
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සැලකිය යුතු අවදානම් ඇති කළ හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අද (ජුලි 3 වැනිදා) ප්‍රකාශ කළේය.
වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ කියා සිටියේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් බවය.
“වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වූ අවදානම්වලට විසඳුම් ලබා දීමත් සමඟ, ජා.මූ. අරමුදලෙන් සහාය ලබන වැඩසටහන යටතේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතිනවා. ආර්ථිකය ශක්තිමත් වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, සංචිත ගොඩ නැඟීම සහ රාජ්‍ය ආදායම වැඩි දියුණුවීම සමඟ ප්‍රතිසංසතකරණ ඵලදායී වෙමින් පවතින බව පෙනී යනවා. ණය ප්‍රතිව්‍යූගතකරණය අවසන් අදියරට ළඟා වෙමින් තිබෙනවා. ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක වුණත් අවදානම් ඉහළ ගොස් තිබෙනවා.”
ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ IMF විධායක මණ්ඩලය සිව්වන සමාලෝචනය 2025 ජුලි 1 වැනිදා සම්පූර්ණ කළේය. අනතුරුව මීළඟ ණය වාරිකය වන (ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් පමණ) මුදල කඩිනමින් ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත්තේ ය.
ඒ අනුව ණය වැඩසටහන යටතේ මේ දක්වා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ථ ණය මුදල ඩොලර් බිලියන 1.74ක් පමණ වේ.
සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීමේදී පූර්ව ක්‍රියාමාර්ග දෙකක් ගැන අවධානය යොමු කළ බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.
“ප්‍රධාන වශයෙන් පූර්ව ක්‍රියාමාර්ග දෙකක් සැලකිල්ලට ගත්තා.ශ්‍රී ලංකා බලධාරීන් ඒ දෙකම ඉටු කර තිබෙනවා. එනම් පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම.”IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ සඳහන් කළේය.
හිඟ වියදම් තොගය හැර 2025 වසරේ මාර්තු මස අවසානය සඳහා වූ සියලු ම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බවද ඔහු පැවසීය.
මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආර්ථික වර්ධනය ශක්තිමත් වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, සංචිත වර්ධනය වීම සහ මූල්‍ය ආදායම වැඩිදියුණු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඵල දරමින් පවතින බවයි.
“ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට ආසන්නයි. ආර්ථික දැක්ම ධනාත්මක වුණත්, අවාසි සහගත අවදානම් වැඩි වෙලා තිබෙනවා” ඔහු සඳහන් කළේය.
අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සමාජ සහයෝගය දැක්වීම සඳහා එම වැඩ සටහන්වල ආවරණය තවදුරටත් දියුණු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව විසින් පිරිවැය-ප්‍රතිසාධන විදුලි මිලකරණය යථා තත්ත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි ගාස්තු ගැලපීම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම IMF අගය කළ අතර, මෙම පියවර “ප්‍රශංසනීය” සහ මූල්‍ය අවදානම් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.
ණය ප්‍රතිව්‍යුගතකරණය අවසන් වීම ආසන්නයට
ණය ප්‍රතිව්‍යූගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේවන විට ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග ද්වීපර්ශවික ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
ඒ අනුව ණය ප්‍රතිව්‍යුගතකරණය අවසන් වීම ආසන්නයට පැමිණ තිබේ.
පිස්කල් හා ණය තිරසාරභාවය සඳහා එම ක්‍රියාවලිය අවසන් කිරීම ඉතා වැදගත් බවද IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපජෝජූ කියා සිටියේ ය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාමේ ප්‍රගතිය සැලකිය යුතු කරුණක් බවත් නිල සහ වාණිජ ණයහිමියන් සමඟ ඉතිරි ද්විපාර්ශ්වික ගිවිසුම් කාලෝචිත ලෙස අවසන් කිරීම ප්‍රමුඛතාවයක් බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කළේය.
හිඟ වියදම් ගැන නිරවද්‍ය නොවන තොරතුරු සැපයීම
“විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේදී දී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවල්‍ට අනුකූල නොවන මිලදී ගැනීම් මෙන්ම, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ සිදු වූ බැඳීම් කඩ කිරීමක් ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කර තිබෙනවා. විසතීර්ණ අරමුදල් පහසුකම යටතේ පළමු, දෙවන සහ තුන්වන සමාලෝචන වලදී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබා දෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයන් විදහට අනුකූල නොවන මිලදී ගැනීම් සිදු වුණා.” ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා සඳහන් කළේය.
“ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබා දීම චේදනාන්විතව සිදු වී නොමැති අතර රේඛීය අමාත්‍යංශ විසින් මුදල් අමාත්‍යංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තා කිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ “හිඟ මුදල්” යන අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු වුණා.”
“පවතින රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හිඟ මුදල් ආපසු ගෙවීම සිදු කිරීම හරහා බලධාරීන් විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර මෙන්ම ඉදිරියේ දී හිඟ මුදල් එකතු කිරීමේ හෝ තොරතුරු නිරවද්‍ය නොවන ලෙස වාර්තා කිරීම අවදානම අවම කිරීම සඳහා නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුකූලව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම පිළිබඳව විධායක මණ්ඩලය විසින් ධනාත්මකව සලකා බැළුවා. ඒ අනුව, අනුකූල් නොවන මිලදී ගැනීම්වලට හේතුවූ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවට සහන ලබා දීමට විධායක මණ්ඩලය එකඟ වූ අතර VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ වන බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළා.” යැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
source; bbc.com/sinhala