NDB බැංකුවෙන්, ශ‍්‍රී ලංකා ඔටෝමොබිල් සංගමය සඳහා සුවිශේෂී වරප‍්‍රසාද සහිත ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි

Spread the love

NDB බැංකුව ලංකා ඔටෝමොබයිල් සංගමය ( Automobile Association of Ceylon (ACC)) හි සාමාජිකයින් හට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වාදීම සඳහා ලංකා ඔටෝමොබයිල් සංගමය සමඟ හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම හවුල්කාරිත්වයේ නිල ගිවිසුම් අත්සන් තැබීමේ උත්සවය පසුගියදා NDB බැංකුවේ සහ AAC හි සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නවම් මාවතේ පිහිටි NDB ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්විය.

ඔටෝමොබයිල් සංගමය, කොළඹ හිල්ටන් හෝටල් පරිශ‍්‍රයේ සමරනු ලැබූ සුවිශේෂී සන්ධිස්ථානයක් වන සිය 120 වන සංවත්සරයේදී මෙම AAC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පත එළිදක්වනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ හිමි ප‍්‍රජාවගේ අඛණ්ඩ ප‍්‍රගතිය සමරමින් AAC හි සියවස් ගණනාවක් පුරා පැවති උරුමයට ගරු කිරීමක් වශයෙන් මෙම ඓයිතිහාසික අවස්ථාව, නව්‍ය මූල්‍යමය විසඳුම් එළිදැක්වීම සඳහා වේදිකාවක් වීය.

මෙම AAC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පත  එහි සමාජිකයින් සඳහාම සුවිශේෂයෙන් නිර්මාණය කරන ලද අතර ඔවුන්ටම වෙන් වූ ප‍්‍රතිලාභ රැසකින්ද සමන්විත වේ. මූල්‍ය පහසුවට අමතරව කාඞ්පත් හිමියන්ට පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කිරීම, පහසු ගෙවීමේ ක‍්‍රම සහ හවුල්කාර වෙළඳුන්ගේ වට්ටම් ඇතුළු සුවිශේෂී වරප‍්‍රසාද රැසක් අත්විඳිය හැක. තවද කාඞ්පත් හිමියන්ට ඔවුන්ගේ මෝටර් රථ අත්දැකීම් සහ මූල්‍ය යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා NDB බැංකුව විසින් සකස් කරන ලද තරඟකාරී මූල්‍ය සේවා සමූහයකට ප‍්‍රවේශ වීමේ හැකියාවද පවතියි.

උත්සවය අමතමින් NDB බැංකුවේ කාඞ්පත් අංශයේ ප‍්‍රධානී, සහකාර උප සභාපති, අෂාන් වික‍්‍රමනායක මහතා ප‍්‍රකාශ කළේ ‘‘මෙම සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පත් වැඩසටහන තවත් පුළුල් කිරීම සඳහා ලංකා ඔටෝමොබයිල් සංගමය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය AAC හි කීර්තිමත් සාමාජිකයින් වැනි විවිධ ප‍්‍රජාවන් සවිබල ගන්වන එක් එක් පුද්ගලයන්ටම අනන්‍ය වූ මූල්‍ය විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අපගේ ඇති කැපවීම පිළිබිඹු කරනවා’’ ලෙසයි.

1904 දී පිහිටුවන ලද ලංකා ඔටෝමොබයිල් සංගමය, මෝටර් රථ හිමියන්ගේ ප‍්‍රජාවට විවිධ සේවාවන් සපයන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මෝටර් රථ සමාජය ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි සියවසකට අධික ශක්තිමත් උරුමය සහ මෝටර් රථ හිමියන්ට සහය දැක්වීමේ සේවාවක් පමණක් නොව, රට පුරා මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය සඳහා දායකත්වය දක්වන ප‍්‍රධාන උපදේශකයෙකු ලෙසිනි.

NDB බැංකුව සහ ලංකා ඔටෝමොබයිල් සංගමය අතර ඇති මෙම සහයෝගිතාවය, නවෝත්පාදන සිදුකරමින් සහ විවිධ වූ ප‍්‍රජාවන් සඳහා වටිනාකම් නිර්මාණය කරන අර්ථවත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරයි. AAC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් නිකුත් කිරීම එම සංගමයේ උරුමයට ගෞරව කිරීමක් වන අතර ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ හිමිකරුවන්ගේ ප‍්‍රජාව සවිබල ගැන්වීමේ ඉදිරි පියවරකි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

පින්තූරය (වමේ සිට දකුණට) – ඞී. හෙට්ටිආරච්චි මහතා, දොස්තර විජය කුරේ, දම්මික ආටිගල මහතා, අශාන් වික‍්‍රමනායක මහතා (NDB) , ආසිරි සරත්චන්ද්‍ර මහතා

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *