නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අප්‍රේල් මාසයේ පහළට

Spread the love
Word PMI (Purchasing Managers Index) on cyan finance background with line and chart. Global economy concept

2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

පසුගිය වසරවල අප්‍රේල් මාසය තුළ පැවති  රටාවට අනුගත වෙමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 40.1 දක්වා පහත වැටුණි. නිෂ්පාදන, නව ඇණවුම්, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්තිය යන ප්‍රධාන උප දර්ශක පහත වැටීම හේතුවෙන්, සාමාන්‍යයෙන් ඉහළ දර්ශක අගයක් වාර්තා කරනු ලබන මාර්තු මාසයට සාපේක්ෂව සැලකීමේ දී  මෙම මාසය තුළ දී සමස්ත දර්ශකය පහත වැටුණි.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, නව ඇණවුම් උප දර්ශකයේ පහත වැටීම සඳහා උත්සව සමයේ පැවති ඉල්ලුම අඩුවීමත් සමගම, විශේෂයෙන් ආහාර හා පාන අංශයේ නව ඇණවුම් පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, නිෂ්පාදන උප දර්ශකයේ පහත වැටීමට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී බොහොමයක් කර්මාන්තශාලා සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අප්‍රේල් මාසයේ වැඩ කරන දින ගණන අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. පෙර වසරවල පැවති රටාවට අනුව නිෂ්පාදන අවශ්‍යතාවන්ට අනුකුලව නිෂ්පාදකයින් තාවකාලික ශ්‍රම සැපයුම අඩු කිරීමත් සමඟ සේවා නියුක්ති උප දර්ශකය අප්‍රේල් මාසයේ දී පහත වැටුණි. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදනය පහත වැටීමත් සමග අප්‍රේල් මාසයේදී තොග මිලදී ගැණුම් උප දර්ශකය ද පහත වැටුණි. මේ අතර, ප්‍රධාන වශයෙන්, උත්සව සමයේදී සැපයුම් දාමයන්ට ඇති වූ බාධා හේතුවෙන්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අප්‍රේල් මාසයේ දී තවදුරටත් වැඩි විය.

ඉල්ලුම් තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන් හේතුවෙන්, ඉදිරි මාස තුනක කාලය සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂා ඉහළ මට්ටමක පවතී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *