ඉදිරි පරම්පරාවට පරිසර සුරකින්න සහ දැනුවත් කරන්න NDB බැංකුව WNPS සමඟ හවුල්වේ

Spread the love

පාරිසරික තිරසාරභාවය සහ තාරුණ්‍යය බලගැන්වීම අරමුණු කරගනිමින්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල් දහයක් දක්වා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) යෞවන අංශයේ ‘පරිසර සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා සහය වීම වෙනුවෙන් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය පිළිබඳව NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි.

මෙම හවුල්කාරිත්වය සඳහා නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ජුනි මස 20 වන දින NDB බැංකු පරිශ‍්‍රයේදී වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ  සහ බැංකුවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය. මෙම මුලපිරීම තුළින් අනාගත පරම්පරාවේ තරුණ තරුණියන් පරිසර හිතකාමී පිරිසක් බවට පත් වන අතරම ඔවුන්ගේ අරමුණු සහ බලාපොරොත්තු සඵල කරගැනීම වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්වීම අරමුණු කරමින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන වාර්ෂිකව පාසල් සිසුන් 500 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් පවත්වන අතර, අධ්‍යාපනය, නායකත්ව පුහුණුව සහ ප‍්‍රායෝගික පාරිසරික ක‍්‍රියාකාරකම් හරහා ධනාත්මක බලපෑමක් ඇතිකරයි. විශේෂ අවධානයක් යොමු කරමින් සකසා ඇති මෙම වැඩසටහන් හරහා සිසුන් ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස, පරිසර ÿෂණය සහ තිරසාරභාවය පිළිබඳව පුළුල් දැනුමක් ලබා දෙන අතරම පාසල් පාදක තිරසාර ව්‍යාපෘති සහ පුරවැසි විද්‍යා මුලපිරීම් දියත් කිරීම සඳහා අවශ්‍ය උපදේශන සහය ද ලබා දෙයි.

NDB බැංකුවේ ආයතනික තිරසාරභාවය පිළිබඳ කමිටුවේ ප‍්‍රධානී ලසන්ත දසනායක මහතා ප‍්‍රකාශ කලේ ‘‘වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය සමඟ ඇති මෙම හවුල්කාරිත්වය තිරසාරභාවය, පරිසර සංරක්ෂණය සහ සමස්ථ ජාතියම ගොඩනැගීම වෙනුවෙන් අපගේ ඇති නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි. අපි මෙම වැඩසටහන සඳහා අරමුදල් සැපයීමකින් ඔබ්බට ගොස්, හෙට දවසේ නායකයින්ගේ පරිසරස සංරක්ෂණය කෙරෙහි ඇති අවධානය ගොඩනැංවීම සඳහා ආයෝජනය කරන්නෙමු’’ ලෙසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ තරුණ අංශයේ සම සභාපති ෂොන්ටාල් මැනුවෙල්පිල්ලේ මහතා ප‍්‍රකාශ කළේ, ‘‘සමාජය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ක‍්‍රියාකාරකම් සිදුකිරීමේ දී පාසල් යනු, එහි ඉතා වැදගත් සාධකයකි. අනාගත පරම්පරාවේ නායකයින් නිර්මාණය කිරීමේදී තරුණයින්  උදෙසා පවත්වනු ලබන ‘පරිසර සංරක්ෂණය සඳහා අධ්‍යාපනය වැඩසටහන් මාලාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට WNPS තරුණ අංශය සූදානම්ව සිටියි’’ ලෙසයි.

මෙම මුලපිරීමේ මූල්‍ය සහ සන්නාම හවුල්කරුවෙකු ලෙස, NDB බැංකුව මෙම වැඩසටහන් මාලාව පුරා විවිධ ක‍්‍රියාකාරකම් සඳහා සහය වනු ඇත, ඒවා අතර,

  • පාසල්වල පවත්වනු ලබන දැනුවත් කිරීමේ සැසි
  • ක්ෂේත‍්‍ර පාදක ස්වභාව අධ්‍යාපන වැඩසටහන් සහ නැවත වන වගා කිරීමේ මෙහෙයුම්
  • බලපෑම් සහගත ශිෂ්‍ය ව්‍යාපෘති ඇගයීම සඳහා දිස්ත‍්‍රික් මට්ටමේ උපහාර උත්සව
  • ඉහළම කාර්යය සාධනයක් ඇති තරුණ තානාපතිවරුන් සඳහා විශේෂ නායකත්ව සංවර්ධන පුහුණුවක් ද ඇතුලත් වේ.

මීට අමතරව, දිස්ත‍්‍රික් තානාපතිවරුන් ලෙස තෝරා ගන්නා සිසුන්ට NDB බැංකු ගිණුම් තුළින් දීමනාවක් ලබා දෙයි. මෙමඟින්,  වගකිවයුතු බැංකුකරණය සහ වගකිවයුතු ජීවන රටාව අතර සම්බන්ධතාවය ශක්තිමත් කරයි. ස්වේච්ඡා සේවය සහ උපදේශනය තුළින් වැඩසටහනට සම්බන්ධ වීමට NDB බැංකුවේ කාර්යය මණ්ඩලය ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනු ඇත.

වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ යෞවන අංශයේ වැඩසටහන දැනටමත් දිස්ත‍්‍රික්ක කිහිපයක එහි සාර්ථකත්වය තහවුරු කර ඇති අතර, පාරිසරික සාක්ෂරතාවයෙන් යුත් තරුණයින් බිහි කිරීම සහ බිම් මට්ටමේ ක‍්‍රියාකාරකම් සඳහා ඔවුන් දිරිමත් කරයි. NDB බැංකුවේ සහයද සහිතව මෙම වැඩසටහන මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයට පිවිසෙන්නේ තරුණ නායක නායිකාවන් 100 දෙනෙකුගෙන් යුත් ජාලයක්, තිරසාර ක‍්‍රියාකාරී ව්‍යාපෘති 10 ක් සහ ජෛව විවිධත්ව අධීක්ෂණ මුලපිරීම් 10 ක් ගොඩනැගීම අරමුණු කර ගනිමිනි.

මෙම හවුල්කාරිත්වය NDB බැංකුවේ පාරිසරික, සාමාජීය සහ පාලනය පිළිබඳ තිරසාර න්‍යාය පත‍්‍රයට ද සහය ලබා දෙන අතර, එහිදී පාරිසරික ආරක්ෂාව, ප‍්‍රජා අධ්‍යාපනය සහ නායකත්ව සංවර්ධනය බැංකුවේ අරමුණු මත පදනම් වූ උපාය මාර්ගයේ අනිවාර්ය අංගයන් වේ.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිවල පමණක් නොව, පාරිසරික හා සමාජීය යහපත වෙනුවෙන් පරිවර්ථනීය බලවේගයක් බවට පත්වීමට NDB බැංකුව කැපවී සිටී. මෙම මුලපිරීම හරහා, ස්වාභාවිකත්වය ආරක්ෂා කිරීම සහ ලෝකය පිළිබඳ දැනුවත්භාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ ගෞරවය මත ගොඩනැගෙන අනාගතයක් හැඩගැස්වීම සඳහා එක්ව කටයුතු කරන ලෙස NDB බැංකුව සිසුන්ට, අධ්‍යාපනඥයින්ට සහ සමස්ථ ප‍්‍රජාවට ම ආරාධනා කරයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *