
ඔක්තෝබර් මස 24, 25 සහ 26 යන දිනවල කොළඹ වෝටර්ස් එජ් පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති, බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසුවන Oktoberfest at the Edge 2025 සඳහා ප‍්‍රධාන හවුල්කරු ලෙස වෝටර්ස් එජ් සමඟ සම්බන්ධ වීම පිළිබඳව NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි.
ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන බැවේරියානු සංස්කෘතියේ වඩාත් විචිත‍්‍රවත් සැමරුමක් ලෙස ප‍්‍රසිද්ධ මෙම Oktoberfest at the Edge උත්සවය, සංගීතය, ආහාර සහ විනෝදාස්වාදය කැටිවුනු උත්සවශ‍්‍රීයෙන් ඇලලී යන වසරේ කැපී පෙනෙන අංගයක් බවට පත් කරයි. මෙම වසරේ ඔක්ටෝබර්ෆෙස්ට් සැමරුම වෙන කවරදාටත් වඩා ප‍්‍රීතිමත් වනු ඇති බවට අනුමාන කරන අතර, දේශීය හා ජාත්‍යන්තර පේ‍්‍රක්ෂකයින් රැසක් ආකර්ෂණය කර ගනිමින් සියලූ දෙනාගේ එකමුතුවෙන් ඉතා උත්සවශ‍්‍රීයෙන් සැමරීමට බලාපොරොත්තු වේ.
මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගොස් ප‍්‍රීතිමත් සැමරුම්, නව සම්බන්ධතාවයන් දිරිමත් කරන අත්දැකීමක් ලබා දීම සඳහා ගනුදෙනුකරුවන් සඳහා වඩා විශ්වසනීය සහකරුවෙකු බවට පත්වී සිටියි. තම වටිනා ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින්, ගෝලීය වශයෙන් සමරනු ලබන මෙම උත්සවය සමඟ බැංකුවේ සම්බන්ධය, ජනතාවගේ ජීවිතවල වඩාත්ම වැදගත් අවස්ථාවන්හි කොටසක් වීමට ඇති කැපවීම අවධාරණය කරයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ කාඞ්පත් අංශයේ ප‍්‍රධානී සහකාර උප සභාපති අෂාන් වික‍්‍රමනායක මහතා මෙසේ පැවසීය. ‘Oktoberfest at the Edge’ යනු උත්සවශ‍්‍රීයෙන්, සංස්කෘතියෙන් සහ මිත‍්‍රත්වයෙන් මිනිසුන් එකමුතු කරන සැමරුමකි. සුවිශේෂී බැංකු හවුල්කරු ලෙස, NDB බැංකුව මෙම ජාත්‍යන්තර අත්දැකීම ශ‍්‍රී ලංකාවට ගෙන ඒම සඳහා වෝටර්ස් එජ් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක් වන අතර, අපගේ ගනුදෙනුකරුවන්ට මේ සමඟ සම්බන්ධ වෙමින් සහ හොඳම ජීවන අත්දැකීම් භුක්ති විඳීමට අද්විතීය අවස්ථා උදා කර දෙයි.’
මේ පිළිබඳව අදහස් දක්වමින් වෝටර්ස් එජ් හි සාමාන්‍යාධිකාරී අයන්ත අබේසිංහ මහතා මෙසේ පැවසීය, Oktoberfest at the Edge ල අගනුවර ආශ‍්‍රිතව වාර්ශිකව පවත්වන, බොහෝ දෙනා ඉතා බලාපොරොත්තුවෙන් පසුවන සැමරුම් උත්සවයක් බවට පත්ව ඇති අතර එය බැවේරියානු සංස්කෘතිය, ආහාර සහ විනෝදාස්වාදයේ හොඳම දේ එක් කරයි. මෙම වසරේ, NDB බැංකුව අපගේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සම්බන්ධ වීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. එම අනුග‍්‍රාහක ශක්තියත් සමඟින්, අපගේ සියලූම අමුත්තන්ට සැබවින්ම අමතක නොවන අත්දැකීමක් නිර්මාණය කිරීම, ප‍්‍රජාව සහ මිත‍්‍රත්වය උත්කර්ෂවත් ලෙස සැමරීම අපගේ අරමුණයි.’
විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය තුළින් ජීවිත පොහොසත් කිරීම සහ ප‍්‍රජාවන් සවිබල ගැන්වීමේ දැක්ම සමඟ සම්බන්ධ වෙමින්, විවිධ ගනුදෙනුකරුවන් සඳහා අර්ථවත් සම්බන්ධතා නිර්මාණය කිරීමෙන් NDB බැංකුව සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගමන් කරයි.