
ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ කෑගල්ල දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත මණ්ඩලය (KDCCIA) අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් නව සහයෝගීතාවක් ආරම්භ කර තිබේ.
ආයතන දෙක අතර මෑතකදී පැවති සාකච්ඡාවකදී, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සංවර්ධන අංශ වශයෙන් හදුනාගෙන ඇති සංචාරක ක්ෂේත්‍රය සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර වර්ධනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම, කුළුබඩු වැනි ක්ෂේත්‍රයන්, අමුද්‍රව්‍ය නිෂ්පාදන මට්ටමේ සිට ඉහළ වටිනාකම් සහිත අගය එකතු කළ නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සහ ඉන් ඔබ්බට අපනයන වෙළෙඳපොළ කරා යොමුවීම දක්වා ගෙන යාමේ හැකියාව පිලිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
තම සාමාජිකයින් මුහුණදෙන අභියෝගවලට ප්‍රායෝගික විසඳුම් ලබා ගැනීම, පුළුල් වෙළඳපොළ ප්‍රවේශයක් ලබා ගැනීම, සහ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී, ප්‍රාදේශීය ව්‍යාපාර සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු වන බව සහතික කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය සමඟ සමීපව කටයුතු කිරීමට කෑගල්ල වාණිජ මණ්ඩල නියෝජිතයන් කැමැත්ත පළ කරන ලදී.
රටේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලය ලෙස, ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාවෙහි සමස්ත ආර්ථික වර්ධනයට සහාය වීමට කැපවී සිටී. කෑගල්ල වාණිජ මණ්ඩලයෙහි අවශ්‍යතාවලට ප්‍රතිචාර වශයෙන්, නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, විවිධාංගීකරණය සහ අගය එකතු කිරීම් දිරිමත් කිරීම
සඳහා කෑගල්ල ප්‍රදේශයේ ඉලක්කගත පුහුණු සැසි සංවිධානය කිරීම සඳහා ද ලංකා වාණිජ මණ්ඩලය, කෑගල්ල වාණිජ මණ්ඩලය සමඟ එක්ව කටයුතු කරනු ඇත. එමෙන්ම, වෙළඳපල ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් නිෂ්පාදකයින් සහ කොළඹ සුපිරි වෙළඳසැල් ජාල අතර සෘජු සම්බන්ධතා ගොඩනැන්වීම සඳහා ද එකඟතාවයක් ඇති විය.
පින්නවල අලි අනාථාගාරය සහ ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම් ඇතුළු ස්වභාවික ආකර්ෂණීය ස්ථාන වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව, විශේෂයෙන්ම සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා වෘත්තිමය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා සංචාරක ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයේ අවශ්‍යතාවය කෑගල්ල වාණිජ මණ්ඩලය විසින් අවධාරණය කරන ලදී.
මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මැයි 21 වන දින Trace Expert City හි පැවැත්වෙන ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සමුළුවට සහභාගී වන ලෙස ලංකා වාණිජ මණ්ඩලය, කෑගල්ල වාණිජ මණ්ඩල නියෝජිතයින්ට ආරාධනා කරන ලදී. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව, රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර එකිනෙකට ජාලගත කිරීමට , ව්‍යාපාර අවස්ථා ගවේෂණය කිරීමට හේතුවනු ඇත. මෙම සමුළුව ප්‍රාදේශීය වාණිජ මණ්ඩල, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික නායකයින් සඳහා විවෘත වන අතර, මෙය ජාතික මට්ටමේ වැඩසටහනකට සම්බන්ධ වීමේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. සමුළුව සඳහා ලියාපදිංචි වීම www.event.chamber.lk වෙත පිවිසීමෙන් සිදු කළ හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා ඉන්ෂාෆ් (075 737 4135) හෝ නිරෝෂා (071 648 1143) අමතන්න.