Four I Forum නියමු ව්‍යාපෘතියේ ගම්පහ ව්‍යවසායකයින් සමඟ සුහද හමුවක්

Spread the love

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ධාරිතාව ප්‍රවර්ධනය කර, අපනයනය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ආරම්භ කළ “Four I” නියමු ව්‍යාපෘතියේ ව්‍යවසායකයින් සමඟ සුහද හමුවක් (02) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.

කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ පවතින සියලුම අංශ ඒකාබද්ධ කොට “ව්‍යවසාය සංවර්ධන අංශය” නමින් එක් අංශයක් ස්ථාපිත කරමින් ව්‍යවසායකයින් හා රාජ්‍ය අංශය අතර කටයුතු පහසු කර ඇති අතර තෙමසකට වරක් මෙම ව්‍යවසායිකයින්ගේ සුහද හමුවක් පවත්වා ප්‍රගතිය සොයා බැලීමත් සිදු කළහ.

දිවයින පුරා ව්‍යවසායකයින් 1000ක් බලගැන්වීම සඳහා ආරම්භ කරන ලද “Four I” වැඩසටහනේ නියමූ ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 100 ක් සම්බන්ධ කරගනිමින් සිදුකළ අතර එය ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් තවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් 100 දෙනෙකු නැවත සම්බන්ධ කර ගැනීමට අපේක්‍ෂා කෙරෙන බව සඳහන් වේ.

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය zoom තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ප්‍රමුඛව “Four I” ව්‍යාපෘතියේ ව්‍යවසායක කණ්ඩායම මෙයට සහභාගි වී සිටියහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *