
ජා-ඇල ප්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳ ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරිය හැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත නිවාස ණය විසඳුම් සොයන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා NDB බැංකුව නිරන්තරයෙන්ම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම උපායමාර්ගික සහයෝගීතාවය සඳහන් කළ හැක.
ජා-ඇල ප්‍රදේශයේ සමෘද්ධිමත් අර්ධ නාගරික කලාපයක පිහිටා ඇති VIMAN මහල් නිවාස සංකීර්ණය, එම ප්‍රදේශයේ වඩාත්ම ඉල්ලුමක් ඇති නේවාසික ව්‍යාපෘතියක් ලෙස කැපීපෙනෙන අවධානයක් දිනාගෙන තිබේ. අක්කර හයක් පුරා පැතිරී ඇති මෙම නවීන මහල් නිවාස ඒකක 418කින් සමන්විත වේ. මේ වන විට සමස්ත ව්‍යාපෘතියෙන් ඒකක 75%ක් දැනටමත් විකුණා අවසන්ව ඇති VIMAN ව්‍යාපෘතිය, නවීන නාගරික ජීවිතය සහ සන්සුන් ස්වාභාවික වටපිටාව දෙක මුසු වූ හැඟීමක් එක් කරයි. සෑම නිවාස ඒකකයක්ම සුවපහසුව, පෞද්ගලිකත්වය අතර සමතුලිතතාවයක් මනාව කැටිකර ගනිමින් නිර්මාණය කර ඇති මෙම 3 වන අදියරේ නිවාස නිදන කාමර 2 සහ නිදන කාමර 3 නිවාස ඒකක වශයෙන් ලබා ගත හැකිය.
NDB බැංකුව මඟින් මෙම නව මහල් නිවාස මිල දී ගැනීම සඳහා 100% ණය පහසුකමක් ලබාදීමෙන් එම නිවාස මිල දී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් හට මූලික වියදම ලෙස විශාල මුදලක් අවශ්‍ය නොවීම නිසා තම සිහින නිවස ඔවුන්ගේ කර ගැනීම සඳහා ප්‍රවේශය ඉතා පහසු වී තිබේ. විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ බැංකුවක් ප්‍රමුඛ පෙළේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා මෙවැනි 100% මූල්‍යකරණ පහසුකමක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වන අතර එය පාරිභෝගිකයා මූලික කොටගත්, මූල්‍ය නවෝත්පාදන අංශය සඳහා නව පූර්වාදර්ශයක් සනිටුහන් කරයි. ණය පහසුකම පූර්ව අනුමත ඉදිකිරීම් කාලසටහනකට අනුකූලව මුදාහරිනු ලබන අතර, පැවරුම් ඔප්පුවල නිසි ලෙස පැවරීම් කටයුතු අවසන්වීමෙන් පසු අවසාන වාරිකය නිකුත් කෙරේ. 2027 වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින්,
මෙම ක්‍රියාවලිය නිවාස මිල දී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් හට වඩාත් නම්‍යශීලී සහ මනසේ සාමය යන දෙකම සහතික කරයි.