බිම් සකස් කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහාම නිෂ්පාදනය කර ඇති යන්ත්‍රයකි. එහි ඉහළ ක්‍රියාකාරීත්වය, පුළුල් වපසරියක් ආවරණය කිරීමට හැකි වීම සහ අඩු ඉන්ධන පරිභෝජනය නිසා එය ගොවීන්ට කාලය සහ මුදල් ඉතිරි කර දෙයි.

“මෙවැනි ජාත්‍යන්තර තලයේ යන්ත්‍ර දෙකක් ප්‍රථම වරට ශ්‍රී ලංකාව හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. ගොවීන්ගේ පිරිවැය අවම කර ඔවුන්ගේ ඵලදායීතාව වැඩි කරන අතරම වඩාත් තිරසාර සහ තාක්ෂණය මූලික කරගත් අනාගතයක් වෙත පිවිසීමට ඔවුන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම යන්ත්‍ර නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ආරම්භයක් පමණයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තවත් ජාත්‍යන්තර නවෝත්පාදන රැසක් හඳුන්වා දීමට අප සූදානම්.” Overseas Automotive පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අස්විනාෂ් රාමචන්ද්‍රන් මහතා පැවසීය.

ඡායාරූපය (වමේ සිට) – Shaktiman Agro සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් වන රඝුපති රෙඩ්ඩි සහ උත්තම් කුමාර් නායක්, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් සහ Overseas Automotive පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අස්විනාෂ් රාමචන්ද්‍රන් යන මහත්වරුන්

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *