SME Development සම්මාන උළලේ නිල බැංකු සහකරු NDB

Spread the love

ශ‍්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් පවන්වනු ලබන 2024 SME Development සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස සම්බන්ධවීමට ලැබීම පිළිබඳ NDB බැංකවු ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටියි.

මෙම සුවිශේෂී හවුල්කාරිතවය ජාතියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත‍්‍රය මෙහෙය වීමට දායක වන ව්‍යවසායකයින්ගේ කැපවීම සහ ඔවුන්ගේ අලෙවිකරණ විශිෂ්ටත්වය හඳුනා ගනිමින් ඒ සඳහා සහාය දැක්වීමේ NDB බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිඹිබු කරයි.

අඛණ්ඩව දෙවන වසරටත් පවත්වනු ලබන SLIM SME Development සම්මාන උළෙල, SLIM ආයතනයේ  “ Restart” වැඩසටහන යටතේ පුරෝගාමී මුලපිරීමක් වන අතර, අලෙවිකරණය, සන්නාමකරණය සහ විකුණුම් උපායමාර්ග යන අංශයන්ගේ සුවිශේෂී හැකියාවන් පෙන්වනු ලබන ක්ෂුද‍්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ඇගයීම සහ නඟාසිටුවීම අරමුණු කරයි.

වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ විවිධ කර්මාන්ත 14ක්  නියෝජනය කරන ක්ෂේත‍්‍රයන් සඳහා විශේෂිත ඇගයීම් සම්මාන ඇතුලූ පුළුල් පරාසයක් තුළ මෙම සම්මාන පිරිනැමීම සිදු කරයි. මෙම සම්මාන වැඩසටහන මඟින් තොරතුරු තාක්ෂණය, ඩිජිටල් සහ ඔන්ලයින් වෙළඳාම, කෘෂිකර්මාන්ත සහ කිරි නිෂ්පාදන, පාරිභෝගික භාණ්ඩ , FMCG නිෂ්පාදන, ආගන්තුක සත්කාර, අපනයනය, B2B, සෞඛ්‍ය, පෝෂණ, ඇඟලූම් සහ තවත් බොහෝ ක්ෂේත‍්‍රයන් තුළ පවතින ව්‍යාපාරයන් ඉස්මතු කරමින්, ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැකියාවන් වල කැපී පෙනෙන පරාසයක් පෙන්නුම් කරයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ   “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රගතියේ ප‍්‍රධානතම හවුල්කරුවන් බව අප විශ්වාස කරන්නෙමු. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ අපගේ හවුල්කාරිතවය තුළින්, 2024 SMEDA සම්මාන උළෙලේ නිල බැංකු හවුල්කරු ලෙස අපගේ කාර්යභාරය මඟින් නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව පමණක් නොව තම ව්‍යාපාරයන් ඉහළට ඔසවා තැබීමට උත්සාහා කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ප‍්‍රයත්නයන් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි” ලෙසටය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස මෙම ශක්තිමත් ක්ෂේත‍්‍රයේ පරිණාමය වන අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් පරාසයක බැංකු විසඳුම් ඉදිරිපත් කරමින්, NDB බැංකුව දීර්ඝ කාලයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටියි. සුවිශේෂී සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක‍්‍රම වල සිට උපදේශන සහාය සහ අපනයන පහසුකම් දක්වා NDB බැංකුව ජාතියේ ව්‍යවසායක ප‍්‍රජාවගේ ප‍්‍රගතියේ සැබෑ හවුල්කරු ලෙස අඛණ්ඩව ක‍්‍රියා කරයි.

SMEDA 2024 වැනි උපායමාර්ගික සහයෝගීතවන් හරහා, NDB බැංකුව මූල්‍ය සහාය සපයන්නෙකු ලෙස පමණක් නොව, ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකත්වයේ පුරෝගාමියෙකු ලෙස නවෝත්පාදන, අලෙවිකරණ විශිෂ්ටත්වය සහ ව්‍යවසායකත්වයේ තිරසාර අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සිය කාර්යභාරය මැනවින් ඉටු කරයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *