
2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ මෙහෙවරට උර දෙන, ජාතික තලයේ වැඩසටහනක් වූ Disrupt Asia 2025 ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතී. ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමටත්, නව ව්‍යවසායකයන්ට මෙන්ම ඔවුන් සඳහා පහසුකම් සලසන පාර්ශ්වවලටත් අවස්ථාව ලබා දෙමින්, ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම Disrupt Asia වැඩසටහනේ මූලික අරමුණයි.
ඩිජිටල් කර්මාන්ත සඳහා ඇ.ඩො. බිලියන 5ක් සහ ඩිජිටල් ආර්ථිකය සඳහා ඇ.ඩො. බිලියන 15ක් වශයෙන් නිශ්චිත ඉලක්කයන් සපුරා ගනිමින් කලාපයේ නවෝත්පාදන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන බලවතෙකු වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇත. මෙම දැක්ම තුළ ඇති ප්‍රධාන කරුණු අතරට, ඇ.ඩො. මිලියන 50ක අරමුදලක් ආරම්භ කිරීම, Virtual Special Economic Zone (SEZ) නමින් විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් මැදපෙරදිග රටවල්, අග්නිදිග හා දකුණු ආසියානු රටවල් සම්බන්ධ කරන දොරටුවක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම යන කරුණු ඇතුළත් වේ.
2025 සැප්තැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වෙන මේ දැවැන්ත වැඩසටහන, කොළඹ නගරය දකුණු ආසියාවේ නවෝත්පාදනය පිළිබඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට තබන තවත් යෝධ පියවරක් වනු නොඅනුමානය. එමෙන්ම, මේ තුළ නිර්මාණශීලීත්වය, සහයෝගීතාව සහ ව්‍යාපාර ප්‍රාග්ධනය පිළිබඳ ක්‍රියාකාරකම් රාශියක් ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කරන්නට පුරෝගාමී වෙමින්, කලාපයේ තාක්ෂණික නවෝත්පාදනය හා සම්බන්ධ ප්‍රධාන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කරන මේ සුවිශේෂී වැඩසටහන සඳහා නව ව්‍යවසායකයින්, ආයෝජකයින්, ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, සමාගම්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පහසුකම් සලසන්නන් ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් ද සම්බන්ධ වීමට නියමිතය. ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන Disrupt Asia 2025 සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, MasterCard, Venture Engine, nVentures, Trace Expert City, Asaya Sands, UNDP, BOV Capital, Indian Angel Network, Lankan Angel Network, Hatch, Spike, Cinnamon Life, SriLankan Airlines සහ Dialog හවුල්කාර පාර්ශ්ව ලෙස සම්බන්ධ වීමට නියමිතය.
මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නව ව්‍යවසායක සමුළුව සහ නවෝත්පාදන වැඩසටහන වන Disrupt Asia 2025 කියන්නේ තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය තුළින් බලගැන්වෙන අනාගතයක් වෙනු වෙන් ජාතියක් වශයෙන් අපේ කැපවීම පෙන්වන සාක්ෂියක්.”