23 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව Global Finance සම්මානය ලබයි

Spread the love

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත.

ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න ගණනක මූල්‍ය ආයතන ඇතුලත් වන අතර එම සඟරාව විසින් ඒ ඒ රටවල්වල හොඳම බැංකු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් හි ලොව හොඳම බැංකු 2025 වෙළුම මගින් කොමර්ෂල් බැංකුව සමඟ ඒ ඒ රටවල්වල හොඳම බැංකු ලෙස නම් කර ඇති අනෙකුත් බැංකු අතර CBA බැංකුව (ඕස්ටේ්‍රලියාව), චයිනා කන්ස්ට්‍රක්ෂන් බැංකුව (චීනය), HSBC බැංකුව (හොංකොං), ANZ බැංකුව (නවසීලන්තය), DBS බැංකුව (සිංගප්පූරුව), SMBC බැංකුව (ජපානය), ස්ටේට් බෑන්ක් ඹෆ් ඉන්දියා (ඉන්දියාව), City බැංකුව (බංගලාදේශය) සහ CTBC බැංකුව (තායිවානය) විය.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. “නිමා වූ මූල්‍ය වර්ෂය කොමර්ෂල් බැංකුවට අසමසම සන්ධිස්ථාන රැසක් සමඟින් පරිවර්තනීය සාර්ථකත්වයක් අත්පත් කරදුන් වසරක්. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අනෙකුත් සමාජ හා දේශපාලන අභියෝග සම්බන්ධයෙන් ද එය විශේෂිත වූ වසරක්. බැංකුව අති සාර්ථක  හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 22.54 ක් රැස් කළ අතර කැපී පෙනෙන ණයකර නිකුතුවක් ද කළමනාකරණය කළේය. තවද, අපගේ විශිෂ්ඨ මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව හා වෙළඳපල විශ්වාසය ද එම වසරේ ප්‍රදර්ශණය විය. බැංකුව මෙම වසර තුළදී ජාත්‍යන්තර හා දේශීය සම්මාන 115ක් හිමිකරගත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කාන්තා ව්‍යවසායකයින්ට උපකාර කිරීම සඳහා මෙන් ම තිරසාරභාවය, ඩිජිටල්කරණය වෙනුවෙන් දියත් කළ මුලපිරීම් හරහා නව මානයන් විවර කරමිනි. එබැවින් අපි නැවත වරක් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කිරුළු පැළඳීම පුදුමයක් නොවේ.”

2025 ඔක්තෝබර් 18 වන දින වොෂින්ටන් ඩීසී හි දී පැවැත්වෙන IMF හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර පැවැත්වෙන සම්මාන උළෙලේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් හි හොඳම බැංකු ගෞරව ලැබීමට නියමිතය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *